Ads 468x60px

.

හරීන් Google ප්‍රධානියා හමුවෙයි (PHOTOS)


ගූගල් ආයතනය සමඟ එක්වී ලංකාවේ අන්තර්ජාල පහසුකම් ඉහළ නැංවීමට ලොව ප්‍ර‍ථම ගූගල් බැලුන් ව්‍යාපෘතිය තව නොබෝ දිනකින් මෙරට ආරම්භ කිරීමට නියමිත බවත් තොරතුරු සන්නිවේදනයේ ලොව දැවැන්තයන් එක්වන ඩිජිටල් සමුළුවක් ජුනි මාසයේ දී ශ්‍රී ලංකාව තුළ
පැවැත්වීමට සැලසුම් කරඇති බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඊයේ (01) නාරාහේන්පිට ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන නියෝජිත ආයතනයේ (ICTA) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියේ ය.

ගූගල් සමාගම ශ්‍රී ලංකාව හා එක්වී කටයුතු කිරීම නිසා මේ වනවිට මුලු ලෝකයේම අවධානය මෙරටට යොමු වී ඇති බව පැවසූ අමාත්‍යවරයා තොරතුරු සන්නිවේදන ව්‍යාපෘති රාශියක් මේ වසරේදී ක්‍රියාත්මක කොට ඉන් සංවර්ධන ඉලක්ක ජය ගැනීමට තමා අපේක්ෂා කරන බව සඳහන්කළ අතර තමා ඇතුළු පිරිසක් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කළ සංචාරයකදී කළ සාකච්ඡා හේතුවෙන් තොරතුරු සන්නිවේදනයේ දැවැන්තයන් මෙරට ආයෝජනයට කැමැත්ත පළ කළ බව ද මෙහිදී පැවසුවේ ය.

ක්‍රියාත්මක කිරීමට නියමිත ගූගල් බැලුන් ව්‍යාපෘතියෙන් මෙරට ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ද ඒ පිළිබඳව ආරක්ෂක අමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වා ඇති බව ද පෙන්වා දුන් ඇමැතිවරයා ගූගල් ආයතනයේ සම නිර්මාතෘ සර්ජි බ්‍රින් වැනි අය මෙරට ආයෝජනයට කැමැත්ත පළ කිරීමම රට ලැබූ විශාල ජයග්‍රහණයක් බව කියා සිටියේ ය.

ඡායාරූප පහතින්.



 
Related Posts with Thumbnails