Ads 468x60px

.

මේ වසරේ සූර්යග්‍රහණ හතරක් ලෝකයට අශුභ කාලයක්....


2016 වසරේ සූර්යග්‍රහණ හතරක් සිදුවන බවත් ඒ නිසා රටට ලෝකයට විශාල අශුභ කාලයක් උදාවන බවත් ප්‍රවීණ ජ්‍යොතිෂවේදී නිශාන්ත පෙරේරා මහතා කියයි.

ඉදිරියේදී ලොව පුරා ගුවන් හා නාවුක අනතුරු හා භූ අනතුරු මෙන්ම ජනතා උද්ඝෝෂණ රැසක් සිදුවන බව ද ඒ මහතා කියයි.

නිශාන්ත පෙරේරා මහතා කළ විශේෂ හෙළිදරව්ව මෙසේය:

“මේ අවුරුද්දට සූර්යග්‍රහණ හතරක් තියෙනවා. පළමු ග්‍රහණය පසුගියදා සිදුවුණා. ආයි එකක් සිදුවෙනවා. මාර්තු 23 දින ආයිත් සැප්තැම්බර්

සූර්යග්‍රහණයක් සිදුවෙනවා. ලෝක ජ්‍යොතිෂයේ නියමයක් තියෙනවා ග්‍රහණයක් වෙලා මාස භාගයක් යන්න කලින් තවත් ග්‍රහණයක් වුණොත් ඒ තත්ත්වය ඉතාමත් අශුභවෙයි කියලා.

2016 වසරේ සිදුවන ග්‍රහණ හතරම සිද්ධ වෙන්නේ ග්‍රහණයක් වෙලා දවස් පහළොවක් ඇතුළත. ඒක අහිතකර ප්‍රතිඵල ගෙන දෙන එකක්. මෙමඟින් පරිසරයට ඇතිකරන බලපෑමත් වැඩියි.

ඊළඟ එක තමයි අගහරුයි සෙනසුරුයි සාමාන්‍යයෙන් මුණගැසෙනවා. සෑම වසරකදීම. වෘශ්චික රාශියේ වසර 12කට සැරයක් හමුවෙනවා. මීට පෙර වෘශ්චික රාශියේ ඉඳලා තියෙන්නේ මාස දෙක - දෙකහමාර. නමුත් 2016 වසරේදි මාස හතක් ඉන්නවා එකට. කුජ කියන්නේ පොළොවට අධිපතියා. සෙනසුරු වායුවට අධිපති. මේ දෙන්නා එකතුවීම තුළ අශුභඵල ගෙන දෙනවා. භූමිකම්පා සුළිසුළං ඇති වෙනවා. මේ වසර තුළ.

මේ දෙන්නා එකට එකතු වුණේ පෙබරවාරි 20 දින සවස 4.41ට මේ දෙන්නා ගින්දරයි පුළුනුයි එකතුවුණා වගේ. මේ දෙන්නා කොයි වෙලාවෙත් කරන්නේ විපරිත දේවල්. ජන සමාජයේ ආවේගශීලිත්වය උපරිම තලයට ගෙනියනවා. අත්වැරදීම්, නොසලකා හැරීම් තුළින් වන අනතුරු විපත් විශාල වශයෙන් සිදුවෙනවා. 


ජලය හා පොළොව යටින් රැගෙන යන ඉන්ධන නළ ආදිය පුපුරන්න පුළුවන්. ගුවනේ ඇති වන විපත් ඉදිරියට අහන්න පුළුවන් වේවි. ගුවන් යානා කඩාවැටීම් වැනි දේවල්, නාවික කටයුතු වලින් ගොඩක් පරිස්සම් විය යුතුම වසරක් මේක.

සූර්යයා මේ දවස්වල ගමන් කරන්නේ මීන රාශියෙනේ. මාර්තු 23 වනවිට මෙයාගේ රශ්නය අපිට හොඳට දැනෙනවා. මේ උෂ්ණත්වය තවත් ඉහළට යනවා.


