Ads 468x60px

.

අස්ගිරි මහනාහිමි අපවත් වෙති..


සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ත දස්සී නාහිමියන් අපවත් වී තිබේ. හදිසියේ සිදුවූ  ඇදවැටීමක් හේතුවෙන් උන්වහන්සේ ඊයේ පස්වරුවේ මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණ.

එම අවස්ථාවේදී උන්වහන්සේ සිහිවිසඥව සිටි බව මහනුවර ශික්ෂණ රෝහලේ  අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා පැවසීය. කෙසේ වෙතත්

උන්වහන්සේ රෝහලට ඇතුළත් කර ටික වේලාවකට පෙර අපවත් වී තිබේ. අපවත්වන විට උන් වහන්සේ 95 වන වියේ පසුවුණා.

අස්‌ගිරි මහනාහිමි රෝහලේ

සියම් නිකායේ අස්‌ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්‌සී මහනාහිමියන් හදිසියේ ඇදවැටීමෙන් සිදුවූ අනතුරක්‌ හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

මහනුවර ශික්‌ෂණ මහරෝහලේ අධ්‍යක්‌ෂ සමන් රත්නායක මහතාගෙන් කළ විමසුමකදී කියා සිටියේ මහනාහිමියන් මේවන විට සිහිවිසඥව සිටින බවයි.

කෙසේ වෙතත් කඩිනමින් ප්‍රතිකාර සිදුකරන බව රෝහල් අධ්‍යක්‌ෂවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
Related Posts with Thumbnails