Ads 468x60px

.

තොරතුරු පළ කිරීමේදී අප විසින්ම හික්‌මීමක්‌ ඇති කර යුතු බව...


රටේ අපරාධ වර්ධනයක්‌ දක්‌නට ලැබේ. පසුගිය කාලය පුරාම පුවත්පත් වාර්තා මෙන්ම පොලිස්‌ සංඛ්‍යාලේඛන පිරික්‌සා බලන විට ද එය නියත

එන්සිනා දැඩි සත්කාර ඒකකයේ...


කෝපිකඩේ එන්සිනා චරිතයෙන් රසික රසිකාවින් අතර ජනප්‍රියත්වයට ටෙලි නාට්‍ය නිළි සුසිලා කූරගම බරපතළ ලෙස රෝගාතුරවී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

ටෙලි නාට්‍ය මෙන්ම වේදිකා හා සිනමා නිර්මාණවලටද දායකවූ ඇය  එළාර දුටුගැමුණු හේමමාලි සරදියෙල් ආදී ඓතිහාසික නාට්‍යවලද රගපා ඇති අතර සරපිනාගේ වළව්වල දියසේනල උපදින්න සකුන්තලාල රොඩී කෙල්ල නාට්‍ය නිෂ්පාදනය කරමින් ඇය නිෂ්පාදකවරියක් ලෙසද කටයුතු කර තිබේ. 


හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් අපි ඇයට ඉක්මන් සුවය අපි පතමු...

පොලිසිය ඇදගෙන නොව කුණු වළකටම බැස හිතේ හැටියට නාගන්නා බව...


ඇඹිලිපිටිය ඒ. එස්‌. පී සහ ඕ. අයි. සී ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්න යෑයි ඇඹිලිපිටිය අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර තිබිණි. 

ඊයේ (28දා) සියලුම පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රධාන පුවත බවට පත්ව තිබුණේද එයයි. ඇඹිලිපිටිය සිදුවීම රටේම අවධානයට ලක්‌ව තිබුණු ආන්දොලනාත්මක සිදුවීමක්‌ වී තිබීම ඊට හේතුවිය. කොහොමත් පොලිසිය සම්බන්ධයෙන් ලැබෙන ප්‍රවෘත්ති ගැන රටේ ජනතාව මේ දිනවල බොහෝ සෙයින් උනන්දුය.

පොලිසිය ඇදගෙන නොව කුණු වළකටම බැස හිතේ හැටියට නාගන්නා බව පෙනේ. මේ නා ගැනීමේ නොව පොලිසිය තුළම කැත කිරීමේ

තඹේකට මායිම් නොකරන මාරක රිය අනතුරු..


පාරට බැසීම මරුවාට අත වැනීමක්‌ වන තරමටම රිය අනතුරු බහුල වන බවක්‌ පෙනෙන්නට තිබේ. ප්‍රශ්නය වන්නේ මාරක රිය අනතුරු එකපිට එක සිදුවෙද්දිත් බොහෝ රියෑදුරන් ඒ පිළිබඳව තඹේකට මායිම් නොකරන තත්ත්වයක්‌ මතුව තිබීම ය. 

පෙරේදා (26 දා) දික්‌වැල්ලේදී සිදු වූ රිය අනතුර ඊට ආසන්නතම නිදසුනයි. එහිදී පාපැදියක ගමන් කරමින් සිටින කුඩා දරුවකු හා එම

මුදලට බලයට එක්‌ වූ යුගයක සමාජයේ බොහෝම සුන්දර වූ, පින්බර මිනිසුනුත් ඉන්නා බව...

බුදුන් පා පහස ලත් අප ලක්‌ දෙරණ හරිම පින්බරය. නමුත් එවන් දේශයක සත්ගුණවත් මිනිසුන්ට වඩා නොහික්‌මුණු නොමිනිසුන් බොහෝ වැඩිය. මෙය අරුමයක්‌ නොවේ. 

