Ads 468x60px

.

ත්‍රස්තවාදයට උඩගෙඩි දෙමින් කටයුතු කළ ලෝක ‍පොලිස්කාරයන්....


සැක කටයුතු දුරකථන ඇමැතුම් කිහිපයක් නිසා කටුනායක ගුවන් තොටු‍ පොළේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව රාජ්‍ය ආරක්ෂක ‍ලේකම් ප්‍රකාශ කළේ යැයි පසුගියදා මාධ්‍ය වාර්තා පළ විය. 

පුද්ගලයන් 34 දෙනකුට මරු කැඳවමින් 200කට ආසන්න පිරිසක් තුවාල කරුවන් කොට බෙල්ජියමේ බ්‍රසල්ස්හි ගුවන් තොටු‍පොළක හා උමං දුම්රිය මාර්ගයක් අසළ සිදුවූ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ප්‍රහාර තුනක්

මේ වසරේ සූර්යග්‍රහණ හතරක් ලෝකයට අශුභ කාලයක්....


2016 වසරේ සූර්යග්‍රහණ හතරක් සිදුවන බවත් ඒ නිසා රටට ලෝකයට විශාල අශුභ කාලයක් උදාවන බවත් ප්‍රවීණ ජ්‍යොතිෂවේදී නිශාන්ත පෙරේරා මහතා කියයි.

ඉදිරියේදී ලොව පුරා ගුවන් හා නාවුක අනතුරු හා භූ අනතුරු මෙන්ම ජනතා උද්ඝෝෂණ රැසක් සිදුවන බව ද ඒ මහතා කියයි.

නිශාන්ත පෙරේරා මහතා කළ විශේෂ හෙළිදරව්ව මෙසේය:

“මේ අවුරුද්දට සූර්යග්‍රහණ හතරක් තියෙනවා. පළමු ග්‍රහණය පසුගියදා සිදුවුණා. ආයි එකක් සිදුවෙනවා. මාර්තු 23 දින ආයිත් සැප්තැම්බර්

රුපියල් ලක්‍ෂයක්‌ තරම්වත් නැති හිඟන පඩියකට "ඇමැතිකම" වැනි "රස්‌සාවක්‌" කරන්නට වීම..


රුපියල් ලක්‍ෂයක පඩියකින් මන්ත්‍රීවරයකුට ජීවත්වීමට නොහැකි බව උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසා තිබිණි. මැති ඇමැතිවරුන්ගේ දීමනා ඉහළ දැමීමට ගත් තීරණය අත්හිටුවීම නිසා උපන් ශෝකයෙන් අමාත්‍යවරයා මේ බව කීවේ යෑයි අපි කීයටවත් විශ්වාස නොකරන්නෙමු. 

රුපියල් ලක්‍ෂයකින් ජීවත්වීමට හැක්‌කේ කවර කෙනෙකුටදැයි ඇමැතිතුමාට හොඳින්ම අවබෝධ වී තිබෙන බවද අපි විශ්වාස කරන්නෙමු. රුපියල් ලක්‍ෂයක්‌ තරම්වත් නැති හිඟන පඩියකට

මේ තකතීරු අමන වැඩේට අත ගැසූ කවුරු කවුරුත් සිහි තබා ගත දේ...


කවුරු හෝ දේශපාලනඥයෙක්‌ මං තීරුවක්‌ කඩා දමමින් තකතීරු වැඩක්‌ කර තිබේ. මංතීරුව කඩා දැමුවේ දේශපානලනඥයෙක්‌ බව අප ස්‌ථිර වශයෙන්ම කියන්නේ එවැනි අමන වැඩක්‌ කිරීමට හැකියාව ඇත්තේ දේශපාලනඥයන්ටම පමණක්‌ වන බැවිනි.

දැන් මේ කතාව හැමෝම දන්නා එකක්‌ වුව ඒ ගැන යම් මතක්‌ කිරීමක්‌ කළ යුතුය. වත්තල මාබෝල ශාරීරික සුවතා මංතීරුව පසුගියදා රැයක්‌

මෙවැනි "මී හරක්‌" රටේ ජනතාවට පන්න පන්නා ඇනීම...


