Ads 468x60px

.

දකුණු කකුලේ ලෙඩේට ගියවිට වම් කකුල 'ඔපරේෂන්' කරලා


පිළිමතලාව විඡේතුංග මාවතේ පදිංචි තම 14 හැවිරිදි දියණිය දකුණු පාදයේ දණ හිසේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළ විට වම් පාදයට ශාල්‍යකර්මයක්‌ කර ඇති බව
පවසමින් දැරියගේ පියා පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක්‌ කර ඇත.

මහනුවර ප්‍රදේශයේ පාසලක නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම දියණියගේ දකුණු පාදයේ දණහිස ළඟ කුඩා කල සිටම ගැටිත්තක්‌ තිබුණ බවත් එයට ප්‍රතිකාර ගැනීම සඳහා පිළිමතලාව ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය සායනයකදී විශේෂඥ වෛද්‍යවරයකු හමුවූ බවත් ඔහුගේ දැනුම්දීම මත පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ දහසය වැනි වාට්‌ටුවට ඇතුළත් කළ බවත් දැරියගේ පියා සඳහන් කරයි.

ඒ අනුව පසුගිය විසිවැනි දින පේරාදෙණිය රෝහලට ඇතුළත් කරන ලද තම දියණිය මෙම මස පළමු වැනි දින ශල්‍යකර්මයකට භාජනය කරන ලද බවත් ඇය වාට්‌ටුවට රැගෙන ආ විට දැකගත හැකි වූයේ දකුණු පාදය වෙනුවට වම් පාදයේ ශල්‍යකර්මයක්‌ කර ඇති බවත් යෑයි පැවසේ. 


දැරියගේ පියා මේ සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයාගෙන් විමසීමේදී වෛද්‍යවරයා ප්‍රකාශ කළේ තුන්වැනි දින දකුණු පාදයට ශල්‍යකර්මයක්‌ කරන බව යෑයිද පවසයි.

මේ සම්බන්ධයෙන් අප පේරාදෙණිය රෝහලේ අධ්‍යක්‍ෂවරයාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ අදාළ රෝගියාගේ පාද දෙකේම අසමාන කමක්‌ පිළිබඳ වාර්තා වූ බවත්, රෝගියා පරීක්‍ෂා කරන ලද විශේෂඥ වෛද්‍යවරයා දැනට විදේශගතවී ඇති බැවින් ඔහු පැමිණි පසු මෙම ගැටලුව සම්බන්ධයෙන් ඔහුගේ නිර්දේශය ලැබෙනතුරු නිවැරදි තීරණයකට එළැඹිය නොහැකි බවත්ය.
 
Related Posts with Thumbnails