උදේ සිට රෑ වනතුරු බණ කියන බණ අහන අප රටේ අද අපට වැඩියෙන්ම කන වැකෙන්නේ ඉතා ෙ€දනීය පුවත් ගැනයි. නමුත් එවන් යුගයක මේ සමාජයේ බොහෝම සුන්දර වූ, පින්බර මිනිසුනුත් ඉන්නා බව කිව යුතුමය.

දිනය 2016 ජනවාරි 18 වැනි සඳුදා උදෑසන හිරු මුදුන්වෙනවාත් සමගින් බොහෝ දෙනකු ඉතා කඩිමුඩියේ තම රාජකාරි සඳහා ඔබ මොබ දුවති. නමුදු කාගේත් නෙත ගැටෙන මානේ කිරිල්ලවල කන්දකපාපු හන්දිය

සෞඛ්‍ය අංශ බලධාරීන්ගේ සිට රටේ බිම් මට්‌ටමේ ජනතාව දක්‌වා...


තවත් වසංගත රෝගයක්‌ ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන බවට ආරංචි ලැබේ. මෙය බොහෝ සෙයින් අවධානයට ලක්‌විය යුතු සේම අවදානමක්‌ ගත යුතු කාරණයක්‌ බව සඳහන් කළ යුතුය. 

එබෝලා, සාර්ස්‌ මේ ආදී වශයෙන් ලොව පුරා පැතිර යන වසංගත රෝග අතර සිකා නමැති වෛරස්‌ ආසාදනය ශ්‍රී ලංකාවට ද ව්‍යාප්ත වීමේ

ලෝකය මොන නම්බුනාම දුන්නත්, නැතත් අප ලෝකෙන් උතුම් රටය.


මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියාවේ පළමු තැන දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වී ඇති බව ඊයේ වාර්තා වී තිබිණි. 2015 වර්ෂයේ මැද භාගයේදී ශීඝ්‍රයෙන් සංවර්ධනය වන නගර අතරින් පළමු තැන හිමිකරගත්තේද කොළඹ නගරය බව වාර්තා විය. 

මේ සියල්ලම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ සතුටට හේතුවන කාරණාය. ඒ මොනදේ ලැබුණත් නොලැබුණත් මේ රට ලෝකෙන් උතුම් රටය. ඉන්දියන් සාගරයේ මුතු ඇටයය. අප සැබැවින්ම

රටට ආදරය කරන බොහෝ දෙනෙක්‌ වැඩිපුර සිතිය යුතු සම්බන්ධන් කී දේ...


'රාජවරෝතියම් සම්බන්ධන්' ශ්‍රී ලංකාවේ විපක්‍ෂ නායකවරයා බව අපි නැවතත් සිහිපත් කර සිටිමු. ඊට අමතරව ඔහු දෙමළ ජාතික සන්ධානයේ ද නායකයා ය. මේ කාරණා නැවත අප සිහිපත් කරන්නට යෙදුණේ සම්බන්ධන් ද හිටි හැටියේ බොහෝ දේ අපට සිහිපත් කර දෙන නිසාය. 

පසුගිය සතියේ (21 දා) ඔහු කීවේ උතුරේ අර්බුදයට එකම විසඳුම ෆෙඩරල් බවත්, ඒකීය රාජ්‍ය ප්‍රතික්‍ෂේප කරන බවත් ය. දෙමළ ජාතික සන්ධානයේ පක්‍ෂ නියෝජිත සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම පැවැති

හාල්ටික අරක්‌කුවලටදී අපි පාන් කා වයින් බොමු


රටේ හාල් මිල ඉහළ යන ආකාරයට අප මෙතෙක්‌ දවසක්‌ සිතා සිටියේ සහල් මිල පාලනය කරන්නේ බත් වෙනුවට තණකොළ බුදින පිරිසක්‌ බවය. එය එසේ නොවන බව පසුගියදා පළවූ ප්‍රවෘත්තියකින් කියෑවී තිබිණි. 

