Ads 468x60px

.

හොරකම විධිමත් කිරීමත් පුද්ගලයන් පන්නා දැමීමත් හැරෙන්නට වෙන වැඩක්‌ කෙරෙන්නේ නැති බව...


රටේ බෙහෙත් හිඟයක්‌ තිබේ. බාල ඖෂධ, උපකරණ ගෙන්වීමද යහතින් සිදුවේ. රෝගීහු පැය ගණනක්‌ පෝලිම්වල ලැග සිටින්නාහ. ඇමැතිවරු මවුන්ට්‌ එළිසබෙත් ගොස්‌ රෝග සුවකරගෙන පැමිණෙන විටත් හදවත් රෝගීහු දහස්‌ ගණනක්‌ "ලිස්‌ට්‌" එකේ ලතවෙන්නාහ. 

හදවත් සැත්කමට නොව එම්. ආර්. අයි. ස්‌කෑන් පරීක්‍ෂාවක්‌ සිදුකර ගැනීමට පවා බොහෝ කාලයක්‌ ලිස්‌ට්‌ එකේ සිටිය යුතුය. ඖෂධ පනත ගෙන ආ නමුත් තවමත් ඖෂධ මාෆියාවක්‌ ඇති බව කියන්නේ වෛද්‍ය

ආරූඩයකින් තොරව පොල් ගෙඩියක් අතින් බිඳින අයුරු (වීඩියෝ)


කිසිදු ආරුඩයකින් තොරව පොල් ගෙඩියක් අතින් බිඳින අයුරු ඔබ දැක තිබේද?

යම් ආරුඩයකින් හෝ එහෙමත් නෑත්නම් යම් ගුප්ත බලයකින් තොරව මනෝ විශේෂඥ වෛද්‍ය විද්‍යා කුලපති මහතා එය ඔප්පු කරන අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

විදුලි බිල නැවත වැඩිවන තෙක්‌ උපේක්‍ෂාවෙන් බලා සිටිමු......


එළැඹෙන මැයි 02 වැනිදා සිට වැට්‌ බදු වැඩි කිරීමට නියමිතය. එම වැඩි කිරීම විදුලි බිලට බල නොපාන බව ආණ්‌ඩුව මේ වනවිටත් කියා තිබේ. එහෙත් රටේ බොහෝමයක්‌ දෙනා තුළ මේ ගැන ඇත්තේ අවිශ්වාසය මුසුවූ හැඟීමකි. ඊට හේතු තිබේ. 

වැට්‌ වැඩි කරන්නේ රජයට ආදායමක්‌ උපයා ගන්නටය. එහෙත් අත්‍යවශ්‍ය භාණ්‌ඩ හා සේවාවලට සහන ලබාදී එම ආදායම සපයා ගන්නේ කොහොමද යන්න ආණ්‌ඩුව පැහැදිලි කර නැත. ජනතාවට සැක සංකා මතුවන්නේ ඒනිසාය. කෙසේ හෝ අප මේ කතා කරන්නට

අඥාන මතය මෙන්ම හුඹස් බිය දුරුකළ යුතු බව...


උතුර හා නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කොට දෙමළ භාෂාව කතා කරන ජනතාවට ප්‍රාන්ත පාලනයක් ලබාදෙන ලෙස උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. විග්නේශ්වරන් ඉදිරිපත් කළ යෝජනාවකට උතුරු පළාත් සභාවේ අනුමැතිය ලැබී ඇත. 

මේ යෝජනාවට එකඟතාව පළ කර නැත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙදෙනා පමණි. ඡන්දය

ජනමාධ්‍ය ගැන ආණ්‌ඩුව යහපත් ආකල්පයකින් කටයුතු කරන බව සිතිය හැක්‌කේ...?


රටේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් වඩා හිතකර ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන බව වත්මන් ආණ්‌ඩුව බලයට පැමිණීමට පෙර සිටම බොහෝ අවස්‌ථාවල පැවසූ බව අමතක කළ යුතු නැත. 

එහෙව් ආණ්‌ඩුවක අගමැතිවරයා, සමහර ජනමාධ්‍ය ආයතන, මාධ්‍ය වේදීන් නමින්ම ආමන්ත්‍රණය කරමින් දොස්‌ පවරන විට මාධ්‍යවේදීන්

මිනීමැරුම්, කප්පම් කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක සැකකරු 'පොඩි සාගර' වෙඩි තබා ගනී...


මිනීමැරුම්, කප්පම් ගැනීම් ආදී දරුණු අපරාධ කරමින් ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ ගණනාවක ජනතාව භීතියට පත්කරමින් සිටි 'පොඩි සාගර' නමැති පාතාල නායකයා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් පෙරේදා (20දා) රාත්‍රී ගොකරැල්ලේදී අත්අඩංගුවට ගැනීමට යද්දී ඔහු තම ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන දිවි නසාගෙන ඇත.

මෙසේ සිය දිවි නසාගෙන ඇත්තේ මාදූව, කටුනායක පදිංචි මිනුවන් ගොඩ පාතාල නායකයා ලෙස හඳුන්වන මානික්‌කුගේ සුමිත් දයාරත්න නොහොත් පොඩි සාගර නමැති අපරාධකරු බව පොලිසිය කියයි.

නව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලෙස කටයුතු කරමින් සිටියදී පාතාල කල්ලි

පොලිස්‌ සේවාව මෙතරම් සවුත්තු වූයේ කවර හේතුවක්‌ නිසාද..?


