Ads 468x60px

.

මගුලට අත්සන් කර පැමිණ මහින්දගේ සහයට අත්සන් කළ මන්ත්‍රීවරිය


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීම වළකන ලෙස බලකරමින් කතානායක වරයාට භාර දීමට සූදානම් කළ ලිපියට අත්සන් තැබූ මන්ත්‍රීවරියක් ඊට පෙර අත්සන් තබා ඇත්තේ විවාහ මංගල උත්සවයක සාක්ෂිකාරිණියක ලෙස බව වාර්තා වනවා.

ඒ ගම්පහ දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟවැද ජය ගැනීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව සමග

දියලුම ඇල්ලෙන් පෙම් යුවල පනින හැටි ඇසින් දුටුවන් කියන කතා - වීඩියෝ


දෙන්නා බදාගෙන කකුල් දෙක නවාගෙන පැන්නේ.
පැන්නට පස්සේ ළඟට යනකොටත් දෙන්නා බදාගෙන හිටියේ

ඊයේ පස්වරුවේ දියලුම ඇල්ලෙන් පැන සිය දිවි නසා ගත් තරුණයාගේ සිරුරද අද පෙරවරුවේ සොයා ගැණුනා. ඊයේ පස්වරු 4ට පමණ මෙම තරුණ යුවල දියලුම ඇල්ලෙන් පහළට පනින වීඩියෝ දර්ශනයක් එවා තිබුණා.

සිද්ධියෙන් මියගියේ හපුතලේ නිකපොත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි යෝගරාජා නැමති තරුණයෙක් සහ එම ප්‍රදේශයේම පදිංචි 17 හැවිරිදි සකුන්තලා උදයංගි නැමති තරුණියක්. දිය ඇල්ලෙන් පැනීමට පෙර
අදාළ තරුණිය ඥාතියෙකුට ඒ බව පවසා ඇති අතර පසුව ඥාතීන්

'සිල් රෙදි' සඳහා වැයකර ඇත්තේ මහජන මුදල් බව වටිනාපහ හිමි දැනගත්තා නම්


2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණය 'අල්ලස' රජ කළ මැතිවරණයකි. උදලු, ඔරලෝසු, සිල් රෙදි, නිවාස ණය, රුපියල් 5,000, සාරි ඇතුළු කී නොකී බොහෝ දෑ ත්‍යාග හා ආධාර ලෙස ඡන්ද දායකයන් ට හිමිවිය. 'මාධ්‍ය' යොදාගෙන ඡන්ද දායකයන්ට 'මානසික' අල්ලස් ලබාදීමද ජයටම කෙරිණි.

ශ්‍රී ලනිපයේ සභාපති ධුරය දැරූ ජනාධිපති මහින්ද රාජපක්ෂ, හදිසි ජනාධිපතිවරණයක් කැඳවූයේ ඔහුගේ පාලන කාලයෙන් දෙවසරක් ඉතිරිව තිබියදීය. මෛත්‍රිපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූයේ රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුරයක් දරමින් සිටියදීය. 

ඒ වන විට ශ්‍රී ලනිපයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළේද සිරිසේන මහතාය. තවත් අපේක්ෂකයන් කිහිපදෙනකු ඉදිරිපත්ව සිටියද ජනාධිපතිවරණය මහින්ද-මෛත්‍රි දෙදෙනා අතර කෙරුණු ගල උඩ

ලබන මැයි 01දා සිට නියම ප්‍රමිතියෙන් යුතු පාන්


පාරිභෝගික සේවා අධිකාරිය ලබන මැයි 01දා සිට නියම ප්‍රමිතියෙන් යුතු පාන් හා බනිස් ලබා දෙන්නට යයි. අධිකාරිය එම තීන්දුවට පැමිණ ඇත්තේ පාරිභෝගිකයන් වෙතින් ලැබුණු පැමිණිලි විශාල සංඛ්‍යාවක් සලකා බැලීමෙන් පසුව බව ද දැනගන්නට ලැබේ. 

අධිකාරියේ මේ තීන්දුවට අනුව පාන් හා බනිස් අලෙවි කරන සියලු ම වෙළෙඳ ස්ථානවල තරාදියක් තිබිය යුතු ය. එම තරාදිය ද ආණ්ඩුවේ අනුමැතිය ලද තරාදියක් විය යුතු ය. තරාදියක් තිබිය යුත්තේ පාරිභෝගික යාට සැකයක් ඇති වුවහොත් පාන් ගෙඩියේ බර කිරා බැලීමට ය.

අද විකිණීමට ඇති සාමාන්‍ය පාන් ගෙඩියක මිල විය යුත්තේ රුපියල් පනස් හතරකි. එහි බර විය යුත්තේ ග්‍රෑම් 450කි. සාමාන්‍ය පාන් ගෙඩිය කට මිල පිළිබඳ ප්‍රශ්නයක් නැති බව අපගේ වැටහීම ය. සාමාන්‍ය පාන්

'වැරදි' පිළිගැනීමට සූදානම් බවක්‌ නොපෙනෙන නිසා 'අර්බුදය' දිගටම


සෝමවංශ අමරසිංහ ජනතා විමුක්‌ති පෙරමුණ හැර යැමෙන් පසු ප්‍රශ්න කිහිපයක්‌ හටගෙන තිබේ. වැදගත්ම ප්‍රශ්නය වන්නේ ඔහු පිහිටුවන්නට යන අලුත් පක්‍ෂයට සම්බන්ධ වීම සඳහා ජ.වි.පෙන් කැඩී තව කීදෙනෙක්‌ යන්නේද යන කාරණය ය. 

දෙවනුව එසේ කැඩී යන අය අතර ජ.වි.පෙ. ප්‍රධානීන් කී දෙනෙක්‌ සිටින්නේ ද යන කාරණය ය. තෙවනුව ජ.වි.පෙ. කඩන ලද්දේ කවර බලවේගයක්‌ ද යන කාරණය ය. මහින්ද රාජපක්‍ෂ බලයේ සිටියා නම්