Ads 468x60px

.

ජපන් වාහන මිල අඩුවෙන කතාවේ ඇත්ත නැත්ත.


මෙරටට ගෙන්වන ජපන් වාහනවල මිල ගණන් මේ මස 11 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පහල ගොස් ඇති බව වාර්තා පෙන්වා දෙවා.

මෙසේ වාහන මිල ගණන් පහල යාමට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා රේගුව විසින් වාහන වල FOB (Free On Board)අගය එනම් (වාහනයක් නැව් ගත කරන තුරු යන වියදම වෙනුවෙන් වාහනය සඳහා තක්සේරු කරන වටිනාකම) පහත දැමීමත් සමගයි.

ඒ අනුව කලින් තිබූ FOB අගයට සාපේක්ෂව නව වටිනාකම ලක්ෂ කිහිපයකින් පහත වැටී තිබෙනවා. ඒ අනුව වාහනය මිලද පහත පරිදි

අඩුවනු ඇති.

Toyota Aqua මෝටර් රථයේ කලින් තිබූ FOB අගය ජපන් යෙන් 2,377,962 වන අතර එහි නව අගය ජපන් යෙන් 1895000 ක්. ‍මුදල් අමාත්‍යංශය පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිදුකළ වාහන බද්දේ සංශෝධනය අනුව වාහන මිල සැලකිය යුතු අගයකින් ඉහල නැග තිබුණා.

ඒ අනුව Toyota Aqua මෝටර් රථය ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ රුපියල් 770,000 කින් ඉහල ගියද දැන් නව FOB අගය අනුව එම මෝටර් රථයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 5 කින් පමණ අඩුවෙනු ඇති.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වාහන ආනයන හිමියන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ මාධ්‍යවල ප්‍රචාරයවන තරම් වාහන තක්සේරු මුදලක් අඩු නොවන බවත් මෙම ක්‍රියාපටිපාටිය 18 වැනිදා සිට ක්‍රියාත්මකවන බවයි.

ඉදිරියේදි වාහන මිල අඩුවන ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මාධ්‍යට ලබාදෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
 
Related Posts with Thumbnails