Ads 468x60px

.

අපවත්වී වදාළ සෝභිත නාහිමියෝ රෝගී වෙන්නට කලින් කලකිරීමෙන් ඉඳලා...

සෝභිත නාහිමියෝ බලාපොරොත්තුවූ මාර්ගයට වෙනස් ආකාරයෙන් වත්මන් රජය ගමන් කරන බව දුටු නිසා හදවත් සැත්කමට භාජනය වන්නට ආසන්න කාලයේ උන් වහන්සේ සිටියේ කලකිරීමකිනි. 

රෝගී වන්නට දින කිහිපයක් තිබියදී සැප්තැම්බර් මුල් සතියේ මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රාවුෆ් හකීම් සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් සමඟ කෝට්ටේ නාග විහාරයේදී පැවැත්වූ සාකච්ඡාවේදී උන් වහන්සේ එම කලකිරුණු අදහස් මතුකරන ලද්දේ පහත පරිදිය.

ව්‍යවස්ථාදායකය සහ විධායකය අතරේ අද පෙනෙන්න තියෙන ගැටුම දිගින් දිගටම පැවැතුණහොත් වෙන්නේ රටට අනාගතයක් නැති වෙන එක. මේ විදියට තනතුරු වලට පොරකන්න ගියොත් රටට පැවැත්මක්

නෑ. තනතුරු බෙද බෙදා ඉන්න තමයි වෙන්නේ. එයා කියනවා මේ අයව දාන්න කියලා. මෙයා කියනවා එයාගේ අයව දාන්න කියලා, 

මේ විදියට ඇමතිකම් දීගෙන කොච්චර කල් මෙහෙම ඉන්නද? මේ තත්ත්වය ඇතිවුණේ සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ගැටුමකින්. මේ අය අද හඩක් නඟපු අපිටත් පයින් ගහලයි වැඩ කරන්නේ.

මේ දෙගොල්ලො මොකටද එකතු වුණේ කියන එක ඉස්සෙල්ලාම ජනතාව දැනගන්න ඕන. අපි තාමත් දන්නේ නෑ ඇයි මේ අය එකතු වුණේ කියලා. පක්ෂ දෙකේ ලේකම්වරු දෙන්න අස්සන් කරපු ලියැවිල්ලේ කොහේවත් ලියවිලා නැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනා මේවයෙන් අපිට නම් පේන්නේ මේ දෙගොල්ල එකතු වෙලා තියෙන්නේ ඇමැතිකම් ටික ඛෙදාගන්න විතරයි. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිකම් ගත්තු පිරිසට අමතරව තවත් කොටසක් ඉන්නේ විපක්ෂයේ. අපි විධායකය අයින් කරන්න කියලා එකතු වෙලා කෑ ගැහුවා. දැන් ඒ අයත් එක්කම මේ කට්ටියත් එකතු වෙලා. විධායකය ශ්‍රී ලංකා. 

ව්‍යවස්ථාදායකය, යූ.එන්.පී. කොහොමද මෙහෙම දෙපිරිසක් එක ගමනක් යන්නේ? දින 100 ඉවර වෙනකොටම මේ දෙගොල්ලගේ ගැටුම් පටන් ගත්තා. ආයෙත් මූට්ටු වුණාට ඉතින් කොච්චර දුරක් යයිද කියන එක තමයි ප්‍රශ්නෙ.

19 සංශෝධනය කරනවා කියලා කළේ සම්පූර්ණ බොරුවක්. හැබැයි රනිල් මහත්තයා ඔළුව පහත් කරගෙන වැඩ කරන්න ගන්නවා වගෙත් පේනවා. යූ.එන්.පී. එකට ලේසියෙන්ම අනෙක් මන්ත්‍රි ධුර 6 අරගෙන යූ.එන්.පී. ආණ්ඩුවක් හදන්න තිබුණා. 


ඒත් විධායකයෙ බලපෑම් ආපු නිසා මෛත්‍රි මහත්තයාව තරහා කරගන්න බැරිකමට පරාද වුණු අයටත් ඇමැතිකම් දුන්නා. ඇමැතිකම් වැඩි කරපු එක ගැන ජනතාව කලකිරිලා ඉන්නේ. යූ.එන්.පී. ඇමැතිවරුත් කලකිරිලා ඉන්නේ. දැන් සජිත්ගෙන් සමෘද්ධි අයින් කරපු එක ගැන එතුමා ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ.


තව දෙයක් කියන්න ඕන. පසුගිය ආණ්ඩුවේ වැඩ ගැන කොච්චර බැන්නත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පේන්න වැඩ කොටසක් කළා. හැබැයි දැන් ඒවත් දුර්වල වෙලා යනවා. මේ ඛෙල්ලන්විල පැත්තේ ගස් හිටවලා මල් වවලා කොච්චර ලස්සන කළාද? 