ඊළඟ කරුණ තමයි සූර්යග්‍රහණයෙන් පස්සේ තමයි එයා මීන රාශියට ආවේ. මේෂ රාශියට එනවයි කියන්නේ අලුත් අවුරුදු උදාව. මේ සැරේ සූර්යයා අලුත් අවුරුද්ද අපට දෙන්නේ එයා සූර්යග්‍රහණයකට පත්වෙලා. බොහොම පීඩිතව ඉන්න වෙලාවකයි. 


මේ අවුරුද්දට මූණ දෙන්න ඕනෑ දුරදක්නා නුවණකින් කල්පනා කිරීමෙන්. ආගමික කටයුතුවලට මුල් තැන දෙන්න ඕනෑ. පරිසරය මිනිසුන් සමඟ නැති විදිහට තමයි නිර්මාණය වෙන්නේ.

අලුතින් රෝග පීඩා පැතිරීම වැඩි වෙන්න පුළුවන්. ආපදා අංශ සෞඛ්‍ය අංශවලට විශාල කාර්යබහුල වෙන්න පුළුවන්. ජනමනස තුළට සහන අඩු වෙනවා. 


අගහරුගේ ප්‍රචණ්ඩත්වය සූර්යාගෙන් දෙන රශ්මි කදම්භයන් එක්ක ජනමනස අවුල් වෙනවා. අවේගශීලිත්වය ගෙන දෙනවා. ගොවි ජනතාව පමණක් නොවෙයි සාමාන්‍යයෙන් ගෙදර දොරේ පවා හැම කෙනෙකු ගේම වගේ මානසික ව්‍යාකූල තත්ත්වයන් ඇති වෙනවා. 


මේ තත්ත්වය අතරදි තමයි. අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පති කන්‍යා රාශියට එනවා සතුරු ස්වභාවයට පත්වෙලා. ඒකත් එතරම් හොඳ නැහැ. එහෙම වුණාම හොරෙන් කරන දේවල් එළිපිට කරන්න පුළුවන් තත්ත්වයක් තමයි සිද්ධ වෙන්නේ. 

මේ ග්‍රහචාරයන් එක්ක බැලුවම සේවකයන් ආයතන ප්‍රධානීන් හා ඉහළ නිලතල දරන අය අතර සුහදතාව ඉහළ මට්ටමින් පලුදුවීම් ඇති කරන්න පුළුවන්.

දේශපාලනඥයින් ගැන කතා කළොත් ග්‍රහයින් විශ්වාස කළාට දේශපාලනඥයින් විශ්වාස කිරීමට නොහැකි තත්ත්වයක් තමයි තියෙන්නේ.

ඉදිරියේදී රටේ නිෂ්පාදන ක්‍රියාවලියට බාධා කරදර ගෙන දෙන්න පුළුවන් මේ තත්ත්වයන් එක්ක. අගෝස්තු 11 දක්වා වූ කාලය සෑම දෙනෙකුම පරිස්සමෙන් යුතුව කටයුතු කළ යුතුයි. එහෙම නොවුනොත් අපේ රටේ තියෙන සදාචාරාත්මක, සංස්කෘතිය හැදියාව ආදී අංශවල විශාල ප්‍රශ්න එනවා.

මේ වසරේ බුද ග්‍රහ යුද්ධවලට සහභාගී වෙලා ඒකෙන් වැඩි ප්‍රමාණයක් පරදිනවා. එතකොට පාසල් දරුවන්ට සිද්ධකරන අහිතකර තාවයන් ඉතාම ඉහළ මට්ටමක තියෙන්නේ. පාසල් වෑන් රථ රියදුරන්, ගුරුවරු හා දෙමාපියන් දරුවන් ගැන අවධානයෙන් සිටිය යුතුම කාලයක් තමයි උදාවෙන්නේ.

ඒත් එක්කම තම තමන් බලාපොරොත්තු වන දේ කොහොම හරි ඉටුකරගන්න යන තරමට ජනමනසට බලපෑම් එල්ලකරන තත්ත්වයක් පවතිනවා. බුද්ධිය පසු බැහැලා හැඟීම් ඉදිරියට එන අවදානම වැඩියි.” 
 
Related Posts with Thumbnails