Ads 468x60px

.

බස්‌ රථවල රූපවාහිනියේ පෙන්වන ඕල්මොරොන්දන් දර්ශන...


කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ දුර ගමන් සේවා බස්‌ රථවල පෙන්වන අසභ්‍ය වීඩියෝ දර්ශන සහ රංගන හේතුවෙන් බස්‌ මගීහු අසීරුතාවට පත්වෙති.

දුර ගමන් සේවා බස්‌රථ බොහොමයක ඉදිරිපස වීඩියෝ පටි තැටි නැරඹිය හැකි රූපවාහිනි සවිකර ඇත. මගීන්ට නැරඹිය හැකි වීඩියෝපට තීරණය කරන්නේ රියෑදුරු හෝ සහායකයාය. 


පාසල් දරු දැරියන් පෞද්ගලික පන්ති (ටියුෂන්) වැඩි වශයෙන් යන සති අන්ත බස්‌රථවල ඇසෙන්නේ සහ දකින්නේ ප්‍රේමයෙන් විලාප නගන මරලතෝනි දෙන තුට්‌ටු දෙකේ ලඳ බොළඳ ප්‍රේම අදෝනාවන් බව දැරු දැරියෝ පවසති. ප්‍රේමයෙන් උමතුව පෙම්වතියන්ට හිරිහැර කරන වස
විෂ පානය කරන, ගහමරා ගන්නා දර්ශන ඇතුළත් මෙම දර්ශන කාන්තා හිංසනයට ඉඩකඩ සලසන බව සමාජ විශ්ලේෂකයෝ පවසති.

බොහොමයක බස්‌ රථවල මෙවැනි ඕල්මොරොන්දන් දර්ශන පවුලේ එකට නැරඹිය නොහැකි බව දෙමාපියෝ පවසති.

අධ්‍යාපනයට මුල් තැන දිය යුතු සිසු දරුවන් වල්මත් කරන දිනපතා දකින්නට ලැබෙන ලඳ බොළඳ දසුන් එම දරුවන්ගේ මානසිකත්වයට ප්‍රබල පහරකි.

වයඹ මාර්ගයේ ප්‍රවාහන අධිකාරිය මැදිහත්ව දරුවන් ඇතුළු මගීන්ගේ අධ්‍යාත්මික දියුණුව සැලසෙන අධ්‍යාපන වටිනාකම ඇති ගීත තෝරා බුද්ධිමතුන්ගේ ද සහාය ලබාගෙන ගුණාත්මක දෙයක්‌ ජනතාවට දිය හැකි නම් මහඟු සේවාවකි.

මාර්ගස්‌ථ ප්‍රවාහන අධිකාරියේ සභාපතිතුමනි දැයේ දරු දැරියන්ගේ, බස්‌ මගීන්ගේ මනසට හිතකර දසුන් ඇති සමාජ හර පද්ධතිය ආරක්‍ෂා වෙන සැබෑ වෙනසක්‌ කොට වයඹ අභිමානය ඉහළ නැංවීමට දායක වන්න.
 
Related Posts with Thumbnails