Ads 468x60px

.

තනපටයේ සිට සියලු රෙදි ගැලවීම...!


පසුගිය වසරේ (2015) ශ්‍රී ලංකාවේ සිදු වූ ම්ලේච්ඡත්වය හා විකෘති මානසිකත්වය විදහා පෑ අති අමානුෂික සිද්ධීන් අතුරින් මේ වන විටත් ජනතාවට හරිහැටි මතක තිබෙන්නේ කොටකෙතන සිදුවීම් පෙළ හා කොටදෙනියාවේ සිඟිති දැරියගේ ඝාතන සිදුවීම පමණක්‌ම බව අපි විශ්වාස කරමු. 

එහෙත් අවාසනාවකට මෙන් සිහිපත් කිරීමටත් ලඡ්ජා හිතෙන තරමටම එම සිදුවීම් ප්‍රමාණය අතිශය ඉහළ ගොස්‌ ඇති බව කනගාටුවෙන් වුවද
සටහන් කරමු.

2015 මුල් මාස එකොළහක කාලය තුළ වයස අවුරුදු 16 ට අඩු තරුණියන් 1501 ක්‌ ස්‌ත්‍රී දූෂණවලට ලක්‌ව තිබේ. සමස්‌ත ස්‌ත්‍රී දූෂණ ප්‍රමාණය 1854 කි. ඒ අනුව 2015 වර්ෂයේදී ශ්‍රී ලංකාව තුළ සෑම මාසයකදීම ස්‌ත්‍රීන් 168 කට ආසන්න පිරිසක්‌ දූෂණයට ලක්‌ව තිබේ. 


එය මාසයේ දින ගණනටත් වඩා වැඩි ප්‍රමාණයකි. එය ප්‍රතිශතයක්‌ වශයෙන් දැක්‌වීම පවා "අපේ" තරම තේරුම් ගත හැකි පිළිකුල දනවන්නක්‌ බව අප සටහන් කරන්නේ මහත් සංවේගයෙනි.

පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් පවසන ආකාරයට අවුරුදු 16 ට අඩු දරුවන්, තරුණියන් ස්‌ත්‍රී දූෂණවලට ලක්‌ව ඇති ප්‍රමාණයෙන් 1209 ක්‌ම ස්‌වකැමැත්තෙන්ම දූෂණයට ලක්‌ව තිබේ. නැවතත් කිව යුතුය මෙය අතිශය ලැඡ්ජාවට පත්විය යුතු කාරණයකි.

මේ ගණන් හිලව් ඇතිව දක්‌වා තිබෙන්නේ වික්‌ටෝරියානු සදාචාරය මල් පුදා ආරක්‍ෂා කරන එන්රිකේ ඉග්ලේෂියස්‌ට තනපටය විසිකිරීම බරපතළ සංස්‌කෘතික වරදක්‌ කරගත්, එවැනි බජව් සංවිධානය කරන අයට මඩු වලිගයෙන් තැලිය යුතු යෑයි කෑ මොර දෙන සමාජයක තරමය.

මේ අසික්‌කිත රෙදි ගැලවීම සිදුවන්නේ තුන්වේලට බණ අසන, දානෙට, පිරිතට බණ අසන, රේඩියෝවෙන් බණ අසන, දහම් පොත් බෙදනා රහතුන් වැඩි මඟම යන්නට පෙරුම් පුරන මිනිසුන් පිරි සමාජයකය. 


දැන් මේ වරදට හේතුව සොයන අයගේ ප්‍රධානම "බයිට්‌" එක බවට පත්වන්නේ ජංගම දුරකථනය, අන්තර්ජාලය බව සියයට සියයක්‌ විශ්වාසය. අන්තර්ජාලය බ්ලොක්‌ කිරීම, ජංගම දුරකථන භාවිතය අවුරුදු 16 කට අඩු අයට තහනම් කිරීම, සියලුම ජංගම දුරකථන සතියකට වරක්‌ ළඟම ඇති පොලිස්‌ ස්‌ථානයට ඉදිරිපත් කිරීම වැනි තකතීරු යෝජනා ඉදිරියේදී මේ හේතුව නිසා ඉදිරිපත් වුවද පුදුමයට පත්විය යුතු නැත.

