Ads 468x60px

.

mTicketing සේවාව දැන් සියලු දුරකථන සේවා හරහා..

ජාතික ජංගම දුරකථන සේවා සමාගම වන SLT මොබිටෙල් හඳුන්වාදී ඇති mTicketing සේවාව දැන් සියලුම දුරකථන සේවා මගින් ලබා ගැනීමේ හැකියාව ලබාදීමට සමාගම කටයුතු කර තිබේ.

මෙම සේවාව හඳුන්වාදී ඇත්තේ ශ්‍රී ලංකා දුම්රිය සේවය සමග සහයෝගීත්වකට එළැඹෙමිනි.

ඒ අනුව දිවයින පුරා වෙසෙන දුම්රිය මගීන්ට දැන් පෙරටත් වඩා පහසුවෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමේ අවස්‌ථාව උදාවී ඇත.

තාක්‌ෂණය ඔස්‌සේ ජනතාවට වැඩි පහසුවක්‌ ළඟා කරදීම සඳහා මොබිටෙල් සමාගම දරන උත්සාහයේ තවත් පියවරක්‌ ලෙස මෙය

හැඳින්විය හැකි වේ. මින් ඉදිරියට ඩයලොග්, එටිසලාට්‌, එයාර්ටෙල්, හච් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් දුරකථන සේවා ඔස්‌සේ මෙම සේවාව ලබාගැනීමට ජනතාවට හැකියාව ලැබෙනු ඇත.

මේ යටතේ ජංගම දුරකථන හෝ ශ්‍රී ලංකා ටෙලිකොම් ස්‌ථාවර දුරකථන භාවිතා කරමින් වසරේ දින 365 පුරාම දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමට හැකි වේ. ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමේ ඉල්ලීම තහවුරු කර ගැනීමෙන් අනතුරුව අදාළ ගාස්‌තු සෘජුවම දුරකථන බිලට එක්‌ කරන අතර ඒ බව තහවුරු කරමින් SMS පණිවුඩයක්‌ද එවීම විශේෂත්වයකි. 


මෙම තහවුරු කිරීමේ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් දුම්රිය නැවතුම් පළවල ඇති විශේෂ කවුන්ටරවලින් හෝ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ඇතුළු අනෙකුත් දුරකථන සමාගම්වල ශාඛාවලින් තමන්ට හිමි ප්‍රවේශපත්‍ර ඉතාමත් පහසුවෙන් ලබාගත හැක.

මේ වන විට mTicketing සේවාව භාවිතා කරමින් මහනුවර - කොළඹ නගරාන්තර දුම්රිය, යාපනය නගරාන්තර දුම්රිය, යාපනය රාත්‍රී තැපැල් දුම්රිය, යාල්දේවි, බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය, උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ රාජධානි ශීඝ්‍රගාමී දුම්රිය යන දුම්රිය සේවාවන් හි ප්‍රවේශ පත්‍ර වෙන්කරවාගත හැකි වේ.

mTicketing හඳුන්වාදීමත් සමග එම දුම්රිය සේවාවන්හි ජනප්‍රියත්වයද කෙටි කාලයක්‌ තුළ ඉහළ ගොස්‌ ඇති අතර ඒවායේ ටිකට්‌පත් වෙන්කරවා ගැනීම සඳහා ජනතාව විශාල උනන්දුවක්‌ දක්‌වන බව පෙනී යයි. මේ වනවිට මෙරට දුම්රිය ස්‌ථාන 40 කට අධික සංඛ්‍යාවකදී mTicketing සේවා පහසුකම සලසා දී ඇත.

2010 වසරේ ඊ-ස්‌වාභිමානී සම්මාන උළෙලේ 'විද්යුත් ව්‍යාපාර හා වාණිජ්‍ය' කාණ්‌ඩය යටතේ ඉහළම ජයග්‍රාහකයා ලෙස සම්මාන දිනාගනු ලැබුවේද SLT මොබිටෙල් mTicketing සේවවායි. 


එමෙන්ම දකුණු ආසියානු කලාපයේ ජංගම දුරකථන සේවා සමාගම් රැසක්‌ තරග වැදුණු 2011 mBillionth Awards South Asia සම්මාන උළෙලේදී mTravel and Tourism කාණ්‌ඩය යටතේ ජයග්‍රහණය හිමිකරගනීමට ද එම සේවාව සමත් විය.
 
Related Posts with Thumbnails