හාල් ගැන තීන්දු තීරණ ගන්නා බොහෝ උදවිය කෑමට ගන්නේ බත් නොව තණකොළ බව නැවත වතාවක්‌ ඔප්පු කර තිබේ. රටේ මිනිසුන්ට බත් නොව පස්‌ කෑමට සිදුවන තරමින් හාල් මිල ඉහළ ගොස්‌ තිබියදීත්, අමන වැඩ සිදුවන්නේ ඒ නිසාය. 

වී ගොවීන්ගෙන් පසුගිය යල සහ මහ කන්නයේදී මිලදී ගත් වී මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂයක්‌ (වී කිලෝ කෝටියක්‌) සත්ව ආහාර සමාගම් තුනකට

මින් පසු 'තොරතුරු දැන ගන්නේ' කොහොමද..?


ජනතාව පත්තර බලන්නේ තොරතුරු දැන ගන්නට ය. තොරතුරු දැන ගැනීම ජනතාවට ඇති අයිතියක්‌ බව වත්මන් ආණ්‌ඩුවේ බොහෝ උදවිය කීවේ 2015 ජනවාරි 08 වැනිදාට පෙර සිට ය. 

තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පනතක්‌ ගෙන එන බව එම ජනවාරි 08 වැනිදාට පෙර බොහෝ සේ අසන්නට ලැබිණි. 2015 අප්‍රේල් වන විට එය හදිසි පනතක්‌ ලෙස විගණන පනත ද සමඟ

රතුගල ආදිවාසී නායකයාගේ බිරිඳගෙන් අසන්නට හිරිකිත හිතෙන කතාවක්‌...


පොලිසිය නැවතත් අශූචි බාල්දියක්‌ ඇඟේ හලාගෙන ඇති බව වාර්තා වේ. නිකංම නොවේ. අශූචි බාල්දිය හොඳින් දිය කර නාගෙන ඇති බව කිව යුතුය. මේ ගඳ ගහන වැඩවලට පොලිසියේ උදවිය කුමන හේතුවක්‌ නිසා හෝ ප්‍රියකරන බවක්‌ පෙනෙන්නට තිබේ. 

"ජරාව" සම්බන්ධයෙන් පොලිසිය නරක අන්දමට නම කැත කරගෙන සිටින අතරවාරයේම තව තවත් එවැනි සිදුවීම් වාර්තා වීම සුලභ කරුණක්‌ බවට පත්ව තිබේ. මෙවර පොලිසිය ඇදගෙන නා ඇත්තේ "රතුගල වැදි

කවුරු කවුරුත් දරුවන් වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතු බව...


පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන කලාප ක්‍රීඩා උත්සව වහාම ක්‍රියාත්මක වන පරිදි කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව ඊයේ වාර්තා වී තිබිණි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හා වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස්‌ බව අනාවරණය වේ. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ආකාරයට උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 38 දක්‌වා ඉහළ යැමට නියමිතය. ඒ නිසාම වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ අධික අව් රශ්මියට පාසල් දරුවන්

තවමත් අනතුර තේරුම් ගෙන නැති බ්‍රසල්ස්‌ ප්‍රහාරය...


බෙල්ජියමේ බ්‍රසල්ස්‌ අගනුවර සෙවැන්තම් ජාත්‍යන්තර ගුවන් තොටුපළේත්, උමං දුම්රියපළ අසලදීත්, බෝම්බ තුනක්‌ පුපුරා ගියේ ජාත්‍යන්තරයම සසල කරමිනි. ඊයේ වන විට වාර්තා වී තිබුණේ, එම බෝම්බ පිපිරීමට පසුව 34 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව 170 කට අධික පිරිසක්‌ තුවාල ලබා ඇති බවය. ප්‍රහාරයේ වගකීම අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් භාරගෙන තිබේ.

