Ads 468x60px

.

යාපනේ සිසුවියගේ ඝාතනය ගැන කොළඹ මාධ්‍ය වලින් වසන්වූ ඇත්ත කතාව


පසුගියදා යාපනයේදී පැහැරගැනීමට ලක්ව සමූහ දූෂණය කර මරාදමන ලද විත්‍යා නමැති පාසල් සිසුවිය පිළිබඳ කොළඹ සිට නිකුත්වන මාධ්‍ය වාර්තා හා පොලිස් වාර්තාවල යම් යම් කරුණු වසන්වී ඇති බව මේ වනවිට අපට අනාවරණයවී තිඛෙනවා.

සිසුවිය අතුරුදන්වී පැය ගණනක් යන්නට පෙර පොලිසිය මළ සිරුර සොයාගෙන සැකකරුවන් අල්ලා තිබුණ බව මාධ්‍ය වාර්තා සඳහන් කළ නමුත් එසේ කරා නම් යාපන ජනතාව මෙතරම් පොලිසියට හා ඝාතකයන්ට එරෙහිව කැරළි ගසන්නේ ඇයිද යන කෙනෙකුට පැන නගින සාධාරණ ප්‍රශ්නයකි.


නමුත් එහි ඇත්ත තත්වය තරමක් වෙනස්ය.දැන් වාර්තාවන සත්‍ය කතාව පහත පරිදිය.


සිද්ධිය වූ දවසේ විත්‍යා උදෑසන පාසල් ගොස් ඇත්තේ 7 ට පමණය. ඇය සවස් වනතුරුත් ගෙදර ආවේ නැති නිසා නිවැසියන් ඇය අතුරුදන් බවට සවස 4.30 ට පමණ පොලිසියට පැමිණිලි කර තිබුණ නමුත් කයිට්ස් පොලිසිය  එම පැමිණිල්ල භාරගෙන නැත.ඔවුන් කියා ඇත්තේ ඇය

යාපනේ සිසුවිය දූෂණය කොට මරා දමා ඇත්තේ රුපියල් පනස්දාහකටයි!


යාපනය කයිට්ස් පුන්කුඩතිව් පාසල් සිසුවිය සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලබන මස කයිට්ස් පොලිසියේ කොස්තාපල්වරියක හා විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිට තිබෙන බව වාර්තා වෙයි.

කයිට්ස් වේලනි ප්‍රාදේශීය සභාවේ ජල බවුසරයේ රියදුරෙකු ‍වන මොහු කයිට්ස් පොලිස් ස්ථානයේ ජල ටැංකියට ජලය සැපයීම සඳහා නිතර පැමිණීමෙන් පොලිස් නිලධාරීන් සමඟද සුහදව කටයුතු කැර තිබෙන බව දැනගන්නට තිබේ.

ඝාතනයට ලක් වූ සිවලෝගනාදන් විද්‍යා සිසුවියගේ මව මෙයට කලකට පෙර පුද්ගලයින් තිදෙනකුට එරෙහිව අධිකරණයේ සාක්ෂි ලබාදීමේ සිද්ධියක් මෙම ඝාතනයට මුල්වී තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. එම පුද්ගලයින් විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක්

නීතිය, හා දඬුවම ගැන මහජනයා තුළ ඇති විශ්වාසය


අපරාධය, නීතිය හා දඬුවම් යළිත් ප්‍රශ්න කිරීමකට ලක් වී තිබේ. එලෙස ම වඩේ සුදාගේ සිට මහාලිංගම් දක්වා ස්ත්‍රී දූෂකයන් කෙරෙහි මහා සමාජ වෛරයක් බුර - බුරා නැඟෙන්නට පටන්ගෙන තිබේ. වඩේ සුදා දුම්රියේ ගමන් ගත් සුරූපී තරුණියක් දූෂ්‍යකොට ඈ වෙලක ඔබා මරා දැම්මේ ය. 

