Ads 468x60px

.

නොරොච්චෝලේ කන්කරච්චලය ජනතාවට බරක්‌ නොවන ආකාරයට කළමනාකරණය කිරීමට නම්.

පසුගිය සතියේ බ්‍රහස්‌පතින්දා සිදුවූ විදුලිය බිඳ වැටීම නිසා නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලිය උත්පාදනය සහමුලින්ම ඇනහිට ඇතැයි වාර්තා වී තිබිණ. එපමණකුදු නොව එය යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින ගණනාවක්‌ ගතවනු ඇතැයිද කියති.

කොහොමත්, නොරොච්චෝලේ හදපු දා සිට මේ වෙනතෙක්‌ සිදුවූයේ විදුලිය උත්පාදනය කිරීමට වඩා අලුත්වැඩියා කිරීම් නිසා ඒ ගැන කිසිවෙකුත් කලබල විය යුතු නැත. ඊට වගකියන අදාළ බලධාරීන් (හිටපු සහ වත්මන්) කොහොමටවත්ම කලබල වීමේ අවශ්‍යතාවක්‌ නැත. 


මෙය බලාගාරයේ "අතිශය සාමාන්‍ය" තත්ත්වයයි. එකම විශේෂත්වය වන්නේ මෙවර බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍ර තුනම එකවර අක්‍රිය

කොරහේ කිඹුලන් දැකිය යුතු නැති බව...


ඉන්දු ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගීතා ගිවිසුමට වඩා ‘ඉට්කා’ යෙදුම හුරුය. කටට හුරුවූවත් රටට නුහුරුය. ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර තිබේ. 

වෛද්‍යවරුන්ගේ සංගමය, ඒකාබද්ධ ඉන්ජිනේරු සංවිධානය, ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය ප්‍රමුඛ වෘත්තිකයන් අවි අමෝරා සිටී. මේවාට අගමැතිවරයා

තම වෘත්තිය වෛශ්‍යා වෘත්තියෙහි යොදවන බන්ධනාගාර නිලධාරීන්...


පසුගිය 2015 සැප්තැම්බර් මාසයේදී මේ රටේ සියලුම පුවත්පත්වල ප්‍රමුඛ පුවතක්‌ බවට පත්ව තිබූ ප්‍රවෘත්තියක්‌ නැවතත් ඔබට සිහිපත් කරමු. ඒ, දැනට මරණීය දණ්‌ඩනය නියම වී සිටින වෙලේ සුදාගෙන් ඊසි කෑෂ් ක්‍රමයට කෝටි ගණනක මුදලක්‌ 174 දෙනකුට ලැබී තිබුණු බව ය. 

ඒ වෙලේ සුදා අත්අඩංගුවට පත්වීමට පෙරය. ඒ දිනවල වාර්තා වී තිබුණේ ඉන් 45 දෙනකුම බන්ධනාගාර නිලධාරීන් බව ය. 

ඊටත් පසු 2015 දෙසැම්බර් මාසයේ පළමු සතියේ අවසන් දින කිහිපයේ වාර්තා වූයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප

මේ නරුම පාතාලය මැඬලන්නට බැරි ඇයි...?


උතුරේ ත්‍රස්‌තවාදය අවසන් කෙරුණේ 2009 වර්ෂයේදීය. ජනතාවට බිය සැක නොමැතිව ජීවත් වීමේ අවස්‌ථාව තව දුරටත් වැඩි කිරීමේ අරමුණින් ම කොළඹ හා කොළඹින් පිට බොහෝ ප්‍රදේශවල ප්‍රචණ්‌ඩත්වය වපුර මින් සිටි "පාතාලය" මර්දනය කිරීමේ මෙහෙයුමක්‌ද ඇරැඹිණි. ප්‍රභා කරන්ට රටින් පනින්නට හෝ ඉඩක්‌ තිබුණේ නැත. 

එහෙත් පාතාල මර්දනයේදී 'ගෝඩ් ෆාදර්ලා' යෑයි කී පාතාල නායකයෝ බොහෝ දෙනෙක්‌ රටෙන් පලා ගියහ. තත්ත්වය කෙතරම් වෙනසක්‌ ඇති කළාද කිවහොත් නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බුරුතුපිටින්

බත් කන්නට කල්පනා කරන අපට සිදු වන්නේ වස බොන්නට බව..


