Ads 468x60px

.

මව විසින් විසිකළ බිළිඳා බේරා ගත් බල්ලා (පින්තුර)


මව කසල බඳුනක විසිකර දමා ගිය බිළිඳෙකු බල්ලා විසින් බේරාගෙන රැගෙන යන මෙම සංවේදී ඡායාරූප සහිත පුවත ලොව පුරා මහත්
ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

සිද්ධිය වී ඇත්තේ කුමණ ප‍්‍රදේශයේදැයි මේ වනතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර මෙම පුවත සෞදි අරාබියේ ‘සාඩා’ පුවත්පතෙහි පළවූ ඡායාරූප වාර්තාවකි.

එහි පළවූ ඡායාරූප විස්තරයට අනුව මෙම සුනඛයා කසළ බඳුනක දමා තිබූ පෙකණි වැල සහිතව සිටි අලූත උපන් බිළිඳා කටින් ගෙන අසල නිවසකට ගොස් දොර ඉදිරිපිට බිම තබා මහ හඬින් බුරන්නට වී තිබෙනවා.

නිවැසියන් එළියට ආ පසු නිවැසියන්ට බිළිඳා පෙන්වමින් බිළිඳා අතට ගන්නා තෙක් බුරන්නට පටන්ගෙන ඇත.

ඉන්පසුව සුනඛයා විසින් අසල රෝහල පිහිටි දිශාවට නිවැසියන් යොමු වන තෙක්  දෙපැත්තට පනිමින් බුරන්නට පටන් ගෙන තිබෙනවා.

නිවැසියන් වහා බිළිඳා රෝහල්ගත කර ඇති අතර බිළිඳාගේ සිරුරේ මතුපිට සුළු තුවාල පමණක් සහිතව නිරුපද්‍රිතව සිටින බවට වෛද්‍යවරුන් පවසා ඇති බවත් සඳහන්.


 
 
Related Posts with Thumbnails