රටක්‌ වශයෙන් අපිදු මේ සිදුවීම ගැන දැඩිව කම්පා වන්නෙමු. ඒ අන් කිසිදු කාරණයක්‌ නිසා නොව ත්‍රස්‌තවාදය, අන්තවාදය, ම්ලේච්ඡත්වය

තද කර ගැනීමට ඇති පටියේ ඉඩ ප්‍රමාණය...


පසුගිය 21 වැනි සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට, ග්‍රෑම් 450 ක්‌ බරැති පාන් ගෙඩියක මිල රුපියල් හතරකින් ඉහළ දැමීමට සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කටයුතු කර තිබිණි. මේ නිසාම රටේ ජනතාවගේ හිස මතට පැටවෙන බර ග්‍රෑම් 450 කට වඩා වැඩිවන බව කිව යුතුය. 

අපේකම ගැන හැඟීමෙන් පාන් පිටි ත්‍රස්‌තවාදයක්‌ ගැන කතා කරන නමුත් රටේ ජනතාවගෙන් බහුතරයක්‌ පාන් සමඟ ඇති බැඳීම සැඟවිය නොහැක්‌කකි. ප්‍රංශ නිදහස්‌ සටන නිසා ආර්ථික අර්බුදයකට මැදි වූ

ධනය සමව බෙදා ගන්නට හැකි දේශපාලනඥයන් රොත්තක්‌ අපට සිටින බව...

ලොව "සතුටින්ම" සිටින රටවල් පිළිබඳව ලෝක දර්ශකයේ 117 වැනි ස්‌ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී ඇති බව අපි "සතුටින්" සටහන් කරමු. 

සතුටින් සිටීමේ ලෝක දර්ශකය සකස්‌ කරන්නේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයයි. 

පසුගිය වසරේ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 132 වැනි ස්‌ථානයයි. මේ වසරේ දර්ශකය තුළ 117 වැනි ස්‌ථානය දක්‌වා ඉහළ නැඟීමට හැකිවීම ගැන අප "සතුටු" විය යුතුය. ඒ සතුට දෙගුණ තෙගුණ වන්නේ ලොව ප්‍රධාන පෙළේ රටවල් කිහිපයක්‌ම එහි මුල්තැන ගෙන සිටිනු දකින විටය. 

ලොව සතුටින්ම සිටින රටවල් අතර අංක එක වන්නේ ඩෙන්මාර්කයයි. ඊට පසු පිළිවෙළින් අයිස්‌ලන්තය, නෝර්වේ, ෆින්ලන්තය, කැනඩාව,

වාසනාවන්තයන්ට නිසි තැන, නිසි දේ ලැබී තිබේ..


රට බරපතල ආර්ථික අර්බුදයක පවතින නිසා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී නව බදු සංශෝධන කිහිපයක්‌ හඳුන්වා දී තිබිණි. අපට පෙනෙන හැටියට මේ බදු වැඩි කිරීමේ "අමාරුව" තදින්ම දැනී තිබෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාටය. 

ඒ නිසාමදො බදු සංශෝධන ගෙන ඒමෙන් දින කිහිපයක්‌ ගතවන්නටත් පෙර රටේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වී පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු 225 දෙනා සඳහා දැනට ලැබෙන

අප වෙනුවෙන් දුක්‌ විඳින මැති ඇමැතිවරුන් වෙනුවෙන්...


මැති ඇමැතිවරුන්ට සුපිරි දීමනා ලබා දෙන බව වාර්තා වූයේ පසුගිය සතියේ ය. දැනට වාර්තා වන ආකාරයට එවැනි සුපිරි දීමනා ලබාදීමක්‌ පිළිබඳව තවමත් එකඟතාවකට පැමිණ නැතැයි කියෑවේ. 

එහෙත් මේ සුපිරි දීමනාවලට අයත් නොවන තවත් සුපිරි වරප්‍රසාදයක්‌ එම මැති ඇමැතිවරුන්ට අනිවාර්යයෙන් ම හිමිවීමට නියමිතය. ඒ

'නොදන්වාම' විදුලිය කැපීම රටට මාරාන්තික බලපෑමක්‌ ඇති කරන බව...


