Ads 468x60px

.

ලිඳුල රෝහලේ අසාමාන්‍ය දරු උපතක් - නහය ඇස්දෙකේ.. ඇස් නළලේ...

තලවාකැලේ  ලිඳුල රෝහලේ අසාමාන්‍ය දරු උපතක් ඉකුත් 18 වෙනි දින සිදුවූ බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය ජගත් අබේරත්න මහතා පවසනවා.

ලිදුල පොලිස් වසමට අයත් බඹරකැලේ නෝනා වතුයායේ වතුකම්කරු පවුලක තුන්වන ගැහැණු දරුවා වශයෙන් බිහිකළ මෙම සිඟිත්තියගේ නාස් කන් සහ ඇස් අසාමාන්‍ය විදිහට පිහිටා තිබූ බවත් සිඟිතිය ප්‍රසූතවීමෙන් පසු පැයක් ඇතුලත මියගිය බවත් වෛද්‍යවරයා පැවසුවා.

මෙම අසාමාන්‍ය දරු උපත පිළිබඳව සායන වලදී තමන් දැන සිටි බවත් එම මව විසින් නියමිත ශක්ති වඩන ඖෂධ ලබානොගැනීම හෝ වැරදි

වෙසක් එකට වයිෆයි දන්සල්!


වෙසක් දිනයේ නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන දන්සල් දෙකක් කොළඹ සහ මාතරදී පැවැත්වීමට ජාතික තොරතුරු තාක්ෂණ

මේ කතාව හිටපු චණ්‌ඩීන්ට සහ ඉන්නා චණ්‌ඩීන්ටයි

ඉන්නා අයගේ චණ්‌ඩිකම් වලට වඩා "හිටපු" අයගේ චණ්‌ඩිකම් වැඩිය. ඒ ඉන්නා අයත් සමාජයේ ගැවසෙන අනිත් අයත් ගැන "හිටපු" අය තුළ හට ගන්නා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය සහ තමන් තුළම හටගන්නා "හීන මානය" නිසාය. 

හිටපු අය තුළ හටගන්නා මේ "හීනමානය" තරමක්‌ භයානකය. ඊට හේතුව එවැනි අයෙකුගේ 'චණ්‌ඩිකම්' තරමක්‌ බරපතළ විය හැකි නිසාය.

පසුගිය දවසක කළුබෝවිල මහරෝහලේදී එහි ආරක්‍ෂක නිලධාරිනියකට පහර කන්නට සිදුවූයේ මෙවැනි හිටපු චණ්‌ඩියෙක්‌ අතිනි. වටින් ගොඩින් කීවා මිස කතාව කීවේ නැත. කතාව මෙබඳුය. 


යුද හමුදා විශ්‍රාමික නිලධාරියකු සිය පුත්‍රයා සමග කළුබෝවිල මහ රෝහලට උදෑසන 5.30 ට පමණ පැමිණ ඇත්තේ සිය ලේලියගේ අලුත උපන් දරුවා බැලීමටය. එහෙත් ආරක්‍ෂක නිලධාරීන් පවසා ඇත්තේ රෝගීන් හමුවට යැමට ඇති වේලාව වන්නේ උදෑසන 6.00 ට නිසා

සැමියා මියගිය බිරිඳගේ සිරුර දින තුනක්‌ තුරුළු කරන් ඉඳලා...


මියගිය තම බිරිඳට ආදරේ නිසා දින 03 ක්‌ මෘත ශරීරය තුරුළු කරගෙන සිටි සැමියකු පිළිබඳ පුවතක් කිණිවිට පිලපිටිය ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මියගිය කාන්තාව සම්බන්ධයෙන් පවත්වන ලද හදිසි මරණ පරීක්‍ෂණයේදී මෙසේ මියගොස්‌ ඇත්තේ කිණිවිට පිලපිටිය පදිංචි කන්දේලාගේ මානෙල් විජයන්ති මාලි නම් 42 හැවිරිදි කාන්තාවක් බවයි.

ඇයගේ සැමියා නෙලුම්දෙණියලාගේ නිමල් (46) හැවිරිදි අයෙකි. ඔහු අධි මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අතර දරුවන්ද නැත. විවාහ

''අනේ පලයං මහත්තයෝ යන්න මම මීගමුවෙ ගෑනියෙක්‌.''

ජැන්ඩියට හැඳ පැළඳි කඩවසම් තරුණයෙක්‌ ඡේම්ස්‌බොන්ඩ් වර්ගයේ බෑගයක්‌ද අතින් ගෙන මීගමුව බලා යන බසයකට නැංගේය. එහි ඉදිරි අසුනේ වාඩි විය. දහඩිය දමන්නට වූයෙන් හේ තම බෑගය අසුන මත තබා බිමට බැස්‌සේය.

බසය මගීන්ගෙන් පිරෙද්දී තරුණයා බසයට නැංගේය. තම අගනා බෑගය බිම තබා ඇති අයුරු හේ දුටුවේය. එම අසුනේ උස මහත මැදිවියේ කාන්තාවක්‌ වාඩිවී බුලත් විටක්‌ සපමින් සිටියාය

''මම ඔය සීට්‌ එක බුක්‌ කරලයි බැස්‌සෙ ඇයි මේ බෑග් එක බිම තිබ්බේ?'' තරුණයා මඳක්‌ කෝපයෙන් ඇසීය. ''බිම තිබ්බෙ මට වාඩි වෙන්න' කාන්තාව ගොරෝසු හඬකින් අවඥසහගතව කීවාය.

''සීට්‌ එක ගත්තට කමක්‌ නෑ. ඇයි මේ බෑග් එක බිම තිබ්බේ'' තරුණයා ඇසීය. ''බෑග් එක සීට්‌ එක උඩ තියෙද්දි වාඩි වෙන්න බැහැනෙ ඒකයි බිම තිබ්බේ.'' කාන්තාව පෙරට වඩා උස්‌ හඬින් කීවාය.

''මේ බෑග් එක බොහොම වටිනා එකක්‌'' තරුණයා එහි තිබූ දූවිලි තම ලේන්සුවෙන් පිස දමමින් කීවේය. ''කීයක්‌ විතර වටිනවද මහත්තයා?''