Ads 468x60px

.

අයවැය මගින් ඉලෙක්ට්‍රික් කාර් ගැන තැබූ බලාපොරොත්තු බිඳ දැමූ හැටි...


විදුලිය සහ දුරකථන ගාස්තුත් ඉහළට

මෙවර අයවැය මගින් වාහන මිල අඩුකරනු ඇතැයි ජනතාව තුළ ඇති කළ බලාපොරොත්තු නැවත වාරයක් රජය සිඳ බිඳ දැමුවේය. බොහෝ අය හයිබි්‍රඩ් කාර් ගැන ඉලෙක්ට්‍රික් කාර් ගැන තැබූ බලාපොරොත්තුද දැන් සොයාගන්නට නැත.

ලංකාවේ මේ වනවිට විදුලි බලයෙන් ක්‍රියාකාරන මෝටර් රථ 2072 ක් තිබේ. ඒවායින් 2011 ක්ම නිසාන් ලීෆ් වර්ගයයි. අයවැයේ ලක්ෂ 25 ක

බදු වලින් පසු ලීෆ් මෝටර් රථයේ මිල රුපියල් ලක්ෂ 50 ඉක්මවා යනු ඇත.

විදුලියෙන් පමණක් දුවන මෝටර් රථ ලංකාවේ භාවිතයට ගත්තේ නාගරික ඉහළ පන්තියයි.ඔවුන්ගේ නිවසේ දෙවන වාහනය ලෙස එය භාවිතයට ගෙන ඇති බව සමීක්ෂණ වලින් පෙන්වාදී ඇත.

ඒ නිසා එවැනි පන්තියක අයට ලොකු බද්ධක් ගැසීම අවාසියක් නොවන බව රජය කල්පණා කර ඇත. කෙසේ වෙතත් බටහිර රටවල් අගය කරන ඉන්ධන පිරිමැස්ම, පරිසර හිතකාමීත්වය වැනි සංකල්ප මෙම බද්දේදී ලංකාව සලකා නැති බව පැහැදිලිය.


නව බදු අනුව විද්‍යුත් මෝටර් රථයක් ලක්ෂ 25න්ද, හයිබි්‍රඩ් රථයක් ලක්ෂ 4ද,  මිනි කැබ් රථයක් ලක්ෂ 10ද, මරූටී මෝටර් රථයක් ලක්ෂ 2කින් ද ත්‍රීරෝද රථයක් ලක්ෂයකින් පමණද  ඉහළ යනු ඇති බව සඳහන්ය.


මෙවර අයවැයෙන් පැනවූ නව බදු හේතුවෙන් වාහන ව්‍යාපාරය කරගෙන්නට බැරි තත්වයක් උදාවී ඇති බවත් විශේෂයෙන්ම විද්‍යුත් මෝටර් රථ ආනයනය නවතා දැමීමට බොහෝදුරට සිදුවනු ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසා ඇත.


විද්‍යුත් මෝටර් රථ මෙරටට ගෙන්වීමේදී මෙතෙක් සියයට 5ක්ව පැවැති බද්ද සියයට 50ක් දක්වා ඉහළ දැමීම අසාධාරණ බව ඔවුන්ගේ මතයයි.
ඊට ඉදිරියේදී සාකච්ඡා කොට විසඳුමක් ලබාගැනීමටද ඔවුන් බලාපොරොත්තු වෙයි.


කෙසේ වෙතත් මේ ප්‍රශ්නය ගැන රජය කල්පණා කර ඇත්තේ වෙනත් කෝණයකිනි. ඒ ඉදිරියේදී ඉලෙක්ටි්‍රක් කාර් එකක් තිබීම ධනපති පන්තියේ සංකේතයක් බවට පත්කිරීමෙනි.


විදුලිය සහ දුරකථන ගාස්තුත් ඉහළට 

මෙවර අයවැයෙන් වාහන මිල ඉහළගොස් තිබෙන අතර ඇතැම් වාහන වල මිල ලක්ෂ 25කින් පමණ ඉහළයන බවට ආනයනකරුවන්ගේ සංගමය පවසා තිබුණා.

මේ අතර විදුලි සංදේශ සහ විදුලි සැපයීමේ සේවාවන්ට මෙවර අය වැයෙන් නව බදු පැනවීම නිසා විදුලි ගාස්තු සහ දුරකථන ගාස්තුද ඉදිරියේදී ඉහළ යෑමේ හැකියාවක් පවතිනවා. මෙවර විදුලි සංදේශ සහ
විදුලි සැපයීමේ සේවාවන් සඳහා 4%ක් වන ජාතිය ගොඩනැගීමේ බද්ද පනවනු ලැබුවා.

මේ නිසා ලබන ජනවාරි මස 1 වනදා සිට විදුලි ගාස්තු සහ දුරකථන ගාස්තු ඉහළ යන බවයි බදු නීතීඥ සුරේෂ් පෙරේරා සඳහන් කළේ.

එසේම විදුලි සංදේශ උපකරණ සඳහා එකතුකළ අගය මත පැනවෙන බද්ද හෙවත් වැට් බද්ද යළි පැනවීම නිසා ජංගම දුරකථන ඇතුලූ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ උපකරණවලද මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවයි ඔහු කියා සිටියේ.
 
Related Posts with Thumbnails