Ads 468x60px

.

එකවර පෙම්වතුන් දෙදෙනකුට ආදරය කළ සිසු පෙම්වතිය..


එක්‌ පෙම්වතියක්‌ එකවර පෙම්වතුන් දෙදෙනකුට ආදරය කිරීමෙන් පෙම්වතුන් දෙදෙනා එකම අවස්‌ථාවකදී ඇය මුණගැසීමට යාමෙන් සිදුවූ ආරවුලකදී පෙම්වතෙක්‌ අනෙක්‌ පෙම්වතාට පහරදීම නිසා එක්‌ අයෙකු නොච්චියාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ පෙම්වතුන් දෙදෙනා හා පෙම්වතිය පාසැල් සිසු සිසුවියන් වේ. සිසුවිය පෙම්වතුන් දෙදෙනාට හසුනොවන පරිදි

එකිනෙකාට හොර රහසේ දෙදෙනා සමගම ප්‍රේම සම්බන්ධතාවන් පවත්වාගෙන ගොස්‌ ඇත. 

පසුගිය දිනක තම පෙම්වතිය සමග එක්‌ පෙම්වතෙක්‌ පෙම්බස්‌ දොඩමින් සිටින විට අනෙක්‌ පෙම්වතාද පෙම්වතිය සොයා පැමිණ තිබේ. එහිදී තම පෙම්වතිය තවත් අයෙකු සමග ප්‍රේමයෙන් ඇලිගැලී සිටින අයුරු දැක ඔහුට පහරදී ඇත. පහරකෑ පෙම්වතා පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පහරදුන් අනෙක්‌ පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් පාසල් සිසුවා තඹුත්තේගම මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදුව ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක්‌ හා රුපියල් 1000 ක මුදල් ඇපයක්‌ මත මුදාහරින ලෙස මහෙස්‌ත්‍රාත් එස්‌. බී. ඉලංගසිංහ මහතා විසින් නියෝග කළ අතර මාර්තු මස 03 වැනි දින නොච්චියාගම සංචාරක මහෙස්‌ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසත් නියෝග කළේය. 
 
Related Posts with Thumbnails