Ads 468x60px

.

ටී, ප්ලේන් ටී, ආප්ප හා බත් ගණන් බඩට වදින්නේ මෙහෙමයි...


අය වැයෙන් මිල අඩු කළ භාණ්ඩ වල මිල ගණන් වෙළඳසැල් හිමියන් අඩු නොකළ බව කියමින් ආපන ශාලා හිමියන් ප්ලේන්ටියක් රුපියල්
15ක් දක්වාත්, කිරි තේ එකක් රුපියල් 35 දක්වාත්, ආප්පයක් රුපියල් 15 දක්වාත්, කෑම එකක මිල රුපියල් 10කිනුත් අද සිට වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් කියන්නේ කළු කඩ ව්‍යාපාරිකයින් අය වැය සහනය නොදෙන නිසා මෙම තීරණය ගත් බවයි.

රජය මේ සම්බන්ධයෙන් මැදිහත් වන තුරු මෙලෙස මිල වැඩි කිරීමට තීරණය කළ බවත්, අය වැය සහනය වෙළඳ ප්‍රජාව විසින් ලබාදුන් පසු එම මිල ගණන් සං‍ශෝධනය කරන බවත්, ආපන ශාලා හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා පවසනවා.

2016 අය වැයෙන් ගෑස් මිල රුපියල් 150කින් අඩු කිරීම ඇතුළුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 11 මිල පහත පහත දැමීමට යෝජනා කරන ලදී.
 
Related Posts with Thumbnails