මහාලිංගම් තවත් හතර දෙනෙක් කැටුව පාසල් ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කොට පසුව මරා දැමූහ. වඩේ සුදා දැන් මහ උළු ගෙදර යහතින් සිටී. මහාලිංගම් ඇතුළු පිරිස ද අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් නඩු අසා නැත. තීන්දුව දීමට තවත් කාලයක් ගත වනු ඇත.

තත්ත්වය මෙසේ තිබිය දී ඊයේත්, පෙරේදාත් යාපනයේ ඇති වූ උණුසුම් කාරී තත්ත්වය එතරම් යහපත් නැත. පොලිසියට සිය රාජකාරි කරන්නට ඉඩක් නොලැබිණි. උසාවියට නීතිය විභාග කරන්නට ද අවස්ථාවක්

'විද්‍යා' දියණියගේ ජීවිත පූජාවෙන් පසක් කර ගත යුතු පරම සත්‍යය


පාසල් දියණියකට වින කළ නරුමයන් රැළකට දඬුවම් දෙන ලෙස ඉල්ලා යාපනයේ ජනතාව වීදි බැස ඇත. ත්‍රිකුණාමලය, පුත්තලම දක්වා මේ විරෝධතා රැල්ල පැතිරී ගොස් තිබේ.

යාපනය කයිට්ස්හි පුන්කුඩුතිව් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි විද්‍යා සිවලෝගනාදන් නමැති 18 හැවිරිදි ශිෂ්‍යාව පාසල නිමවී පෙරළා සිය නිවෙස බලා එමින් සිටියදී පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්කර මරා දැමීම යාපනය ගිනියම් කළ සිද්ධියට මුල්විය.

සිසුවියගේ මළ සිරුර හමුවීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 9 දෙනකු අත්අඩංගුවට ගනු ලැබීය. 

අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. මිනීමරුවන් එල්ලා මරන්නැයි බල කරමින් යාපනය අධිකරණ සංකීර්ණය ඉදිරිපිටට රැස්වූ

වාසුදේව අගමැතිට කුණුහරපෙන් බනීන වීඩියෝව


ඊයේ දින (21) පාර්ලමේන්තුවේ සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස මහ බැංකුවෙි බැදුම්කර නිකුතුව සිද්ධියට අදාළ වාර්තාව පිළිබඳ විවාදය අතරතුර රීති ප්‍රශ්නයක් මතු කිරීමට නැඟී සිටි මන්ත්‍රී වාසුදේව නානායක් කාර මහතා රජයේ බාධා කිරීම් මැද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පරුෂ වචනයෙන් බැණ වැදුණේය.

වික්‍රමසිංහ මහතා කතා කරමින් සිටිය දී වාසුදේව නානායක්කාර මහතා නැගී සිටි අතර එහිදී පහත දැක්වෙන සංවාදය ඇතිවිය. අගමැති - මං වාර්තාවේ තුන් වැනි පිටුව කියවන්නේ. ටිකක් වාඩි වෙන්න. පිළිතුරු දෙන්න මං මොකක්ද කියවන්නේ කියලා වත් දන්නේ නෑ.

වාසුදේව නානායක්කාර - පොයින්ට් ඔෆ් ඕඩර්. පොයින්ට් ඔෆ් ඕඩර්. පොඩ්ඩක් ඉන්නවකෝ පොයින්ට් ඔෆ් ඔඩර් කිව්වාම. අනේ ... ගහන්නේ නැතුව ඉන්නවා ඕයි. අහන්න ලෑස්තිත් නෑ. මාව වාඩි කරන්න ඔහේට පුළුවන්ද?

කතානායක - වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා.

