Ads 468x60px

.

මූදට හත්ගව්වකට පෙර අමුඩය නොඇඳීමේ විපාකය


ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතික පිරිසක්‌ වෙනත් රටවල වන්දනාවේ යන බව සඳහන් කරමින් අයි එස්‌ අයි එස්‌ ත්‍රස්‌තවාදය ක්‍රියාත්මක වන සිරියාවට
ගොස්‌ තිබෙන බව වාර්තා වී ඇතැයි ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි බ්‍රිතාන්‍ය ගුවන් විදුලියට (බීබීසියට) කී බව ඊයේ සටහන්ව තිබිණි. එමෙන්ම ඔවුන්ගෙන් කොටසක්‌ අයි එස්‌ අයි එස්‌ ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීනට එකතු වී ඇතැයි සැලකෙන බව ද ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබිණි.

මෙය නළල රැලි කරගත යුතු අලුත්ම අලුත් ප්‍රවෘත්තියක්‌ නොවන බව අපේ විශ්වාසයයි. අයි එස්‌ අයි එස්‌ සමඟ ඇතැම් ශ්‍රී ලාංකීය මුස්‌ලිම්වරු එක්‌ව ඇති බවට තොරතුරු පසුගිය වර්ෂයේ (2015) මැයි මාසය දක්‌වා පරණ එකකි.

ගලේවෙල "මොහොමඩ් මුෂින් µර්හාස්‌ නිලාම්" අයි එස්‌ අයි එස්‌ ත්‍රස්‌තවාදියකු බවට පත්වූ කතාව අයි එස්‌ අයි එස්‌ සංවිධානය විසින්ම ප්‍රකාශයට පත්කරන ඩබික්‌ (Daඉසු) සඟරාවේ හතරවැනි කලාපයේ (පසුගිය වර්ෂයේ නොවැම්බර් මාසයේ) ද සටහන්ව තිබිණි. 


එහි ලිපියක සඳහන් වන්නේ මුෂින් µර්හාස්‌ නිලාම් සමඟ තවත් 22 ක්‌ අයි එස්‌ ත්‍රස්‌ත සංවිධානයට බැඳීම සඳහා සිරියාවට පැමිණ ඇති බවයි. ඔවුන් අතර මුෂින්ගේ පවුලේ උදවිය ද වන බව එහි සඳහන්ය.

මුෂින් නමැති ගහල අයි එස්‌ ත්‍රස්‌තවාදියාට අයි එස්‌ සංවිධානය විසින් ලබා දී ඇති නම වන්නේ "අබු ෂුරාහ් සිලානි) ය. "මුෂින්" නොහොත් "අබු ෂුරාහ්" ගැන මුල්ම තොරතුරු ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ සෙවීම ආරම්භ කරන විට ලෙබනනයේ හා ජාත්‍යන්තර පොලිසියේ බුද්ධි අංශ ඔහු ගැන බොහෝ තොරතුරු සොයාගෙන අවසන්ව තිබිණි. 


ඉන්දියාවේ ත්‍රස්‌ත මර්දන බළකාය ද අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ අයි එස්‌ අයි එස්‌ ඒජන්තවරයකු සිටිය හැකි බවයි. ඉන්දීය ත්‍රස්‌ත මර්දන ඒජන්සිය මගින් අත්අඩංගුවට ගත් අයි ඕ සී තෙල් සමාගමේ විධායක නිලධාරියකු වූ මොහොමඩ් සිරාජුඩීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අයි එස්‌ සන්ධානයට සම්බන්ධ යෑයි සැකකෙරෙන පූනේ නගරයේ 16 හැවිරිදි පාසල් සිසුවියක ගැනත් ශ්‍රී ලංකාවේ අයි එස්‌ ත්‍රස්‌ත ඒජන්තයා ගැනත් තොරතුරු හෙළි වී තිබිණි.

මේ එකදු සිදුවීමක්‌ හෝ හුදකලා සිද්ධීන් හැටියට ගත යුතු නැත. ශ්‍රී ලාංකීය මුස්‌ලිම් පිරිසක්‌ අයි එස්‌ ත්‍රස්‌තවාදීන්ට සම්බන්ධ වීමත්, ශ්‍රී ලංකාවේ අයි එස්‌ ත්‍රස්‌ත ඒජන්තයකු සිටීමත් සරල කාරණා හැටියට කිසිවිටෙකත් බැහැර කළ යුතු නොවේ. 


පසුගිය දෙසැම්බර් මාසයේ 28 වැනිදා වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාවේ පවුල් 09 කට අයත් 45 දෙනකු අයි එස්‌ සංවිධානයට බැඳීම සඳහා සිරියාවට ගොස්‌ ඇති බවය. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ අයි එස්‌ සංවිධානයට හිතවත් "ත්‍රස්‌ත සානුකම්පිත" පිරිස වර්ධනය වෙමින් පවතින බව ද බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට රහස්‌ ලේඛනයක්‌ මගින් දැනුම් දී තිබිණි.

අයි එස්‌ ක්‍රියාකාරකම් ඉතා වේගයෙන් ලොව පුරා පැතිර යැමට සමාන්තරව ඒ ගැන තොරතුරු ද ලොව පුරා හුවමාරු වෙමින් තිබේ. ලොව පුරා බුද්ධි අංශ මෙම තොරතුරු පාදක කරගනිමින් අයි එස්‌ අයි එස්‌ ත්‍රස්‌ත ක්‍රියා විමර්ශනය කිරීමේ ඒකක ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. 


අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාව පවා එම කටයුත්තට අතගසා තිබේ. අපේ රටේ තවමත් එවැනි විමර්ශනය කිරීමේ ඒකකයක්‌ ස්‌ථාපිතව නොමැතිවීම බලවත් අඩුපාඩුවකි. එවැනි ඒකකයක්‌ තිබියේ නම් "අබු ෂුරාහ් සිලානි" මක්‌කම වන්දනාවේ යන බව කියමින් පවුල් පිටින් අයි එස්‌ ත්‍රස්‌තයන්ට එක්‌වීමේත්, බුරුතු පිටින් සිරියාවට ගොස්‌ "ජිහාඩ් ජෝන්ලා" වීමේන් සුලමුල සොයාගත හැකිව තිබිණි.

මේ කියන දැ "දිය කොරහේ කිඹුලන් නොව ඇනකොන්ඩාවන්" දැකීමක්‌ යෑයි සමච්චලයට ලක්‌කරන "සාම මහත්වරු" සිටිය හැක. ඒ අයට අපට කියන්නට ඇත්තේ ත්‍රස්‌තවාදය නැවත අපේ රටට එන්නේ එල්. ටී. ටී. ඊ. වේශයෙන්ම පමණක්‌ නොවන බවය. ඒ නිසා මූදට හත්ගව්වක්‌ තිබියදීම අමුඩය ඇඳිය යුතුය.
 
Related Posts with Thumbnails