වාසනාවකට මෙන් රටේ ජනතාව තවමත් තණකොළ සහ පුන්නක්‌කු බුදින්නේ නැත. එහෙත් ඒ දෙකම තුන් වේලටම කන පිරිසක්‌ සිතා සිටින්නේ ජනතාව ආහාරයට ගන්නේ ද ඒවා බවය. 

හාල් සම්බන්ධයෙන් නරකම පන්නයේ ආරංචි විටින් විට වාර්තා වන විට අපට සිතෙන්නේ එහෙමය. රජයේ මේ සම්බන්ධයෙන් වගකිව යුතු

දුප්පතුන්ගේ ප්‍රශ්න විසඳන තෙක්‌ රටේ ප්‍රශ්න අවසන් නොවන බව...


රටේ ප්‍රශ්න නැවත වරක්‌ ඔඩු දුවමින් තිබේ. රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ඉල්ලා උද්ඝෝෂණ කරද්දී තොටළඟ ප්‍රදේශයේ ඉදිකර තිබූ නිවාස කඩාදැමීමට එරෙහිව එම නිවාසවල පදිංචිකරුවන් තොටළඟ සිට පෑලියගොඩ දක්‌වා වූ ප්‍රදේශය ඇතුළු ආසන්න මාර්ග සියල්ල අවහිර කර විරෝධතා පළකරන ලදී.

මේ සියල්ල හමුවේ රජය මේ ප්‍රශ්න විසඳීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගෙන වගකීම් විරහිතව කටයුතු කරනු පෙනේ. දහනව වන

ගොබ්බයන්ගෙන් පිරි සමාජයක යුක්තිය දණගස්වා අයුක්තිය දෙපයින් සිට ගැනීම පුදුමයක්ද?


වයඹ පළාත් සභාවේ ඊනියා ජනතා නියෝජිතයකු ආණමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසලට කඩාවැදී ගුරුවරියක දණගැස්සුවේ මීට අවුරුදු තුනකට පෙරය. පාසලේ ඉගෙනුම ලබන සිය දියණියගේ වරදකට පහරක් ගැසීම ගුරුවරිය මෙලෙස තාඩනයට, පීඩනයට, අපහාසයට හා නින්දාවට පත්කිරීම මීට හේතුව වී තිබිණි. 

ආණ්ඩු බලය හොබවන පාලක පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් දක්වා බොහෝදෙනකු සිතන්නේ

වැලන්ටයින් දිනය "වලත්ත දිනයක්‌," සල්ලාල දිනයක්‌ බවට පරිවර්තනය කරගත් සංස්‌කෘතියක්‌...


ආදරවන්තයින්ගේ දිනය යෙදුණු දා (පෙබරවාරි 14) තරුණියන්ගේ දිවිනසා ගැනීම තුන්ගුණයකින් ඉහළ ගිය බව සමීක්‍ෂණයකින් සොයා ගන්නා ලද බව වාර්තා වී තිබිණි. මෙය පසුගිය ආදරවන්තයින්ගේ

රටේ කිසිවෙකුටත් ලෙඩක්‌ දුකක්‌ නොපැමිණේවා. (නැවත ඖෂධ ගෙන්වන තුරු)


සියලුම රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ වර්ග සියයක හිඟයක්‌ සති කිහිපයක්‌ තිස්‌සේ පවතින බව පසුගිය සෙනසුරාදා (13 දා) පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබිණි.

අදාළ ඖෂධ හිඟය සම්න්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශය වාර්තාවක්‌ මගින්ද සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. ඒ නිසාම කිසිවෙකුටත්

බර කරත්ත වෙනුවට සැප වාහන....


මේ රටේ දේශපාලනඥයන්ට "පහසුවෙන්" ගමනක්‌ බිමනක්‌ යැමට හැකියාවක්‌ නොමැති තත්ත්වයක්‌ උදා වී ඇති බව පෙනේ. 

ඒ ඕනෑම දේශපාලනඥයකු පාරට බැස්‌ස තැන පටන් විවිධ වුවමනාවන් වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කරන, ලියුම් කරදහි දිගු කරන පිරිස නිසා

පාතාලය මර්දනය කිරීම පමා නොකර කළ යුත්තක්‌ පමණක්‌ බව...