දැන් වතුර දාන්නේ නැති නිසා ඒ සේරම මැරිලා යනවා.  අලූ‍ත් ඇමැති මණ්ඩලයට වගේම ආණ්ඩුවට කියන්න තියෙන්නේ තනතුරු ඛෙදා ගන්න එකම නොකර අඩුගාණේ පසුගිය කාලේ තිබුණු තත්ත්වයවත් පවත්වාගෙන යන්න උත්සාහ කරන්න කියලයි.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියෝ අපවත්වෙති

පසුගියදා බයිපාස් හදවත් සැත්කමකට බඳුන්වීමෙන් පසු අසනීප තත්වයෙන් පසුවූ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් අද උදෑසන 4.30 ට පමණ සිංගප්පූරුවේ මවුන්ට් එළිසඛෙත් රෝහලේදී අපවත් වුණා. 

අපවත්වන විට උන් වහන්සේ 73 වන වියෙහි පසුවුණා. මින් ටිකකලකට පෙර බයිපාස් හදවත් සැත්කමට බඳුන්වී විහාරයට වැඩම කර සිටි උන් වහන්සේ එම සැත්කම සාර්ථක නොවූයෙන් නැවත රෝහල් ගතවූ අතර සති ගණනාවක් මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සහ කොළඹ ද සෙන්ට්‍රල් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා. 

පසුගිය සතියේ රෝග තත්වය සංකීර්ණ වූයෙන් වැඩිදුර ප්‍රතිකාර පිණිස රජයේ අනුග්‍රහයද ඇතිව සිංගප්පූරුවේ මවුන්ට් එළිසඛෙත් රෝහල වෙත ගෙනගියේ විශේෂ ගුවන් යානයකිනි.

ලංකාවේ විශේෂඥ වෛද්‍යවරයෙකුද උන් වහන්සේ සමග ගමන් කළ අතර උන්වහන්සේගේ ප්‍රතිකාර සඳහා එරට විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනෙකු කටයුතු කළා.

නමුත් රෝග තත්වය සමනය කරන්නට ඔවුන් ගත් උත්සාහයන් අසාර්ථකවූ අතර අද උදෑසන උන්වහන්සේ ජීවිතයෙන් සමුගත්තා.

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක ලෙස කටයුතු කළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ මහින්ද රාජපක්ෂ රජය අවසන් සමයේ පොදු අපේක්ෂකයෙකු නිර්මාණය කර එම රජය පෙරළීම වෙනුවෙන් සංවිධාන ශක්තිය ගොඩනැගූ අතර එම කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස රජය වෙනස් කරන්නට හැකියාව ලබාගත්තා. 

එනමුත් වත්මන් රජයේද අඩුපාඩු විවේචනය කරමින් ප්‍රතිපත්ති අනුව කටයුතු කළ උන් වහන්සේ නිතරම නිවැරදි මාවතට රට ගෙනයාම වෙනුවෙන් කැපවුණා.

1942 මැයි නව වැනි දා මාදුළුවාව ගමේ දී සෝභිත හිමියෝ උපත ලබා ඇත. දරුවන් තිදෙනෙකුගේ පවුලක එකම පිරිමි දරුවා විය. පියා පතිරගේ දොන් අප්පුහාමි ය. මව කරලිනාහාමි ය. සෝභිත හිමියන්ගේ ගිහි නම පී ඩී රත්නසේකරය. 1955 දී සසුන් ගත වු සෝභිත හිමියෝ 1962 දී උපසම්පදාව ලැබූහ.

සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට රජය සැලසුම් කොට තිබේ. උන්වහන්සේගේ දේහය අද (08දා) රාත්‍රී 9.15ට පමණ දිවයිනට වැඩම වීමට නියමිතය.

පසුව දේහය ජයරත්න මල්ශාලාවට වැඩම කර හෙට (09දා) අලූයම 2.00ට පමණ උන්වහන්සේ වැඩ සිට කෝට්ටේ ශ්‍රී නාගවිහාරය වෙත වැඩම කරවීමට නියමිතය.

පූජ්‍ය සෝභිත හිමියන්ගේ ආදාහන පුජෝත්සවය ලබන බ්‍රහස්පතින්දා (12) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රිඩාපිටියේ දී පස්වරු 3 ට  පවත්වන්නට කටයුතු සූදානම් කරන බව වාර්තා වනවා.12 වන බ්‍රහස්පතින්දා ජාතික ශෝක දිනයක් ලෙසද රජය ප්‍රකාශයට පත් කර තිබේ.

සෝභිත නාහිමියන්ගේ 70 වන ජන්ම දිනය වෙනුවෙන් නිර්මාණයවූ ගීතය පහතින්

 
Related Posts with Thumbnails