Ads 468x60px

.

හිටපු ජනපතිගේ නැති වූ මුද්ද හමුවුනේ මෙහෙමයි.


කොල්ලුපිටිය ප්‍රධාන පෙළේ තරුපහේ හෝටලයක ඉකුත් 27 වැනිදා රාත්‍රියේ පැවති මංගල උත්සවයට සහභාගී වී සිටි හිටපු ජනපති මහින්ද
රාජපක්ෂ මහතාගේ අත පැළදි මැණික් ඔබ්බවන ලද වටිනා මුදුවක් නැතිවී පිරිස මහත් පරිශ්‍රමයක් යොදා රන් මුදුව සොයාගෙන ඇති බව වාර්තාවනවා.

මෙම විවාහ මංගල්‍යයට හිටපු ජනධිපතිවරයා සහ ප්‍රභූවරුන් රැසක් සහභාගි වී ඇති අතර එහිදී හිටපු ජනාධීපතිවරයා පිරිසට අතට අත දෙමින් සුභ පතමින් සිටිය දි මෙලෙස මුදුව අතුරුදන්ව ඇති බව වාර්තාවනවා.

සිය අතේ තිබූ මුදුව අතුරුදන්ව ඇති බව දැනගත් හිටපු ජනාධිපතිවරයා ඒ බව එහි සිටි සමීපතමයන් කිහිප දෙනෙකුට දන්වා ඇති අතර පසුව පිරිස සහ හෝටලයේ සේවකයින් කිහිප දෙනෙකු එක්ව මුද්ද සොයා තිබෙනවා.

පිරිස මංගල ශාලාව තුළ සහ එහි වැසිකිළිය තුළ මුද්ද සොයා ඇති අතර පසුව උත්සව ශාලාවේ හිටපු ජනාධිපතිවරයා සිටි මේසයට,මේස කිහිපයකට එහා බුමුතුරුණක් මත තිබූ මුදුව සේවකයෙකු විසින් සොයාගෙන හිටපු ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා.
 
Related Posts with Thumbnails