Ads 468x60px

.

ආහාරයට ගැනීමෙන් බුද්ධිය වැඩෙන වස සහ විස නැති මා වී සරුවෙලා..


අද දිවයින පුරා වගාකරණු ලබන වී වර්ග දෙකකි. එනම් බහුල වශයෙන් වගා කරණු ලබන බාල වී සහ වසර තිස්‌පහක පමණ කාලයක සිට හෙළ ගොවිබිමෙන් මෑත් වෙමින් පවතින මාවී වශයෙන් කොටස්‌ දෙකකට හැදින්විය හැකිය. 

එම බාලවී නව බෝග වශයෙන් හදුන්වන අතර මාස හතරක්‌ තුනක්‌ ආදී වශයෙන් කෙටි කාලයකදී එහි අස්‌වැන්න ලබාගත හැකි නිසා එම නම යෙදී ඇත. 

මාස හය සිට අට දක්‌වා වයස්‌වල පවතින මාවී බුද්ධි බෝග වශයෙන් හඳුන්වන අතර පළිබෝධ නාශක සහ කෘතීම පොහොර නොයොදා සරු අස්‌වැන්නක්‌ ලබා ගැනීමට හැකියාව ඇති මා වී ආහාරයට ගැනිමෙන්
බුද්ධිය වර්ධනය ඇති වන බව හෙළ වෙද තොරතුරුවලින් ප්‍රකාශ වී ඇත.

වසර ගණනාවක්‌ පුරන්ව පැවති අක්‌කර විසිපහක පමණ කුඹුරු යායක්‌ සරුසාර මාවී කුඹුරු යායක්‌ බවට පරිවර්තනය කරන ලද සෝමපාල හේරත් මහතා දිවයින සමඟ එසේ පැවසීය. 


හෙතෙම ගොවි මහතෙකු පමණක්‌ම නොවන අතර කෘෂිකාර්මික සමාගම්වල වසර ගණනාවක්‌ම සේවය කර ඇති නිසි කෘෂිකාර්මික අවබෝධයෙන් හෙබි දක්‌ෂ නිලධාරියෙකි. ගොඩමඩ සියලු කෘෂිකාර්මික වගාවන් කෙරෙහි පර්යේෂණාත්මක දැනුම් රැසක්‌ හිමි ඒ මහතා පලතුරු වගාව කෙරෙහි තම විශේෂ අවධානය යොමුකර ඇත.

සෝමපාල මහතාගේම ප්‍රකාශයට අනුව කටුපොත ප්‍රදේශයේ පදිංචි ඔහු හලාවත මුගුණුවටවන ගොවිජන සේවා බලප්‍රදේශයේ ඔලිදළුව ග්‍රාමයේ එකයායට පිහිටි කට්‌ටඩියාවෙල සහ මහවෙලට අයත් අක්‌කර විසිපහක බිම් ප්‍රදේශයක්‌ ඔහුගේ මෙම නව අත්හදා බැලීම සඳහා තෝරාගෙන ඇත. තමන් මෙම ප්‍රදේශයට පැමිණෙන විටත් මෙම බිම වසර ගණනාවකින් වගා නොකර පුරන් වී පැවති බව ඔහු පැවසීය.

පසුගිය වසරේ ජුලි මාසය වන විට කුඹුරුයාය වපුරා අවසන් කර ඇති අතර දෙසැම්බර් මාසය අවසන් වන විට ගොයම පිදීමට පටන්ගෙන මේ වන විට පිදීම අවසන්වී ඉතා සරු කුඹුරුයායක්‌ බවට පරිවර්තනය වී ඇත. 


ඒ අනුව මාස හයකට වැඩි වයසක්‌ ඇති මෙම මාවී වගාව රත්න සම්බා හෝ මුතු සම්බා වශයෙන් හැදින්විය හැකි බව සෝමපාල මහතා පැවසීය. ඊට අමතරව නිල් පැහැයෙන් යුත් නීලගිරි සම්බා සහ රතු පැහැයෙන් යුත් නමක්‌ නොමැති පර්යේෂණ මට්‌ටමේ පවතින තවත් වී වර්ගයක්‌ද පවතී.

අඩි පහමාරක්‌ පමණ උස සෝමපාල මහතාද අභිබවා යමින් ගොයම උස්‌ව පවතින අතර පැරැන්නන්ගේ අදහසට අනුව එවන්වූ සරු කුඹුරක රුක්‌මල් පිපීම සිදුවන බවද පැවසේ. රුක්‌මල් යනු වී කරලේ අතර පිහිටි වී ඇටවලින් ඇතිවන දිලීරයක්‌ වැනි මල් විශේෂයකි. එවන් වූ වී කරල්ද මෙම මාවී වගාවන් තුළ දකින්නට ලැබිය හැකිය.

ලොකු අවදානමකට මුහුණ දී සියලු අභියෝගයන් ජයගත් සෝමපාල මහතාගේ ඊළඟ ප්‍රයත්නය වස විෂවලින් තොරව සාර්ථකව වගාකළ හැකි මාවී වගාව දිවයින පුරා ව්‍යාප්තකර හැරීමයි. 


අද සියලුම කුඹුරුයාය මාස හතරකට උපරිමයක්‌ වන බාලවී වර්ග වගාකිරීම සිදුවුවද එම බාලවී වගා කරන කුඹුරකද කරදරයකින් තොරව මාස හයක්‌ වසස මාවි වගාකළ හැකි බවද ඔහු පවසයි.
 
Related Posts with Thumbnails