ඒ, මත්තල ගබඩා කර තිබූ වී තොග මධ්‍යසාරවලට විකිණීමේ පුවතයි. ඒ අනුව අපට පැහැදිලි වන්නේ මේ පිරිස තණකොළ පමණක්‌ නොව පුන්නක්‌කුද කන වතුර වෙනුවට මධ්‍යසාර ද පානය කරන අං දෙකක්‌

ඉදිරියේදී එය අනිවාර්යයෙන්ම සිදුවීමට නියමිතය


පත්වුණු හැම ආණ්‌ඩුවක්‌ම මේ රටේ තිබෙන්නේ "නිදහස්‌ සෞඛ්‍ය සේවාවක්‌" බව නිතර අපට මතක්‌ කරන්නේය. එසේ මතක්‌ නොකරන්නට ඒ බව අපට අමතක වී බොහෝ කලක්‌ ගතවී තිබෙන්නට පුළුවන. එසේ අමතකවීමට හේතුව මතක්‌ කරනවා හැරෙන්නට කියන තරමේ නිදහසක්‌ සෞඛ්‍ය සේවයේ දකින්නට නොලැබීමය.

අපි පෙරේදා (19දා) පුවත්පත
පළවී තිබූ ප්‍රවෘත්තියක්‌ ගැන අවධානය යොමුකරමු. එම ප්‍රවෘත්තියෙහි සඳහන් වන්නේ ඉකුත් වසරේ ජුලි මස සිට මේ දක්‌වා ගතවූ කාලය තුළ දේශීය වෙළෙඳපොළෙහි පවතින

තුන් වේලට බණ අහන රටේ අශිෂ්ට මිනිසුන්ගේ තරම..

පාර්ලිමේන්තුවේ සිටින සමහරු මොළේ අමාරුකාරයන් බව ස්‌ථිරවම කිව හැකි ප්‍රවෘත්තියකට මේ දිනවල මුල් තැන ලැබී තිබේ. තොරතුරට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් බරපතළ ලෙස ලිංගික හිංසනයට ලක්‌වේ. 

"Eve Teasing" යනුවෙන් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ මහමඟදී ප්‍රසිද්ධ ස්‌ථානවලදී තරුණයන් විසින් තරුණියන්ට උසුළු විසුළු කිරීමය. එහෙත් ලිංගික වශයෙන් හිරිහැර කිරීම (Sex Abuse) යන්න ඊට වඩා බරපතළ තත්ත්වයකි. 

විශේෂත්වය වන්නේ උසුළු විසුළු කළ යුතු වයසේ සිටින තරුණ දේශපාලනඥයන් නොව හැට පිරුණු  මහලු දේශපාලනඥයන් මෙම ලිංගික හිරිහැර කිරීම්වලට පෙරමුණ ගෙන සිටීමය. 

මේ කියන "සෙක්‌සජෙනරියන්" පිරිස (හැට සහ හැට නවය අතර වයස්‌ ඇත්තන් ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Sexagenarian යනුවෙනි.) දේශපාලනික වශයෙන් පමණක්‌ නොව වනචරකම පැත්තෙන්ද

‘‘අබිලින්‘‘ දිවි රඟමඩලින් සමුගනී...


ප්‍රවීණ රංගන ශිල්පී චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතා අද උදෑසන අභාව ප්‍රාප්ත වී තිබෙනවා. ‘‘අබිලින්‘‘ නමින් ප්‍රසිද්ධ වුණු ඔහු මෙරට ලොකු කුඩා කා අතරත් ඉතා ජනප්‍රිය චරිතයක් වුණා.

වේදිකා, චිත්‍රපට හා ටෙලි නිර්මාණ රැසකට රංගනයෙන් දායක වූ ඔහු දිවි රඟමඩලින් සමු ගන්නා විට 67 වන වියේ පසුවුණා. පසුගියදා හදිසියේ රෝගාතුර වූ චන්ද්‍රසිරි මහතා පසුගියදා ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබුණා.


වැඩි කරදරයක්‌ නැතිව රියෑදුරු බලපත්‍රය ලබාගැනීමේ ක්‍රමය..

'ලර්නර්ස්‌' (රියෑදුරු පුහුණු පාසලක හිමිකරුවකු) කාරයකු දෙකයි පනහේ වැඩක්‌ කර තිබේ. 