රටේ ජනතාව මෑත කාලයේ බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටි ප්‍රවෘත්තිය පසුගියදා වාර්තා වී තිබිණි. ඒ 'නොදන්වාම' විදුලිය කපන්නට සිදුවන බව ය. ටික වේලාවක්‌ නොව පැය හතහමාර (7 1/2) කි. 

ඒ අනුව පැය 5 1/2 ක්‌ උදේ වරුවේද, පැය 2 ක්‌ සවස්‌ වරුවේ ද විදුලිය මේ වන විට කපා හරිමින් තිබේ. මාස හයක්‌ තුළ විදුලිය බිඳවැටීම් තුනකි. ප්‍රශ්නය බරපතළ බව කියන්නට තවත් උදාහරණ අවශ්‍ය නැත. මේ වන

මින් මතු එවන් අපරාධයක් සිදු නොවන තැනට කවුරුත් දායක විය යුතු බව...


කොටදෙණියාව, බඩල්ගම සේයා සදෙව්මි බක්මීදෙණිය දැරිය කෙලෙසා මරා දැමීම මුළු මහත් රටම සසල කළ දෙයක් විය. එය මෑත කාලයේදී ගැඹුරින් සාකච්ඡාවටද බඳුන් විය. ඇතැමුන් කීවේ 'මෙය තවත් එක් අපරාධයක්!'ය යන්නය. 

තවත් අය කීවේ 'මේ අපරාධය සිදුවීමට ඉඩ ලැබුණේ මවුපියන්ගේ නොසැලකිල්ල නිසා' බවය. තවත් සමහරුන් කීවේ 'මෙවැනි අපරාධ සිදුවීමට උඩගෙඩි දෙන සමාජ හේතු හඳුනා නොගෙන මෙවැනි දේ වැළැක්වීම අපහසු බව'ය.

කෙසේ වෙතත්, සේයා දැරියට හදිකළ, ඝාතනය කළ අපරාධකරු අල්ලා ගැනීම ඉතා හදිසි, කටයුත්තක් වන තරමට සමාජය තුළින් ප්‍රබල හඬක් මතුවිය. පක්‍ෂ, පාට, ජාති, ආගම් හා කුල භේද ඊට තිබුණේ නැත. 


එහෙත් ඒ අතර දේශපාලන හිවලුන් කිහිපදෙනකු කීවේ මෙය 'කලින් සිදු නොවූ විරූ අපරාධයක්! මෙහෙම වෙන්නට ඉඩදිය යුතු නෑ! මේවාට

සමාජයට බරක්‌ වන මානසික රෝගීන් බිහිවීම හා නවක වධය...


අදාළ ප්‍රස්‌තුතය ගැන දැනගැනීමට පෙර පහත උපුටනය කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

"මෙම අපරාධය සිදුකර ඇත්තේ නූගත්, බුද්ධි මට්‌ටමින් පහත් තලයක සිටින අය නොවේ. පළමු ශ්‍රේණියේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ දක්‌වාම මහජනයාගේ මුදලින් අධ්‍යාපනය ලබා තව දුරටත්

රටේ ජනතාව ඉතා පරෙස්‌සමෙන් විදුලිය සමඟ කටයුතු කරන්නේ "කරන්ට්‌" වදින නිසාද..?


වසර 20 කට පසු දීර්ඝතම විදුලි බිඳවැටීම පෙරේදා එනම් 13 වැනි ඉරිදා වාර්තා විය. විශේෂත්වය වන්නේ මාස හයක කාලයක්‌ තුළ ජනතාව දැඩි අපහසුතාවට පත් කරන අන්දමේ විදුලි බිඳවැටීම් තුනක්‌ වාර්තා වී තිබීමය. 

මේ ගැන විෂය භාර ඇමැතිවරයා නොව නියෝජ්‍ය ඇමැතිවරයා වහා ප්‍රකාශයක්‌ නිකුත් කර තිබිණි. ඒ අනුව "හදවත" ඇතුළින්ම නැතත් මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ බවට සැකකරන බව නියෝජ්‍ය ඇමැතිවරයා

වාසනාවන්තයන්ට නිසි තැන, නිසි දේ ලැබී තිබේ...


