Ads 468x60px

.

Wt1190F උඩුගුවනේදීම සුන් – ගොඩබිම නිරීක්ෂකයින් ආපසු හැරෙයි – (වීඩියෝ)


අද පෙරවරු‍ 11.45ට පමණ ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු වෙරළට කිලෝමීටර් 65ක් පමණ දුරින් ගැඹුරු මුහුදු ප්‍රදේශයකට වැටීමට නියමිත බවට විද්‍යඥයින් විසින් අනාවැකි පළ කර තිබූ  wt1190f නැමැති අභ්‍යවකාශ
කොටස උඩුගුවනේදීම පුපුරා ගිනිගෙන විනාශ වී ඇතැයි වාර්තා වනවා.

මෙම සුන්බුන් කොටස තංගල්ලට ඉහළ අහසේදී ගිනිගෙන විනාශ වී ඇති බවයි එය නිරීක්ෂණය කිරීම සඳහා ගල්ෆ් ජෙට් යානයක ආධාරයෙන් උඩුගුවනේ රැඳී සිටි නිරීක්ෂණ කණ්ඩායම විසින් තහවුරු කර ඇත්තේ.

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ ප්‍රකාශකයෙකු පැවසූ ආකාරයට එම නිරීක්ෂණ කණ්ඩායම විසින් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයට මේ බව දැනුම්දී තිබෙනවා.

තවද අදාළ නිරීක්ෂණ කණ්ඩායම රැගත් ගුවන් යානය කටුනායකට ගොඩබැස්සවීමට නියමිත බවද ග්‍රහලෝකාගාරයේ එම ප්‍රකාශකයා පැවසුවා.

ඒ අනූව wt1190f යනුවෙන් හැඳින්වූ එම අභ්‍යවකාශ වස්තුව මුහුදට නොවැටුණු බවයි විද්‍යාඥයින් විසින් විශ්වාස කරන්නේ.

මේ අතර මෙම ආකාෂ වස්තුව මුහුදට වැටෙනු ඇතැයි විශ්වාස කළ ප්‍රදේශය ඉලක්ක කර ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය, මාධ්‍ය ආයතන ඇතුළු නිරීක්ෂණ කණ්ඩායම් තංගල්ල මුහුදු වෙරළට ඈත අහස ප්‍රදේශය නිරීක්ෂණයට ද කටයුතු යොදා තිබුණා.

එම අභ්‍යවකාශ කොටස ගිනිගෙන විනාශ වන අන්දම බවට සැක කෙරෙන වීඩියෝවක් අන්තර්ජාලයේ දක්නට තිබේ.

එම වීඩියෝව පහතින් බලන්න.

 
Related Posts with Thumbnails