ඒ රියෑදුරු බලපත්‍රය ලබාගැනීමේ පරීක්‍ෂණයෙන් සමත්කරදීමට මෝටර් වාහන පරීක්‍ෂකවරයාට දීමට යෑයි කියමින් රුපියල් 5000 ක අල්ලසක්‌ ලබාගැනීමය. 

එක්‌ අතකින් මේ නසරානියා කර ඇත්තේ තමන් මෙන්ම පගා ගහන අපතයන්ට අපහාස වන අන්දමේ වැඩකි. රටට හොඳ රියෑදුරන් බිහිකරන ප්‍රායෝගික පරීක්‍ෂණය හොරට පාස්‌ කරදීමට අවම වශයෙන් රුපියල් පනස්‌දහසේ සිට ලක්‍ෂය දක්‌වා වූ පගාවක්‌ අය කරනවා වෙනුවට පන්දාහක්‌ අයකිරීම මොන හිඟන වැඩක්‌ද? 

සමහරවිට මේ පුද්ගලයා පන්දාහේ කෑලි හය හතකින් ගොඩයැමට සිතා සිටියා වන්නටද පුළුවන. අනෙක්‌ අතට මේ හාදයා කර ඇත්තේ ජාතික

බස්‌ රථවල රූපවාහිනියේ පෙන්වන ඕල්මොරොන්දන් දර්ශන...


කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ දුර ගමන් සේවා බස්‌ රථවල පෙන්වන අසභ්‍ය වීඩියෝ දර්ශන සහ රංගන හේතුවෙන් බස්‌ මගීහු අසීරුතාවට පත්වෙති.

දුර ගමන් සේවා බස්‌රථ බොහොමයක ඉදිරිපස වීඩියෝ පටි තැටි නැරඹිය හැකි රූපවාහිනි සවිකර ඇත. මගීන්ට නැරඹිය හැකි වීඩියෝපට තීරණය කරන්නේ රියෑදුරු හෝ සහායකයාය. 


පාසල් දරු දැරියන් පෞද්ගලික පන්ති (ටියුෂන්) වැඩි වශයෙන් යන සති අන්ත බස්‌රථවල ඇසෙන්නේ සහ දකින්නේ ප්‍රේමයෙන් විලාප නගන මරලතෝනි දෙන තුට්‌ටු දෙකේ ලඳ බොළඳ ප්‍රේම අදෝනාවන් බව දැරු දැරියෝ පවසති. ප්‍රේමයෙන් උමතුව පෙම්වතියන්ට හිරිහැර කරන වස

මෙපමණ දිනක්‌ රටේ ප්‍රශ්නවලට මුල් වී තිබුණේ භික්‌ෂු විනය නීති ද..?


මේ ලෝකයේ තවමත් පවත්නා පැරණිම සාධු සමාජය භික්‌ෂු ශාසනයයි. එය ආරම්භ කළෝ අතිපූජනීය ගෞරවනීය සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ මේ ශ්‍රේෂ්ඨ සාධු සමාජය නිර්මාණය කළා පමණක්‌ නොව ඊට අයිති විනය නීති ද ශික්‌ෂාවන්ද සම්පාදනය කළෝය. 

මේ ලෝකයේ කිසිම රටක පාර්ලිමේන්තුවක්‌ තබා ඒකාධිපති රජෙක්‌ වත් මේ සාධු සමාජයට නීතිරීති සකස්‌ කිරීමේ පණ්‌ඩිත වැඩ කරන්නට

පාරිභෝගික අපිම ඒ බර දරා සිටිමු...


බඩු මිල පිළිබඳව නැවත මැසිවිලි නැගේ. අයවැයෙන් පසු සහන ලැබේ යෑයි සිතූ බොහෝ දෙනෙක්‌ දැන් අසහනයෙනි. පාලන මිල යනු වෙළෙන්දන් අතර කිසිදු පාලනයක්‌ නැති වචනයක්‌ බවට පත්ව තිබේ. 