පාතාලය නැවත වැඩ ආරම්භ කර තිබේ. ඒ වැල්ලම්පිටිය කිත්තම්පහුව ගෙවල් විස්‌ස නිවාස සංකීර්ණයෙනි. නාඳුනන තුවක්‌කුකරුවන් කණ්‌ඩායමක්‌, තිදෙනකු ඝාතනය කර පලාගොස්‌ තිබිණි. 

පොලිසිය සුපුරුදු පරිදි පරීක්‍ෂණ කරගෙන යන බව කියෑවේ. මේ ඝාතනයන් සිදුවීමට සුළු මොහොතකට කලින් පොලිස්‌ මුර සංචාරක

තිරිසන් කමකට, පාපයකට ඇති "බිය" සමාජය තුළ නැවත වගා කල යුතු බව...


පහළොස්‌ හැවිරිදි වියෙහි පසුවන පිරිමි දරුවන් දෙදෙනකුට මත්පැන් පොවා අපයෝජනයට ලක්‌කරන ලද නැටුම් ගුරුවරයකු යෑයි කියන අධමයකු අත්අඩංගුවට ගෙන ඇති බව පසුගිය දිනවල පුවත්පත් කිහිපයකම වාර්තා කර තිබිණි. 

වාසනාවකට මෙන් එම දරුවන් ජීවතුන් අතර බව කිව යුතුය. මේ දිනවල වාර්තා වන තොරතුරු අනුව මෙවැනි කතා ඛේදජනක ලෙස අවසන්

සෞදි රටේ දහස්‌ ගණනක්‌ කරුණාවතීලා අත්විඳින අකරතැබ්බ...


මරණ තර්ජන මැද සෞදි රටේ කළුවර කාමරයක සිරකරගෙන සිටින බී. ජී. කරුණාවතී නමැති තිස්‌ අට හැවිරිදි තමන්ගේ බිරිඳගේ ජීවිතය බේරා දෙන්න යෑයි ඇගේ සැමියා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බව සඳහන් ප්‍රවෘත්තියක්‌ ඊයේ පුවත් පළවී තිබිණි. 

ප්‍රවෘත්තියේ සඳහන් වන පරිදි විදේශ රැකියා ඒජන්සි දෙකකින් ව්‍යාජ ලිපි සකසා ඔහුගේ බිරිඳ සෞදියට යවා තිබේ.

මෙවැනි සිදුවීම් හද සසල කරවන සුළුය. කරුණාවතී දරුවන් දෙදෙනකු ගේ මවකි. තෙල් සැප ඇති රටවලින් ඇසෙන මෙවැනි බොහෝ සිදුවීම් වලදී පවුලේ උදවිය සියල්ලෝම අපා දුකේ වැටෙන බව අමුතුවෙන්

මහජන මුදල් සමඟ ක්‍රීඩා කිරීමට යැම එතරම් සුබ දායක නොවන බව සහ කොතලාවල කතාවස්‌තුව.


සිසිලියා කොතලාවල (කවුරුත් දන්නා පරිදි සිසිලි කොතලාවල) නිදහස්‌ දිනය දා (පෙබරවාරි 04 වැනිදා) අත්අඩංගුවට පත්වූවාය. ඇය අත්අඩංගු වට ගනු ලැබුයේ ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසිනි. 

ඉන් පසුව ඇය රහස්‌ පොලිස්‌ ඒකකයට බාරකරන ලදුව, රෝහල්ගත වීමට ඉඩකඩ සලසා තිබිණි. ඒ රෝගාතුර තත්ත්වයක්‌ හේතුවෙනි. පසුගිය සතිය අවසානය වන විට ඇය අත්අඩංගුවට පත්වීමේ ප්‍රවෘත්තිය සෑම මාධ්‍යයකම ප්‍රමුඛ පුවතක්‌ බවට පත්වී තිබිණි. 

