Ads 468x60px

.

සිසු ප්‍රහාරයේ වගකීම පොලීසිය බාරගනී...


HNDA සිසුන් පසුගිය 26 වැනි දා පහරකෑමට ලක්වීමේ වගකීම පොලීසිය බාරගන්නා බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතා මානව හිමිකම් කොමිසමට ප්‍රකාශ කර තිබේ.

පොලීසිය මෙම පියවර ගත්තේ පෞද්ගලික ලාබ අපේක්ෂාවෙන් නොව මහජනයා පීඩාවට පත්වීම වැළැක්වීම සහ රජයේ සහ පෞද්ගලික දේපළ ආරක්ෂා කර ගැනීමට බව හෙතෙම එම කොමිසම හමුවේ සඳහන් කර

ඇතැයි වාර්තා වේ.

සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් සිසුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල විභාග කළ අවස්ථාවේ දී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කර ඇත. මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම කොමිසම රැස් විය.

පොලීසිය වෙනුවෙන් කොළඹ ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට, කොළඹ මධ්‍යම කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොටුව, පිටකොටුව, බොරැල්ල, දෙමටගොඩ, කුරුඳුවත්ත යන පොලිස් ස්ථානාධිපතිවරුන් ඉදිරිපත් ව සිටියහ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රමුඛ පොලිස් නීතිඥවරු කණ්ඩායමක් ද පැමිණ සිටියහ. සිසුන් නියෝජනය කරමින් HNDA සිසු එකමුතුවේ කැඳවුම්කරු ධම්මික රුවන්කුමාර පැමිණ සිටියේ ය.
 
Related Posts with Thumbnails