මේ වසරට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය තුළ සහල්වල පටන් සීනි, ටින්මාළු, පරිප්පු, හාල්මැස්‌සන් සඳහා පාලන මිලක්‌ නියම කරන බව

සැමියාව ඝාතනය කර අනියම් සැමියා සමඟ සැඟව සිටි බිරිඳ...


බිරිඳ අනියම් සැමියා හා එක්‌ව විවාහක සැමියාට උදැල්ලෙන් කොටා මරා දමා සැඟවී සිටියදී සිද්ධියෙන් දින 5 කට පසු නාවලපිටිය පොලිසිය

එකවර පෙම්වතුන් දෙදෙනකුට ආදරය කළ සිසු පෙම්වතිය..


එක්‌ පෙම්වතියක්‌ එකවර පෙම්වතුන් දෙදෙනකුට ආදරය කිරීමෙන් පෙම්වතුන් දෙදෙනා එකම අවස්‌ථාවකදී ඇය මුණගැසීමට යාමෙන් සිදුවූ ආරවුලකදී පෙම්වතෙක්‌ අනෙක්‌ පෙම්වතාට පහරදීම නිසා එක්‌ අයෙකු නොච්චියාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ පෙම්වතුන් දෙදෙනා හා පෙම්වතිය පාසැල් සිසු සිසුවියන් වේ. සිසුවිය පෙම්වතුන් දෙදෙනාට හසුනොවන පරිදි

නිරායුධ පුද්ගලයන් මරා දමන්නෝ බියගුල්ලෝ වෙති. ඔවුන් කිසිදු අයුරකින් වීරයන් වන්නේ නැත.


ඇඹිලිපිටියේ මල්වර මඟුලක ඇතිවූ ගැටුමක් අවසන් වූයේ අවමඟුලකිනි. මඟුල් උත්සවයේ 'ශබ්දය' ඉවසා ගත නොහැකිවූ අසල්වාසීන්ගෙන් 119 අංකයට ලැබුණු ඇමැතුම් නිසා රාජකාරිය කිරීමට 'පොලිසිය' යෑම ගැටුමට මුල්විය. පොලිසිය පවසන්නේ බීමත්ව සිටි පිරිස රාජකාරියට බාධා කරමින් නිලධාරීන්ට පහර දුන් බවය. 

අනෙක් පාර්ශ්වයට අනුව ගැටුමට හේතුව පොලිසිය 'අරක්කු' ඉල්ලා සිටීමය. පළමුවර 'අරක්කු සහ බයිට්' දී පිටත් කළද දෙවැනි වර පැමිණ

කුඩු සමග තවත් මත්වන බොහෝ දේ රටට ගලා එන බව බොහෝ දෙනෙක්‌ තේරුම් නොගැනීම.


වත්තල මීගමුව ප්‍රදේශවලින් කොළඹට මහා පරිමාණයෙන් හෙරොයින් බෙදා හැරීම සඳහා ගෙන එන සමූහ ජාවාරම්කරුවන් හතර දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ඊයේ වාර්තා වී තිබිණි.

එමෙන්ම මීගමුවටම සම්බන්ධ තවත් මත් කතාවක්‌ද ඊයේ වාර්තා වී තිබිණි. ඒ, සමාජ ශාලාවල රහසිගතව විකුණනු ලබන ප්‍රංශයේ සිට

කෝපි කඩේ අබිලින් දැඩි සත්කාර ඒකකයේ.


ප්‍රකට ටෙලි නාටකයක් වන කෝපි කඩේ ˜අබිලින්˜ගේ චරිතය නිරූපණය කරන ලද චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතා හදිසියේම රෝගාතුරවී ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වනවා.

කැස්සකින් හටගත් රෝගය ඔහුට තවත් සංකුලතා මතු කරමින් දැඩි රෝගයක් බවට පත්වූ බවත් ගම්පහ රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා ඔහු ඇතුළත් කරන්නට සිදුවූ බවත් පවුලේ අය දන්වා සිටී.

පොලිස්‌ කතා නිසාම පොලිෂ් වූ "පොලිස්‌" කතාවක්‌..