සිසිලියා කොතලාවල යනු සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවලගේ බිරිඳය. රටේ විශාල ආන්දොලනයක්‌ ඇති කිරීමට සමත් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ කාර්ඩ් සමාගමේ ප්‍රශ්නය නිසා ඇය එතෙක්‌

ගොයම් කැපුනත්, නොකැපුනත් අඩු නොවෙන සහල් මිලක්‌ තිබෙන රටක්‌...


වී ගොවීන් නැවත "අමාරුවේ" වැටෙන්නට නියමිත කාලයක්‌ ඉදිරියේදී එළැඹීමට නියමිතය. පෙබරවාරි අග මාර්තු මුල වන විට රටේ බොහෝ ප්‍රදේශවල වී අස්‌වනු නෙළීම ආරම්භ කෙරේ. 

ඒ "මහ" කන්නය වෙනුවෙන් වී ගොවීන් "අමාරුවේ වැටෙන්නට" නියමිත යෑයි අප කියන්නේ හේතු කාරණා සහිතවය. පසුගිය යල

"සැබෑ වූ අනාගත අනාවැකි කියූ අන්ධ කත බාබා වැන්ගා" (වීඩියෝ සාක්ෂි සහිතයි)


ඇයගේ අනාවැකි අසාගන්නට මිනිසුන් වැල නොකැඩි පැමිණියහ... ඇය බාබා වැන්ගා නම් වේ. 1911 ජනවාරි 31 වැනිදා බල්ගේරියාවේදී උපත ලබා ඇත.

කුඩා අවධියේදීම මව අහිමි වූ වැන්ගා දැරිය දිනක් ඉතා අසාමාන්‍ය අත්දැකීමකට මුහුණ දුන්නාය. ඇය දරුණු ටෝනේඩෝවකට හසු වී කුඹුරකට විසි වී සිටියාය. ඇයව සොයා අගනු ලැබුවේ බොහෝ දීර්ඝ සොදිදියකින් පසුවය.

සොයා ගන්නා විට නොසෑහෙන්න බියපත් වී සිටි ඇගේ දෑස් වැල්ලෙන්ද දුහුවිල්ලෙන්ද වැසි තිබු බැවින් වේදනාව නිසා දෑස් විවිර කර ගන්නට

"කියන කොට එහෙමයි, කරනකොට මෙහෙමයි" යෑයි මඩක්‌ වදින්නට කලින්...

රාජ්‍ය සේවක වැටුප සම්බන්ධයෙන් නැවතත් කතාබහක්‌ මතුව තිබේ. රජයේ සේවකයන්ගේ වැටුපට සැරසිලි ලෙස එකතු කර ඇති අටෝ රාශියක්‌ දීමනා මූලික වැටුපට එකතුකරන්නට යෑයි කී විට ආණ්‌ඩුව කීවේ රජයේ සේවකයන්ට ලබාදුන් රුපියල් දසදහසක දීමනාවෙන් රුපියල් 2500 ක්‌ මූලික වැටුපට එකතු කරන බවය. 

එහෙත් ඒ ගැන හාවක්‌ හූවක්‌ නැත.

දැන් ජාතික වෘත්තීය සමිති පෙරමුණ නැවත රජයට රතු සිග්නල් දමන්නේ රජයේ සේවක වැටුපට එකතු කරනවා යෑයි කී රුපියල් 2500 එළැඹෙන විසිවැනිදාට පෙර ලබාදෙන ලෙසය. 


එසේ නොවුණහොත් "නැවත" වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට ඔවුහු සූදානමින් සිටිති. අප මේ "නැවත" යන කාරණය අවධාරණය

ශ්‍රී ලාංකික ජාතියක් හැටියට අප පියවරක් හෝ ඉදිරියට තැබූවක් බව...


ඊයේ ගාලුමුව‍ෙදාර පිටියේදී සැමරූ 68 වැනි නිදහස් සමරුවේදී සුවිශේෂී වූ සිදුවීමක් විය. එනම් ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමය. අදහස් උදහස් රැසක් මැද මෙම අංගය එකතු කිරීම ශ්‍රී ලාංකික ජාතියක් හැටියට අප පියවරක් හෝ ඉදිරියට තැබූවක් බව අපේ හැඟීමය.

