Ads 468x60px

.

ඔබාමා 'කොකිස්' ගැන කියන ගීතය මෙන්න! (වීඩියෝ)


වර්තමාන ලෝකයේ ජනප්‍රියම රාජ්‍ය නායකයා වන්නේ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා බව අමුතුවෙන් කිවයුතු නැත. ඔහුගේ විනෝද කාමීබව මෙන්ම සුහදශීලීත්වය ද එයට හේතු වී ඇති බව පැවසිය හැක.

ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විවිධ අවස්ථාවන්හිදී පවත්වන ලද කතා කිහිපයක දර්ශන යොදාගනිමින් සකසන ලද ගීතයක remix එකක් අන්තර්ජාල පරිශීලකයන් අතර මේ වන විට ඉමහත් ජනප්‍රියත්වයට ඔඅත්ව තිබේ. 

පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි.

ජනප්‍රිය නිළියක් මහ රෑ පාර්ලිමේන්තු බාධක කඩාගෙන යයි - නිළියගෙන් ඇමතිට ඇමතුමක්!


ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සඳහා ගොස් ආපසු එන අතරතුරදී ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක පදවාගෙන පැමිණි මෝටර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව ඊයේ (23) අලුයම පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වන ප්‍රධාන දොරටුව හරහා ගමන් කර එහි යොදා තිබූ ආරක්ෂක බාධක කිහිපයකටද අලාභ හානි කරමින් අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

ජනප්‍රිය නිළියක් මෙසේ අනතුරට මුහුණ පා ඇති අතර ඇය පෙරේදා (22) රාත්‍රි ටෙලි නාට්‍යයක රූගත කිරීම් සඳහා ගොස් ආපසු එන ගමනේදී ඇගේ යෙහෙළියක නිවෙසට ඇරලවා ආපසු යමින් සිටියදී මේ සිද්ධියට මුහුණ පා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඇය පදවාගෙන පැමිණි මෝටර් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන ‍දොරටුව රාත්‍රි

රාගම ස්ටේෂමේ දුම්රිය කලබලේට හේතුව..!


කෝච්චි ඩ්‍රයිවර්
නැගිටින්න බැරිවෙන්න 
බීලා...

ඊයේ සවස් කාලයේ රඹුක්කන බලා ධාවනය වූ දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ දීර්ඝ වේලාවක් නවතා තැබීම හේතුවෙන් එම දුම්රියේ ගමන් කිරීමට නියමිත මගීන් ඒ ගැන සොයා බලන්නට දුම්රිය රියදුරු කුටිය පරීක්ෂා කර බලද්දී නැගිටගන්නටවත් බැරි ලෙස අධික බීමතින් රියදුරු සිටින බව දැකගන්නට ලැබී තිඛෙනවා.

දුම්රිය පැදවීමේ වගකීම සහායක රියදුරන්ට භාරගන්නට හැකිදැයි විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ තමන්ට බැරි බවයි. 


දුම්රිය ආරක්ෂකයන්ද එම අවස්ථාවේ පැනගොස් ඇත. කළ හැකි දෙයක් නොමැතිවූ තැන බීමත් රියදුරු අල්ලා පොලිසියට භාර දෙන්නට මගීන්