2015 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ වැඩිදෙනකුගේ අවධානයට එතරම් ලක්‌නොවූ ප්‍රවෘත්තියක්‌ වාර්තා වී තිබිණි. එම ප්‍රවෘත්තියට අනුව ස්‌ත්‍රී දූෂණයන්ට සම්බන්ධ වූ වරදකරුවන් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් බවට පත්කිරීම සඳහා අපරාධ වැළැක්‌වීමේ ආඥ පනත සංශෝධනය කිරීමට නීතිපති උපදෙස්‌ ලබාගැනීම වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවට යොමුකර තිබිණි.

(තවමත් එම උපදෙස්‌ ලැබුණද ආඥ පනත සංශෝධනය වූවාදැයි අප දන්නේ නැත. එහෙත් දැනට මාස හතරක්‌ ගෙවී ගොස්‌ ඇති බව පමණක්‌ අපි හොඳින්ම දනිමු.)

ඒ බොහෝ සෙයින් ප්‍රමාද වී ඇති, මීට බොහෝ කාලයකට පෙර ක්‍රියාත්මක කළ යුතුව තිබූ කාර්යයක්‌ බව අපේ හැඟීමයි. ස්‌ත්‍රී දූෂණ විශේෂයෙන් ළමා අපයෝජන වැඩි වශයෙන් වාර්තා වන පසුබිමක්‌ තුළ එවැනි වැදගත් තීරණයක්‌ ගැනීමට මොහොතක්‌ හෝ පමා නොවිය යුතු බව අපි අවධාරණය කරමු. 


එමෙන්ම සංස්‌කෘතිය, සභ්‍යත්වය, සදාචාරය ගැන කතා කරන කිසිවකු ගෙන් ඊට විරෝධය පළ නොවන බව ද අපි කියමු. 2015 වර්ෂයේ ස්‌ත්‍රී දූෂණ 1854 ක්‌ සිදුවුණා යෑයි කියන විට එවැනි අශිෂ්ටයන් දරුණු අපරාධ කරුවන්ගේ කැටගරියකට ඇතුළත් කළත් කිසිවකු හෝ විරෝධය පළ කරන්නේ නැත.

පසුගිය වර්ෂයේ මුල් මාස 11 තුළදී සිදු වූ ස්‌ත්‍රී දූෂණවලින් දූෂණ 1717 ක්‌ විස¹ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි. මේ නිල නොලත් අයි. ආර.¨ සී. කාරයන්ගෙන් සමහරක්‌ අද හිරගෙදර වන්නට පුළුවන, 


තවත් අය තවමත් මාසයකට වරක්‌ දෙවරක්‌ නඩුවට පෙනී සිටිනවා වන්නට පුළුවන. තවත් අය සමාජයේ නිදැල්ලේ හැසිරෙනවා වන්නට පිළිවන. වඩාත් භයානක මේ නිදැල්ලේ හැසිරෙන පිරිසය. 

මේ අශිෂ්ටයන් අප අතර සැරිසරන්නේ හතර පෝයට සිල් ගනිමින් විය හැකිය. අප අතරේ සිටින වඩාත්ම උපාසක විනීත මිනිසා මේ පාදඩයන් ගෙන් එකකු විය හැකිය. එවැන්නෙකුට අයි. ආර්. සී. පදවිය ලබාදීම සමාජයේ යහපතට හේතුවකි.

ස්‌වකැමැත්තෙන් අතවරයට ලක්‌වූ අවුරුදු 16 ට අඩු දැරිවියන් අතර දහම් පාසල් නොයන අය ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන් විය හැකි බව අපේ විශ්වාසයයි. මෙය භාවනා වැඩමුළු පැවැත්වීමෙන් විසඳිය හැකි අර්බුදයක්‌ නොවේ. මේ සමාජයේ ජීවත්වන අප කාගෙනුත් මඟහැරී ඇති වගකීමක නරක අතුරු ඵලයකි.
 
Related Posts with Thumbnails