'ජාතිය' යන්නට විවිධ අර්ථකථන දිය හැකිය. ශ්‍රී ලංකාවේ විවිධ ජාතීන් ජීවත් වන බවද සත්‍යයකි. ඔවුහු සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී

ලයිලා ප්‍රශ්නය කවරක්‌ වුවත් ලලයි.... ලිලයි... ලයි... කියමින් සුදි කරන බලධාරීන්...


රටට ප්‍රශ්නවලින් අඩුවක්‌ නැත. හැමදාමත් කුමක්‌ හෝ ප්‍රශ්නයක්‌ නිසා අර්බුදකාරී තත්ත්වයක්‌ මතුවීම රටේ ජනතාවට හුරුපුරුදු දෙයක්‌ වී හමාරය. එහෙත් සමහර ප්‍රශ්න හුරුපුරුදු දෙයක්‌ බවට පත්වනවා

'වරදක් කර ඇත්නම් මම දඬුවම් විඳින්නම්' - මහින්ද (VIDEO)


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (01) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණියේ ය.

ඒ සිය සමීපතමයින් කිහිප දෙනෙකු ද සමගිනි.

ආගමික වතාවත්වලින් අනතුරුව පිටව යාමට සූදානම් වූ හිටපු ජනාධිපතිවරයාගෙන් යෝෂිත රාජපක්ෂ මහතා පිළිබඳව විමසූ

හරීන් Google ප්‍රධානියා හමුවෙයි (PHOTOS)


ගූගල් ආයතනය සමඟ එක්වී ලංකාවේ අන්තර්ජාල පහසුකම් ඉහළ නැංවීමට ලොව ප්‍ර‍ථම ගූගල් බැලුන් ව්‍යාපෘතිය තව නොබෝ දිනකින් මෙරට ආරම්භ කිරීමට නියමිත බවත් තොරතුරු සන්නිවේදනයේ ලොව දැවැන්තයන් එක්වන ඩිජිටල් සමුළුවක් ජුනි මාසයේ දී ශ්‍රී ලංකාව තුළ

"නටපු නැටුමකුත් නැති බෙරේ පළුවකුත් නැති" වර්ගයේ අමුතු එකක්‌..


සීකා ('සන්) පැමිණේවියෑයි රටේ ජනතාව බොහෝ සෙයින් බියවී සිටියහ. සීකා යනු කොහේ හෝ රටක සිට පැමිණෙන ගායිකාවක හෝ නිළියක නොව භයානක වෛරස්‌ ආසාදනයකි. 

එය ශ්‍රී ලංකාවටද ව්‍යාප්ත වීමේ අවදානමක්‌ ඇති බැවින් සැලකිලිමත් වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු හඟවා තිබිණි. එම

අභිමානවත් ජාතික නිදහස්‌ දින සමරුව හෙට ගාලු මුවදොරදී...


එකම දැයක්‌ - මහ බලයක්‌ යන තේමාව පෙරදැරිව 68 වැනි ජාතික නිදහස්‌ දිනය ගාලු මුවදොර පිටියේදී හෙට (04 දා) අභිමානවත් ලෙස සැමරේ.

සම්මුතිවාදී ආණ්‌ඩුව පිහිටුවීමෙන් පසු සමරනු ලබන පළමු ජාතික නිදහස්‌ උත්සවය හෙට පෙරවරු 8 ට ආරම්භ වේ. "නිදහසේ හදගැස්‌ම" ලොව දකින මනමවන - පෙරදැක්‌ම නමින් සංස්‌කෘතික සහ සංගීත

ආහාරයට ගැනීමෙන් බුද්ධිය වැඩෙන වස සහ විස නැති මා වී සරුවෙලා..


අද දිවයින පුරා වගාකරණු ලබන වී වර්ග දෙකකි. එනම් බහුල වශයෙන් වගා කරණු ලබන බාල වී සහ වසර තිස්‌පහක පමණ කාලයක සිට හෙළ ගොවිබිමෙන් මෑත් වෙමින් පවතින මාවී වශයෙන් කොටස්‌ දෙකකට හැදින්විය හැකිය. 

එම බාලවී නව බෝග වශයෙන් හදුන්වන අතර මාස හතරක්‌ තුනක්‌ ආදී වශයෙන් කෙටි කාලයකදී එහි අස්‌වැන්න ලබාගත හැකි නිසා එම නම යෙදී ඇත. 