වාසුදේව නානායක්කාර - පොයින්ට් ඔෆ් ඕඩර් එකක් අහන්නේ නෑ. කතා නායකතුමා මට අවසර දුන්නාම මේ මිනිහා කෙළගෙන කෙළගෙන යනවා. මේ පිස්සව වාඩි කරන්න. මේ පිස්සව වාඩි කරන්න. මාව වාඩි කරන්න? උඹට පුළුවන්ද මාව වාඩි කරන්න .‘ප**‘ ? මාව වාඩි කරන්න බෑ ‘ප**‘. පිස්සු කෙළින්ට එපා ඕයි. මේ පාර්ලිමේන්තුවට ගරු කරනවා. මම අහන්නේ ඔබතුමාගෙන් මේවගේ පිස්සු කෙළින්න පුළුවන්ද කියලා.

කතානායක - ගැලරියේ පාසල් ළමයින් ඉන්නවා. මේක පුරුද්දකට ගනියි.

සංස්කරණය කරන ලද වීඩියෝව බලන්න පහතින්.

ඔබේ නමින් දුම්රියකුත් තියෙනවා නේද කියලා ඇහුවම - ඒ ගැන මගෙන් මුකුත් අහන්න එපා කියලා


වර්තමාන ආදරය ඔබ දකින්නේ කොහොමද?
 
අද බොහෝ දෙනෙක් මුදල් මුල් කරගෙනයි ආදරය කරන්නේ. ඒ වගේම තරුණ ළමයි අතර ලැජ්ජාව භය නැතිවෙලා තියෙනවා. රට සංවර්ධනය වෙලා ඇති. තමන් භෞතික විදියට දියුණු වෙලා ඇති. 


ඒත් අධ්‍යාත්මිකව හැම මනුස්ස යෙක්ම පිරිහිලා. ඒ වගේ හේතු නිසා මව්පියන් නොහඳුනන, සහෝදර සහෝදරියන් නොහඳුනන සමාජයක් නිර්මාණය වෙලා තියෙනවා. අද කාමයටයි මුල්තැන දීලා තියෙන්නේ. 

පුතා බලන්නේ අම්මව හරි දූෂණය කරන්න. මව්පියෝ අවවාද කළොත් ගෙදරින් පැනලා යනවා. ප‍්‍රශ්න වලට මුහුණ දෙන්න බයයි. ඉස්සර නම් දරුවෙක් අතරමන් වෙලා ඉන්නවා දැක්කොත් එක්කන් ගිහින් මව්පියන්ට භාරදෙනවා. 

අද කරන්නේ රවට්ටගෙන ගිහින් දූෂණය කරන එක. මේ වගේ ප‍්‍රශ්න වලට හේතු රාශියක් මම දකිනවා. මම සැලෝන් එකක් කරන කෙනෙක්. සමහර අම්මලා කුඩා දැරියන්ව එක්කරගෙන ඇවිත් විවිධ මෝස්තරද

වින්ද්‍යා දියණියණි, ඔබ වැනසූ, ඔබ කෙළෙසූ උන් මරා දැමීමට මිනිසුන් තුළ ඇතිවන අවංක ආවේගය


යාපනයේ දූපතක ජීවත් වූ 17 හැවිරිදි සුරූපී දෙමළ ජාතික පාසල් දැරියක්‌ වන ශිවලෝගනාදන් වින්ද්‍යා දෙමළ ජාතිකයන් පස්‌දෙනකු විසින් වරින් වර දූෂණය කර මරා දැමීමේ සිද්ධිය මුල් කරගෙන විශාල අවුලක්‌ හටගෙන තිබේ. 

දූෂකයන් පස්‌දෙනා මරා දැමීම සඳහා තමන්ට භාර දෙන ලෙසට බල කළ දහසක පමණ පිරිසක්‌ යාපනයේ උසාවි ගොඩනැඟිල්ලටද, පොලිස්‌ රථවාහන සහ බන්ධනාගාර රියවලට ද පහර දීම නිසා කඳුළු ගෑස්‌ සහ බැටන් ප්‍රහාර එල්ල කිරීමටත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමටත්