Ads 468x60px

.

ආකාශ 'වස්තුව' නොවැටීම ගැන කියන රසබර අදහස් මෙන්න! (PHOTOS)


ගාල්ලේ සිට කිලෝමීටර් 65ක් දුරින් වූ මුහුදු තීරයට වැටෙනු ඇතැයි අපේක්‍ෂා කළ අභ්‍යාවකාශ සුන්බුන් කොටස තංගල්ලට ඉහළ අහසේ දී ගිනිගෙන විනාශ වී ඇතැයි උඩුගුවනේ රැදී සිටි ගල්ෆ් නිරීක්‍ෂණ
කණ්ඩායම තහවුරු කළ බව ශ්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළා.

WT1190F ලෙස නම් කර තිබූ මෙම අභ්‍යවකාශ සුන්බුන් කොටස පෘතුවි පෘෂ්ඨයේ ගැටීමක් නොවූ අතර අජටාකාශගාමියෙකු වන ජොනතන් මැක්ඩොවෙල් මහතා තම නිළ ට්විටර් ගිණුම හරහා ද ඒ බව තහවුරු කල තිබුණා. රෝහිත රාජපක්ෂ මහතාද සිය ෆේස්බුක් ගිණුම හරහා පවසා සිටියේ WT1190F ඉහළ අහසේදීම විනාශ වනු ඇති බවත් ඒ නිසා ඒ පිලිබඳ අනියත බියක් ඇති කරගත නොගත යුතු බවත් ය.

මෙම අභ්‍යවකාශ සුන්බුන් කොටස පිලිබඳ වාර්තා වුණ දා පටන් ශ්‍රී ලාංකිකයන් ඒ පිලිබඳ විශාල උනන්දුවක් දැක්වූ බව නොරහසක්. එය බලාපොරොත්තු වූ පරිදි මුහුදට ඇද නොවැටීම පිලිබඳ දැක්වූ විනෝදාත්මක අදහස් විශාල වශයෙන් මේ වන සමාජජාල හරහා සැරිසරමින් තිබෙනවා. එම අදහස් කිහිපයක් පහතින්,


 
Related Posts with Thumbnails