මාස හය සිට අට දක්‌වා වයස්‌වල පවතින මාවී බුද්ධි බෝග වශයෙන් හඳුන්වන අතර පළිබෝධ නාශක සහ කෘතීම පොහොර නොයොදා සරු අස්‌වැන්නක්‌ ලබා ගැනීමට හැකියාව ඇති මා වී ආහාරයට ගැනිමෙන්

mTicketing සේවාව දැන් සියලු දුරකථන සේවා හරහා..

ජාතික ජංගම දුරකථන සේවා සමාගම වන SLT මොබිටෙල් හඳුන්වාදී ඇති mTicketing සේවාව දැන් සියලුම දුරකථන සේවා මගින් ලබා ගැනීමේ හැකියාව ලබාදීමට සමාගම කටයුතු කර තිබේ.

මෙම සේවාව හඳුන්වාදී ඇත්තේ ශ්‍රී ලංකා දුම්රිය සේවය සමග සහයෝගීත්වකට එළැඹෙමිනි.

ඒ අනුව දිවයින පුරා වෙසෙන දුම්රිය මගීන්ට දැන් පෙරටත් වඩා පහසුවෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමේ අවස්‌ථාව උදාවී ඇත.

තාක්‌ෂණය ඔස්‌සේ ජනතාවට වැඩි පහසුවක්‌ ළඟා කරදීම සඳහා මොබිටෙල් සමාගම දරන උත්සාහයේ තවත් පියවරක්‌ ලෙස මෙය

කෝපිකඩේ එන්සිනා (සුසිලා කුරගම) දිවියෙන් සමුගනී...

කෝපි කඩේ ටෙලි නාට්‍යයේ එන්සිනාගේ චරිතය නිසා ප්‍රකටව සිටි රංගන ශිල්පිනි සුසිලා කූරගම ඊයේ අභාවප්‍රාප්ත වූවාය. 

දරුවන් හය දෙනෙකුගේ මවක වන ඇය කලක් තිස්සේ රෝගාතුරව සිටි අතර පසුගියදා අසාධ්‍යවී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මියයන විට ඇය 72 වන වියේ පසුවුණා. එළාර- දුටුගැමුණු, හේමමාලී සරදියෙල් ආදී  ඓතිහාසික නාට්‍යවලින් වේදිකාවට පිවිසි සුසිලා දීපාංජලී ඇතුළු සිනමා නිර්මාණ ගණනාවකද රගපා ඇත. 


අවසන් අවමංගල්‍ය කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇත.

'බෝල' පාස් කරමින් සිටින ඇමැතිවරුන්ගෙන් රටට වැඩක් නැත.


ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 26 දක්වා පහත බැස තිබේ. එහෙත් ආණ්ඩුව තෙල් මිල පහත දැමීමට පියවර ගත්තේ නැත. ඒ ගැන වැඩියෙන්ම කම්පාවට පත්වී සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයයි. මේ යහපාලනය දැයි ඔවුහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කරති. 

තෙල් ඇමැති පවසන්නේ මිල අඩු කිරීමේ යෝජනාව ආර්ථික කළමනාකරණ කමිටුවට ඉදිරිපත් කර ඇති බවය. මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය මත මිල අඩුකිරීම හෝ නොකිරීම සිදුකෙරෙන බව ඉන්

අනුන් කළ පවුවලට රටේ ජනතාවගේ බදු මුදල් මංකොල්ලකෑමට ආණ්‌ඩුවක්‌ අවශ්‍ය නැත...


මේ වන විට ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල සියයට හැත්තෑපහකින් පමණ අඩු වී තිබේ. සාපේක්‍ෂව බැලූ විට එය ඉතාමත් විශාල ප්‍රමාණයක අඩුවීමකි. 

පසුගිය 2014 වර්ෂය අවසන් වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 98 ක්‌ ලෙසිනි. මේ මොහොත වන විට එය ඩොලර් 28 ක්‌ දක්‌වා අඩු වී තිබේ. 

ඒ නිසාම මිල සූත්‍රය අනුව ගලපා මිල අඩු කිරීමේ ක්‍රියාවලිය සඳහා අදාළ අමාත්‍යාංශය මගින් එය මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර තිබුණද