Ads 468x60px

.

හිරකරුවන්ට නිදහස ඉල්ලා කෝච්චියට පැන්න සිසුවා පසුපස විවිද සැක..!


ඊළම සහ දේශපාලන හිරකරුවන්ට නිදහස අවශ්‍ය බව කියමින් ලිපියක් ලියා දුම්රියට පැන දිවි නසාගත් යාපනයේ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විවිද සැක මතුවී තිබෙනවා.

මෙම ලිපිය ලියුවේ ඔහු විසින්මද යන්න සහ ඔහුගේ උවමනාවටම ද යන්න පිළිබඳව පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අකිල් නම් වන මියගිය සෙන්දුරන්ගේ හොඳම මිත්‍රයාගේ ප්‍රකාශයකින්ද මේ මරණය පිළිබඳව සැක මතුව ඇති බවයි පැවසෙන්නේ.

"අපි මේ සිද්ධිය වෙන්න කලින් දවසෙත් හම්බ වුණා. ඒ ටියුෂන් පන්තියේදී. ඒත් සෙන්දු මේ ගැන මොනවත් කිව්වෙ නෑ. සෙන්දුගෙ

හැසිරීම්වල වෙනසක්‌ තිබුණෙත් නෑ. අපි වෙන්වෙනකොට සෙන්දු කිව්වෙ හෙට ඉස්‌කෝලේ එනවා කියලා. 

ඒත් උදේ ඉස්‌කෝලෙට ආවේ නෑ.ශෝක ප්‍රකාශ වෙනුවට සෙන්දුරන්ගේ මළ ගෙදර බෙදා හැරුණේ සෙන්දුරන් ලියලා තිබුණු ලිපියේ ඡායා පිටපත්. සෙන්දුරන් තමන්ගේ මරණය සැළසුම් කළා කියලා අපිට හිතෙනවා. ඒකට හේතුව තමයි තමන් ලියපු ඉල්ලීම්වලට යටින් සෙන්දුරන් තමන් ගැන "මයිසෙල්ෆ්" කියලා එයාගේ තොරතුරුත් ලියලා තිබුණා."අකිල් සඳහන් කර ඇත්තේ එවැනි කතාවක්.

වයස අවුරුදු 18 ක පාසල් ශිෂ්‍යයෙක්‌ වන සෙන්දුරන්ගේ ගුරුවරිය වන  ශිවා, සෙන්දුරන් ගැන මෙවැනි සඳහනක් කර තිබෙනවා.

"මම සෙන්දුරන්ට කාලයක්‌ උගන්වලා තියෙනවා. එයා හරිම කීකරුයි. ගුරුවරු සැර කළාම මගෙ ළඟට එන්නේ අඬාගෙන. ඇවිල්ලා ඉකිබිඳ බිඳ එයාගේ දුක කියනවා. එයා අතින් වැරදි වෙනවා බොහෝ ම අඩුයි. සෙන්දුරන් බොහෝ ම නිවිච්චි ළමයෙක්‌. හරිම සංවේදීයි.

 
කෝච්චියට පැනලා මැරුණේ සෙන්දුරන් කිව්වම මට අදහාගන්න බැරි වුණා. එයා මැරිච්ච තැනට යන්න මගෙ හිත ඉඩ දුන්නෙම නෑ. ආරංචිය ලැබුණු ගමන් මගේ කකුල් දෙක පණ නැතුව වගේ ගියා. 


මම කවදාවත් ම විශ්වාස කරන්නේ නෑ සෙන්දුරන් මෙහෙම හිතලා දරුණු තීරණයක්‌ ගනියි කියලා. කාගේ හරි කීමකට හරි කාගේ හරි කතාබහකට හරි සෙන්දුරන් රැවටෙන්න ඇති කියලයි මම හිතන්නේ."

මේ ගුරුවරියගේ ප්‍රකාශයෙන් හැඟෙන්නේද සෙන්දුරන්ගේ  මරණය තවත් සාමාන්‍ය මරණයක් ලෙස බැහැර කළ නොහැකි බවයි.
 
Related Posts with Thumbnails