යළිත් "පොලිස්‌" කතාවක්‌ ලිවීමට සිදුව තිබේ. 2015 පොලිස්‌ කතා නිසාම පොලිෂ් වූ වසරකි. දැන් මේ වර්ෂයටද පොලිසිය වැඩ අල්ලා තිබේ. හැම සිදුවීමකදීම මෙන් මෙම සිද්ධියේදීද පාර්ශ්ව දෙකක්‌ "නිවැරැදි" යෑයි කියන කරුණු ඉදිරිපත් කරමින් සිටිති.

මේ වන විට කවුරුත් දන්නා පරිදි අප මේ කතා කරන්නේ "ඇඹිලිපිටිය" සිදුවීම ගැනය. ගමේ පිරිස සුපුරුදු ආකාරයට පොලිසියට චෝදනා කරන

යහපාලනයේ තේරුම ලබාගත හැකි තුන් තේරවිල්ල..


බලය නම් රාජ්‍යය යන්න තරමක්‌ පැරණි සම්භාවනීය දේශපාලන මතයකි. හේගල් වැනි දාර්ශනිකයන් පවා දැරූ න්‍යායකි. මෙය විශ්වාස කළ අයත් නොකළ අයත් ඉදිරියේ රාජ්‍යයන් බිඳවැටෙන විට කාටත්

තනපටයේ සිට සියලු රෙදි ගැලවීම...!


පසුගිය වසරේ (2015) ශ්‍රී ලංකාවේ සිදු වූ ම්ලේච්ඡත්වය හා විකෘති මානසිකත්වය විදහා පෑ අති අමානුෂික සිද්ධීන් අතුරින් මේ වන විටත් ජනතාවට හරිහැටි මතක තිබෙන්නේ කොටකෙතන සිදුවීම් පෙළ හා කොටදෙනියාවේ සිඟිති දැරියගේ ඝාතන සිදුවීම පමණක්‌ම බව අපි විශ්වාස කරමු. 

එහෙත් අවාසනාවකට මෙන් සිහිපත් කිරීමටත් ලඡ්ජා හිතෙන තරමටම එම සිදුවීම් ප්‍රමාණය අතිශය ඉහළ ගොස්‌ ඇති බව කනගාටුවෙන් වුවද

නියෝජිතයකු පත් කර හරින්නේ තමන්ගේම මුදලින් පිස්‌සු කෙළින්නටම නොවන බව


රටේ ජනතාවට ප්‍රශ්න නැති තරම් ය. තිබෙන තරමක්‌ ප්‍රශ්න තිබෙන්නේ දේශපාලනඥයන්ට ය. දැන් රට යන අත බලන විට අපට හිතෙන්නේ එහෙමය. අලුත් ආණ්‌ඩුව පත් වූ දා පටන් දේශපාලනඥයන්ට තනතුරු, වරප්‍රසාද, නිල රථ පිළිබඳව ප්‍රශ්න කප්පරකට තිබිණි. 

ඇමැතිවරුන්ට නිල නිවාස පිළිබඳව ද, 'සුපිරි කාර්යාල ගොඩනැඟිලි' පිළිබඳව ද ප්‍රශ්න තිබිණි. සමහර ගොඩනැඟිලි කාර්යාල සඳහා මිලදී

පොඩ්ඩාගෙන් සිංහ ලේ ට කනේ පාරක්..!

ත්‍රස්‌තවාදීන්ට "පොදු සමාව" නොව "පොඩි සමාවක්‌" හෝ නොදෙන එක ගැන...


දේශයට හිතැති කාගෙත් හිත හැදෙන සිත් ගත් ප්‍රකාශයක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කර තිබේ. පසුගියදා 'ද හින්දු' පුවත්පතට ජනාධිපතිවරයා කියා තිබුණේ රැදවුම්භාරයේ සිටින හිටපු

මූදට හත්ගව්වකට පෙර අමුඩය නොඇඳීමේ විපාකය


ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතික පිරිසක්‌ වෙනත් රටවල වන්දනාවේ යන බව සඳහන් කරමින් අයි එස්‌ අයි එස්‌ ත්‍රස්‌තවාදය ක්‍රියාත්මක වන සිරියාවට

දැඩි ලෙස රෝගාතුර වූ ගායක ප්‍රින්ස්‌ උදය ප්‍රියන්ත වෙනුවෙන් ආධාර පතයි

90 දශකය ආරම්භයේ සංගීත ලොව සිසාරා නැගුණු මියුරු නැවුම් ගී හඬක හිමිකරුවා ලෙස සුවහසක්‌ ගී රසික රසිකාවියන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ ගායක ප්‍රින්ස්‌ උදය ප්‍රියන්ත දැඩි ලෙස රෝගාතුරව නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වේ.

