Ads 468x60px

.

විද්‍යාගේ ඝාතකයින්ට උපරිම දඩුවම් දෙනවා - වෙම්බඩිහිදී ජනපති කියයි


දුෂණය කර මරා දැමූ යාපනයේ සිසුවිය වෙනුවෙන් මුලු රටම හෙට (27) නිහඬයි...

යාපනයේ කයිට්ස් පුංකුඩුතිව් හි සිවලෝගනාදන් විද්‍යා නැමති 17 හැවිරිදි සිසුවිය පැහැරගෙන ගොස් ලිංගික හිංසනයට ලක්කර මරා දැමුණු සැක කරුවන්ට දිය හැකි උපරිම දඬුවම් ලබාදෙන බවත්, යාපනය අධිකරණය ට ගල් මුල් ප‍්‍රහාර එල්ල කළ සැකකරුවන්ටද දඬුවම් ලබාදීමට පියවර ගන්නා බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ යාපනය වෙම්බඩි උසස් බාලිකා විදුහලේදී අද (26) පැවති රැස්වීමකට සහභාගී වෙමිනුයි.



යාපනය දිස්ත්‍රික්කයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය පිළිබඳව සොයා බැලීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26දා) දහවල් යාපනයේ හදිසි සංචාරයක නිරතවුණා.

යාපනයට පැමිණි ජනාධිපතිවරයා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ජී.එස්. පලිහක්කාර ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබුවා.

ජනාධිපතිවරයා යාපනය වෙම්බඩි උසස් බාලිකා විදුහලේදී පැවති රැස්වීම කට සහභාගී වෙමින් කියා සිටියේ පාසල් සිසුවියගේ ඝාතනය දැඩි ලෙස

වෙබ් අඩවිවල ප්‍රධාන මාතෘකාව වූ වාසුගේ අසභ්‍ය බැණවැදීමේ අරුත පැහැදිලි කරන බන්දුල


පසුගිය දා සියල්ලන්ගේම අවධානය පාර්ලිමේන්තුව දෙසට යොමු වුණේ, වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා, අගමැතිවරයාට අසභ්‍ය වදනින් බැණවැදීමත් සමඟ යි. පසුගිය දින ගණනාව පුරාම සමාජජාල වෙබ් අඩවිවල ප්‍රධාන මාතෘකාව වූයේ ද මෙම සිද්ධිය යි. 

දේශපාලන කරලියේ මහත් ආන්දෝලනයකට ලක් වුණු මෙම අසභ්‍ය බැණවැදීම පිළිබඳව, පසුගිය දා දෙරණ රූපවාහිනී නාලිකාවේ 360 වැඩසටහනට සහභාගී වූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැහැදිලි කළා. 

වාසුදේව මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ අසභ්‍ය වදන්වල විවිධ අරුත් පැහැදිලි කල ගුණවර්ධන මහතා පෙන්වා දීමට උත්සහ කළේ එම වදන්වල අසභ්‍ය අරුතට අමතරව තවත් විවිධ අරුත් ඇති බවයි.

බන්දුලගේ එම පැහැදිලි කිරීම පහතින්.

"මේවා දේශපාලන මැක්කන්ගේ වැඩ" - උත්සවයක බලෙන් කතාවක් කර පිටවී ගිය ගීතා කියයි


ඇල්පිටිය ආනන්ද විදුහලේ නව තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට අනාරාධනයෙන් පැමිණි ඇල්පිටිය පළාත් සභා මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය බලෙන් කතාවක් කර පිටවී ගිය පුවතක් අප වෙත වාර්තා වෙනවා.

ඒ වන විට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා උත්සවයට සහභාගී වෙමින් සිටි අතර ගීතා කුමාරසිංහ මහත්මිය කතා කරමින් මෙසේ පවසා තිබෙනවා.

‘මමයි මේ විද්‍යාගාරයට මුදල් ලබා ගත්තේ. හිටපු ජනාධිපතිට, හිටපු අධ්‍යාපන ඇමැතිට කියා ප්‍රතිපාදන ලබා ගත්තා. එහෙත් සමරු ඵලකයේ මගේ නමවත් නෑ. මට කතාවක්වත් නෑ. මට ආරාධනය කළෙත් නෑ.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක්

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘති ය තුළ එදා හා අද අතර වෙනස කෙබඳු ද? එය අනාගත පරම්පරාවේ දැනගැනීම සඳහා ලියා තැබිය යුතුය. 

එදා යන්නෙන් අප අදහස් කරනුයේ 2015 ජනවාරි 08 දාට පෙර වසර කිහිපයයි. අද යනු අප අදහස් කරනුයේ 2015 ජනවාරි 08දායින් පසු මාස කිහිපයයි‍. 

එදා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ ලේකම් පෝද්දල ජයන්ත මහතා සුදු වෑන් එකක කුදලාගෙන ගොස් ඔහුගේ කකුල් දෙකම කඩා දැළි පිහියෙන් කොණ්ඩය කපා කෙස් කටේ එබුවේය. පෝද්දල ජයන්ත කාණුවකට වීසිකොට සුදුවෑන් එක යන්නට ගියේය‍.

පෝද්දල ජයන්ත පාරේ ගමන් ගත් මිනිසුන් කිහිපදෙනෙකුගේ ආධාර යෙන් ජීවිතය බේරා ගත්තේය. එහෙත් අදටත් ඔහු අබ්බගාතයෙකි.

ලංකාවේ සිසුවකු ඒඩ්ස් වලට ඔෟෂධයක් හදලා උපහාරයට බ්‍රිතාන්‍යට අගමැතිගෙන් කැඳවීමක්


රටවල් 41ක සහභාගිත්වයෙන් පැවැත්වූ අන්තර්ජාතික විද්‍යා පර්යේෂක යන්ගේ ඔලිම්පියාඩ් තරගාවලියට කොළඹ නාලන්දා විද්‍යාලයේ රඛිත දිල්ෂාන් මාලේවන ශිෂ්‍යයා ඉදිරිපත් කළ මාරාන්තික ඒඩ්ස් රෝගය සඳහා වන ඔෟෂධයට දකුණු ආසියා කලාපයේ පළමුවරට රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට හැකිවිය. 

එසේම ජලයේ ඇති බැරලෝහ ඉවත් කිරීමට ජලයේම තිබෙන දිලීර වර්ධනය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන් තවත් නාලන්දියකු වන රනංජය සුභාෂ් සිසුවාටත් එම තරගයේදී තවත් රන් පදක්කමක් හිමි විය.

මෙවන් තරගයකදී දකුණු ආසියාතික රටක් ලබාගත් පළමු රන් පදක්කම මෙය වනවා සේම එකම රටක් රන් පදක්කම් දෙකක් ජයග්‍රහණය කළ

කොත්තු ගැසීමට පත්තුකළ ගෑස් ලිප තුනක් බිලිගනී ( මරදානේ ගින්නේ පින්තුර සහ වීඩියෝ)


මරදාන ප‍්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන දෙකක දහවල් එකට පමණ ආරම්භ වූ ගින්න, ගිනි නිවීම් රථ 4ක් යොදවා බොහෝ පරිශ්‍රමයකින් නිවා දැමුණු බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ.

ගින්න නිවීමට පැය එකහමාරක් පමණ ගතවිය. ගෑස් ටැංකියක් පිපිරී මෙන් ගින්න හටගන්නට ඇතැයි පොලිසිය සැකකරයි. දුම ආශ්වාස