Ads 468x60px

.

පාතාලය හිස එසවීම යනු අර්බුද ගණනාවකට මුල බව..


බන්ධනාගාර බස්‌ රථයක ආරක්‍ෂිතව ගමන් කරමින් සිටි සැකකරුවෙකු ට වෙඩි තැබීමේ පුවතක්‌ ඊයේ පුවත්පත් වාර්තා කර තිබිණි. රට පුරාම මේ වනවිට වෙඩි තබා ගැනීමේ සිදුවීම් වාර්තා වෙන්නේ දකුණු ඉන්දියාවේ චිත්‍රපට තනන වේගයෙනි. 

මේ වෙඩි තබා ගැනීම්, හොලිවුඩ් චිත්‍රපටවල ත්‍රාසජනක දර්ශන රූගත කරනවාටත් වඩා පහසුවෙන් කරන බව පෙනේ. එසේ නැතිනම්,
දෙනෝදාහක්‌ බලා සිටියද ආ කාරිය කරගෙන සැඟව යැමට නාඳුනන තුවක්‌කුකරුවකුට හැකියාව ලැබෙන්නේ කෙසේද?

බන්ධනාගාර බස්‌ රථයට වෙඩි තැබීම සිදුව ඇත්තේ වෙඩි කෑ "දෙමටගොඩ චමින්ද" නමැත්තා තනිව සිටියදී නොව බන්ධනාගාර නිලධාරීන් ඇතුළු විශාල පිරිසක්‌ අවට සිටියදීය.

රාත්‍රියේ නොව මහා දවාලක වුව සිය ඉලක්‌ක සපුරා ගැනීමේ හැකියාව නැවතත් ගිනි අවි අත දරන්නන්ට ලැබී ඇති බව පෙනෙන්නට තිබේ. මෙය කොළඹට පමණක්‌ සීමා වූවක්‌ නොවේ. පසුගිය සති කිහිපයේ දකුණෙන්ද මෙවැනි සිදුවීම් ගණනාවක්‌ වාර්තා විය. 


මේ සියල්ල "පාතාල" ගිණුමට බැරව තිබේ. ප්‍රශ්නය වන්නේ දැනට ටික කාලයකට ඉහතදී පාතාලයක්‌ හෝ ගිනි අවි දරන කවරකු හෝ මෙවැනි සෙල්ලම් දැමීම බොහෝදුරට පාලනය කර තිබියදී නැවත එවැනි තත්ත්වයක්‌ ඉස්‌මතු වූයේ ඇයි දැයි යන්නය. 

විශේෂයෙන්ම "මෙගා පොලිස්‌" වීමට නියමිතව කොළඹ නගරය "මෙගා මාµsයා" මට්‌ටමේ චිකාගෝ කතන්දරයක්‌ බවට පරිවර්තනය වීම එතරම් හොඳ දෙයක්‌ නොවේ. "මෙගා පොලිස්‌" වූ විට කොළඹ (බස්‌නාහිර) නිව්යෝර්ක්‌, වොෂින්ටන් ඩී. සී. මට්‌ටමේ ම නොවෙතත් සිංගප්පූරුව ළඟින් යන මට්‌ටමේ තිබීම ප්‍රමාණවත්ය. 

එහෙත් එවැනි අලංකාර නගරයක හිටි හැටියේ අහුමුළුවලින් මතුවන "ගන් µයිට්‌" (Gun Fight) ජනතාව භීතියෙන් පුරවාලන්නේ නම් ඒ අසිරියෙන් වැඩක්‌ නැත. ටිකෙන් ටික පාර කැපෙන්නේ භීෂණයට.

ගෝනි ගණනින් සිදුවීම් වාර්තා වී තිබියදීත් පාතාලය මර්දන කිරීම "බරපතළ ගැටලුවක්‌"ව ඇත්තේ ඇයි දැයි යන්න රටේ ජනතාවගේ ගොන් මොළවලට තේරෙන්නේම නැත. 


මේ වෙඩි තබා ගන්නේ චිකාගෝවෙන්, කොළොම්බියාවෙන් ආනයන කරනලද පාතාල සාමාජිකයන් නොවේ රටේ බුද්ධි අංශයටත්, රහස්‌ ඔත්තු සේවාවලටත් තොරතුරු ලැබී (ඇතැයි අප සිතන) ඇති පොලිස්‌ පොතේ මදාවි ලැයිස්‌තුවේ ඇති කාඩයන්ය. 

මේ වෙඩි තැබීම් සිදුකරන කවරකු හෝ පැමිණෙන්නේ තොප්පිගල කැලයේ සිට හෝ සිංහරාජයේ සිට නොවේ. කොළඹ නගරයේම කොතැනක හෝ මුල්ලක සිටය. කිලිනොච්චියේ සිට පැමිණි මරාගෙන මැරෙන කොටි ඇල්ලූ අපට මේ "තුවක්‌කුකරුවන්" ඇහැටවත් නොපෙනීම පුදුමයට කාරණයක්‌ නොවේදැයි නැවතත් ඇසිය යුතුය.

බන්ධනාගාර බස්‌රියේ සිටි සැකකරුවාට වෙඩි තැබීමේ සිද්ධියේදී පමණක්‌ නොව, මෑතකදී වාර්තා වූ බොහෝ සිදුවීම්වලදී ඒ තිරිසන් පාදඩයන් වෙඩි තබන්නේ ඉවක්‌ බවක්‌ නොමැතිව බව පෙනෙන්නට තිබෙන කාරණයකි. හෙට අනිද්දා වනවිට අහක යන අහිංසකයකු වුව මේ මදාවියන්ගේ වැරදුණු ඉලක්‌කයක්‌ වීමේ ඉඩකඩ වැඩි බව අවධාරණය කළ යුතුය.

පසුගිය කාලයේ හමුදා නිල ඇඳුමක්‌ පාරෙදි දුටු විට රට "මිලිටරිකරණය" කිරීමට උත්සාහ දරන්නේ යෑයි කී බොහෝ උගත් මහත්වරුන්ට මෙවැනි කාරණා "එතරම් දේවල්" නොවීම ගැන පුදුමයක්‌ නැත.

වෙඩි තබා ගන්නා අයත් වෙඩි කෑමට ගොදුරු වන අයත් යන දෙපිරිසම බොහෝ විට "පාතාල සාමාජිකයන් යෑයි හඳුනා ගන්නා උදවියටත්, රටේ ආරක්‍ෂාව බාර උදවියටත් මේ සිදුවීම් "ත්‍රාසජනක චිත්‍රපටයක්‌" හැටියටම බාර නොගන්නා ලෙස කිව යුතුය. 


පාතාලය හිස එසවීම යනු සමාජය බරපතළ අර්බුද ගණනාවකට මුහුණ දිය හැකි කාරණයක්‌ බව අපි අවධාරණය කරමු.
 
Related Posts with Thumbnails