මොළයේ හටගත් විෂබීජ ආසාදනයක්‌ හේතුවෙන් රෝගී වු ප්‍රින්ස්‌ගේ මතක ශක්‌තියද ගිලිහී ගොස්‌ ඇති අතර කතාකර ගැනීමටද නොහැකිව සිටී. 


ගිලන් ඇඳමත වැතිර දියර ආහාර මගින් පමණක්‌ යෑපෙන ප්‍රින්ස්‌ සුවපත් කර ගැනීම සඳහා දායකවීමට කැමැති රසික රසිකාවියන්ට 0769111838

ත්‍රස්‌තවාදය ගැන අලුතෙන්ම හිතන්නට පටන් ගන්නා වර්ෂයක්‌ හැටියට 2016 නම් කළ යුතු බව


ඉන්දියාවේ පතන්කොට්‌ ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරය පිළිබඳව ප්‍රවෘත්තිය මේ වන විට ලොව පුරා අවධානයට ලක්‌ව තිබේ. පසුගිය සෙනසුරාදා (02 දා) අලුයම් කාලයේ සිට ඉරිදා (03 දා) සවස්‌

2016 රිය අනතුරු වළකන වසරක්‌ කර ගන්නට...!


පසුගිය වසරේ අවසන් සතියේදී අවධාරණය කළ කාරණයක්‌ පිළිබඳව නැවත සටහන් කිරීමට සිදුව තිබේ. ඒ පසුගිය වර්ෂය තුළ සිදු වූ රිය අනතුරු සංඛ්‍යාව අවසන් සතිය වන විට වැඩි අගයක්‌ ගෙන තිබුණා යෑයි කියන බරපතල ප්‍රවෘත්තියයි.

රටේ ජනතාවගේ පමණක්‌ නොව වගකිව යුතු කොයි කාගේත් අවධානයට ලක්‌විය යුතු කාරණයක්‌ වුවද මේ ගැන කිසිවකුත් එතරම්

පෙම්වතියගේ යට ඇඳුමත් නෑ – පෙම්වතාට තරු පෙනෙයි


කොස්ටාරිකා රාජ්‍යයේ ‘ලා ටැගාඩා‘ නමැති විනෝද සැණකෙළියකට සහභාගි වෙමින් සිටි තරුණ පෙම්වතුන් යුවළක දැඩි අපහසුතාවට පත්වූ වීඩි‍යෝවක් මේවන විට අන්තර්ජාලයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා.

එහිදී කැරකෙන මෙරිගෝවේ සිටින  සිය පෙම්වතියගේ කලිසම ගැලවීයාම වළක්වා ගැනීමට පෙම්වතා  දැඩි පරිශ්‍රමයක් දරන දර්ශනයක් දැක ගත හැකි වනවා. ගැස්සෙමින්, පැද්දෙමින්, ඉහළට විසිවෙමින් දැඩි වේගයෙන් ගමන් කරන එම යන්ත්‍රය තුළ තවත් පිරිසක් සිටි අතර එහි

2015දී මුළු ලොවේම අවධානය යොමුවූ දුර්ලභ ඡායා රූප එකතුවක්!


2015 වසරේදී ලොවපුරා ජනතාවගේ වඩාත් අවධානයට ලක්වූ සිද්ධීන් ගණන අපමණය. සතුට ප්‍රීතිය දනවන පුවත් මෙන්ම දුක වේදනාව දනවන පුවත්ද ඒ අතර ඕනෑ තරම්ය. මේ වසරේදී එනම් 2015 වසරේ