රට බරපතල ආර්ථික අර්බුදයක පවතින නිසා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී නව බදු සංශෝධන කිහිපයක්‌ හඳුන්වා දී තිබිණි. අපට පෙනෙන හැටියට මේ බදු වැඩි කිරීමේ "අමාරුව" තදින්ම දැනී තිබෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාටය. 

ඒ නිසාමදො බදු සංශෝධන ගෙන ඒමෙන් දින කිහිපයක්‌ ගතවන්නටත් පෙර රටේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වී පාර්ලිමේන්තුව

හිඟ මුදලුත් සමග පෞද්ගලික අංශයේ රු. 2500 හරි - පනත සම්මතයි


පෞද්ගලික අංශයේ සේවකයන්ට 2015 මැයි මස සිට රුපියල් 1500 ක වැටුප් වැඩිවීමක්‌ සහ 2016 ජනවාරි සිට රුපියල් 1000 ක වැටුප් වැඩිවීමක්‌ හිමිවන සේවකයන්ගේ අයවැය සහන දීමනාව පනත්

දේශයේ ගෞරවාදරය සමඟින් අප ඔබ වහන්සේට අජරාමර නිවන් සුව පතන්නෙමු..


මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්‌සි මහනාහිමියෝ මහනුවර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේදී පෙරේදා (9 වැනිදා) අපවත් වී වදාළහ. අපවත් වන විට 95 වැනි වියෙහි පසුවූ නාහිමියෝ අස්‌ගිරි පාර්ශවයේ 21 වැනි මහනායක හිමිපාණෝ වූහ.

ඓතිහාසික මාතලේ දිස්‌ත්‍රික්‌කයේ අස්‌ගිරි පල්ලේසියපත්තුවේ සුන්දර ගලගම ගම්මානයේදී ශාසන ලැදි තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචිඅම්මා කුමාරිහාමි සහ කුලතුංග මුදියන්සේලාගේ ඩිංගිරිබණ්‌ඩා

මේ "හදිසිය" හැමදාමත් තිබිය යුතු එකක්‌ බව...


රටපුරා සිදුවන අපරාධවල වර්ධනයක්‌ පසුගිය කාලය පුරාම දක්‌නට ලැබිණි. අපි බොහෝ වාරයක්‌ ඒ ගැන කතා කර ඇත්තෙමු. අපරාධ වර්ධනයට සාපේක්‍ෂව අපරාධකාරයන්ගේ වර්ධනයක්‌ද පෙනෙන්නට තිබේ. ඒ ගැන සහතික විය හැකි ප්‍රවෘත්තියක්‌ ඊයේ පුවත්පත් වල පළවී තිබිණි. 

ඒ, රටපුරා ලියාපදිංචි අපරාධකාරයන් (අයි. ආර්. සී) 45171 දෙනකු සිටින බවය. මේ ලියාපදිංචි අපරාධකාරයන්ගෙන් 975 දෙනෙකු

අස්ගිරි මහනාහිමි අපවත් වෙති..


සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ත දස්සී නාහිමියන් අපවත් වී තිබේ. හදිසියේ සිදුවූ  ඇදවැටීමක් හේතුවෙන් උන්වහන්සේ ඊයේ පස්වරුවේ මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණ.

එම අවස්ථාවේදී උන්වහන්සේ සිහිවිසඥව සිටි බව මහනුවර ශික්ෂණ රෝහලේ  අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා පැවසීය. කෙසේ වෙතත්

"පාන් පිටි" වලට එරෙහි අමුතු සටනක්‌....?


බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති "වස විස නැති රටක්‌" ජාතික වැඩසටහනේ දෙවැනි දින සමාරම්භක උත්සවයට එක්‌වෙමින් ජනාධිපතිවරයා වැදගත් කාරණයක්‌ අනාවරණය කර තිබිණි. ඒ 2015 වර්ෂයේදී මේ රටේ ජනතාව පාන් පිටි මෙටි්‍රක්‌ ටොන් එකොළොස්‌ ලක්‍ෂ පනස්‌දහසක්‌ ආහාරයට ගෙන ඇති බවය.

එපමණ ප්‍රමාණයක්‌ පාන් පිටිම කෑ ජනතාවට මේ කතාව අලුත්ම අලුත් දෙයක්‌ නොවේ. එමෙන්ම පුදුමයට කාරණයක්‌ද නොවේ.

සවස්‌ වරුවේ පමණක්‌ නොව සමහර විට උදේටත් දහවලටත් ක්‍ෂණික කෑම කඩ, බේකරි කඩවල පිරී සිටින සෙනග කන්දරාව ඊට සාක්‍ෂිය. බතක්‌ ලිප තියාගන්නට තරම් කාලයක්‌ නැතිවා මෙන් (කාර්ය බහුල

පාතාලය හිස එසවීම යනු අර්බුද ගණනාවකට මුල බව..


බන්ධනාගාර බස්‌ රථයක ආරක්‍ෂිතව ගමන් කරමින් සිටි සැකකරුවෙකු ට වෙඩි තැබීමේ පුවතක්‌ ඊයේ පුවත්පත් වාර්තා කර තිබිණි. රට පුරාම මේ වනවිට වෙඩි තබා ගැනීමේ සිදුවීම් වාර්තා වෙන්නේ දකුණු ඉන්දියාවේ චිත්‍රපට තනන වේගයෙනි. 

මේ වෙඩි තබා ගැනීම්, හොලිවුඩ් චිත්‍රපටවල ත්‍රාසජනක දර්ශන රූගත කරනවාටත් වඩා පහසුවෙන් කරන බව පෙනේ. එසේ නැතිනම්,

දකුණු කකුලේ ලෙඩේට ගියවිට වම් කකුල 'ඔපරේෂන්' කරලා


පිළිමතලාව විඡේතුංග මාවතේ පදිංචි තම 14 හැවිරිදි දියණිය දකුණු පාදයේ දණ හිසේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළ විට වම් පාදයට ශාල්‍යකර්මයක්‌ කර ඇති බව

අපරාධකරුවෙකුට සදාකාලිකව සැඟව සිටිය නොහැකි බව...

කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට තිබූ අබිරහස් මිනිස් ඝාතන දක්ෂ නිලධාරීන් විසින් හෙළිදරව් කරගත් අවස්ථා අප රටේ එමට ඇත. එහෙත් 2012 වසරේ මැයි මස 17 දින නාරාහේන්පිට උද්‍යාන පාරේදී රිය අනතුරක් නිසා

වූ බව මුලින් කියැවුණු වසීම් තාජුඩීන් නම් ප්‍රකට රගර් ක්‍රීඩකයාගේ මරණය මිනීමැරුමක් බවට තහවුරු වේ යැයි බොහෝ දෙනෙකු සිතුවේ නැත. තාජුඩීන්ගේ මරණය සැක සහිත වුවත්

බත් නුබුදින තණකොළ බුදින අය...


පොහොර ප්‍රශ්නයට ජනපතිවරයාත් අගමැතිවරයාත් සෘජුවම මැදිහත් වන බව ඊයේ වාර්තා වී තිබිණි. එමෙන්ම පොහොර සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට පිළියම් යෙදීම සඳහා ගත යුතු පියවර සම්බන්ධ යෙන් විශේෂ සාකච්ඡාවක්‌ ද ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

කෙසේ හෝ මෑත කාලයේ වී සම්බන්ධයෙන් ද , පොහොර සම්බන්ධ යෙන් ද ප්‍රශ්න ගණනාවක්‌ පැනනැඟුණු බව අමුතුවෙන් කිව යුතු නැත. ජනපතිවරයාත් ඇමැතිවරයාත් මැදිහත්වන තරමටම ප්‍රශ්නය උග්‍ර වී