Ads 468x60px

.

'වරදක් කර ඇත්නම් මම දඬුවම් විඳින්නම්' - මහින්ද (VIDEO)


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (01) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණියේ ය.

ඒ සිය සමීපතමයින් කිහිප දෙනෙකු ද සමගිනි.

ආගමික වතාවත්වලින් අනතුරුව පිටව යාමට සූදානම් වූ හිටපු ජනාධිපතිවරයාගෙන් යෝෂිත රාජපක්ෂ මහතා පිළිබඳව විමසූ
මාධ්‍යවේදීන් හට ඔහු පිළිතුරු දුන්නේ, මෙය යෝෂිත සමග පවතින වෛරයක් නිසා සිදු වූ දෙයක් නොවන බවත් තමා සමඟ තිබෙන ප්‍රශ්ණ නිසා සිදු කළ දෙයක් බවට යි.

"තව ටික දවසකින් මටත් එන්න කියයි. නාමල්ටත් එන්න කියයි. බැසිල්ටත් එන්න කියයි. ගෝඨාභයටත් එන්න කියයි.ඒක තමා යහපාලනය. යෝෂිතට විරුද්ධව තියෙන වෛරයක් නෙමෙයිනේ මේ. එයා දේශපාලනයේත් නෑනේ. ඒ වෛරය පිරිමහන්න හදන්නේ දරුවන්ගෙන්. මට වරදක් කරල තියෙනවා නම් ඒකට දඩුවම් විදින්න මම සූදානම්"

තවත් මාධ්‍යවේදියෙකු විමසා සිටියේ මෙම ගැටළු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර විසඳාගත නොහැකි ද කියා යි. එයට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා පැවසූවේ, මුණගැසුනු විට කතා කරන නමුත් ජනාධිපතිවරයා සමග මෙම කාරණා පිළිබඳ කිසිවක් නොකියන බව යි.

"එතුමාටත් මේකේ ඉන්නවා නේ වටේ ඉන්න කේවට්ටයෝ ටිකක් ඉන්නවානේ. ඒ කට්ටිය තමය බල කරන්නේ. මේකට‍ එන්.ජී.ඕ. කා‍රයෝ කිහිප දෙනෙක් ඉන්නවා. වෘත්තීය සමිති නායකයෝ කිහිපදෙනෙක් ඉන්නවා. 

ඔය විශ්ව විද්‍යාල මහාචාර්ය කියන අය ඉන්නවා. දන්න දේකුත් නෑ. නොදන්න දේකුත් නැති අය ඉන්නවා. ඉතින් එයාල තමයි මේ බල කිරීම් කරන්නේ. එයලගේ බල කිරීම්වලට සිදුවන දේවල් ඕවා. අපි ඉතින් අධිකරණයේ ස්වාධීනත්වය බලාපොරොත්තුවෙන් ඉන්නවා."

වීඩියෝව පහතින්.

 
Related Posts with Thumbnails