ශ්‍රී ලංකාවේ 34 වැනි පොලිස්‌පතිවරයා වශයෙන් පූජිත් ජයසුන්දර මහතා ඊයේ (20 දා) නිල වශයෙන් රාජකාරි ඇරඹීය. හිටපු හැම පොලිස්‌පති වරයකුටම මෙන් නව පොලිස්‌පතිවරයාට ද භාර ගන්නට සිදුව ඇත්තේ ලෝකයේ හොඳම පොලිස්‌ දෙපාර්තමේන්තුව නොවේ.

ශ්‍රී ලංකාවේ 33 වැනි පොලිස්‌පතිවරයා ලෙස කටයුතු කළ එන්. කේ. ඉලංගකෝන් මහතා විශ්‍රාම ගත්තේ සිය සේවා කාලයේ විශිෂ්ඨත්වය සලකුණු කරමිනි. එහෙත් ඔහුට ද පොලිසිය සියයට සියයක්‌ම හොඳම

මේ දුෂ්කර අවස්‌ථාවේදී මේ රටේ ජනයාට තිබෙන එකම සහනය..


ගිය අවුරුද්දේ ජනවාරි 8 වැනිදාට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථිකය දෙස බලන විට එහි මතුපිට පින්තූරය මේ ආකාරයය රාජපක්‍ෂ ආණ්‌ඩුව ඉතා නරක ලෙස පිටරටවලින් ණය ගෙන තිබිණ. 

ආණ්‌ඩුව ඒ ණය ගත්තේ පාරවලුත් හදා තමනුත් හැදෙනු පිණිසය. මත්තල ගුවන් තොටුපළත් හදා තමනුත් හැදෙනු පිණිසය. මාගම්පුර වරායත් හදා තමනුත් හැදෙනු පිණිසය. මත්තලට අන්තර්ජාතික

මෙය එළ හරක්‌ තර්කයක්‌ ද නැතහොත් මී හරක්‌ තර්කයක්‌ ද..?


සිංහල අවුරුද්දක්‌ අත ළඟ තිබියදී ඒ ගැන හොඳ දෙයක්‌ නොලියා ජෝන් අමරතුංගලා, කරුණාසේන හෙට්‌ටිආරච්චිලා වැනි අය ගැන ලිවීමට අපට සිදුව තිබේ. 

වත්තල ජොගිං ට්‍රැක්‌ එක කඩා බිඳ දැමූ දේශපාලන වනචරයන්ට දඬුවම් දෙන්නේදැයි රූපවාහිනි වාර්තාකරුවකු විසින් ඇමැති ජෝන් අමරතුංග ගෙන් විමසන ලදුව ඔහු කියා සිටියේ ජොගිං ට්‍රැක්‌ එක ආපහු හදන බැවින් ඔවුන්ට දඬුවම් දීම අනවශ්‍ය බවයි. 

එතුමා ඒ බව කියා සිටියේ සිය මුඛයෙන්මය. ඒ ගැන සැක නොසිතන්න. එතුමාගේ කතාවේ හරය මෙයයි. කිසිවකු පැමිණ එතුමාගේ හිසට

රටේ ජනතාවත්, බලධාරීනුත් රැවටිල්ලකට හසුවී ඇති බව..


වැසි සමය ආරම්භ වී තිබේ. උතුරන්නට නොවැස්‌සත් තිබුණු රස්‌නය හැටියට ඒ වැස්‌සද ප්‍රමාණවත්ය. වැස්‌ස ආරම්භ වන විටම ඩෙංගු ගැන කතාව පටන්ගෙන තිබේ. කොහොමත් වැස්‌ස සමඟ වසංගත රෝග ගණනාවක්‌ පැතිර යැම සාමාන්‍ය කාරණයකි. 

ප්‍රශ්නය වන්නේ වැසි සමය හරියටම ආරම්භ වීමටත් පෙරම බස්‌නාහිර පළාත තුළ ඩෙංගු රෝගය තදින් පැතිර යන බවත් එම පළාත ඩෙංගු දැඩි අවදානම් කලාපයක්‌ ලෙස නම් කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය

රටේ ජනතාවට 'පටිය තදකර ගන්නටම' වීම අනිවාර්ය බව..


තවත් රාජ්‍ය ඇමැතිවරයකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇති බව ඊයේ (07 දා) වාර්තා වී තිබිණි.

ඒ අනුව මේ වන විට ඇමැතිවරු 46 ක්‌ද, රාජ්‍ය ඇමැතිවරු 20ක්‌ ද, නියෝජ්‍ය ඇමැතිවරු 25 ක්‌ද ලෙසින් ඇමැති සංඛ්‍යාව 91 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. පසුගිය 6 වැනිදා මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන විට ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා සඳහන් කළේ තවත් අයට

"අවුරුදු" තෑග්ග නූලෙන් මිස්‌වීම..


පසුගිය කාලය පුරාම කුඩු ඇල්ලූ හැටියට "දැන් ඉවරයි" කියා හිත හදාගෙන ටිකක්‌ එහා මෙහා වන විට ආයෙත් කුඩු ගැන "නැව්" කතා අසන්නට වී තිබේ. කුඩු මර්දනය කිරීම බොහෝ දෙනකු සිතා සිටිනවාට වඩා බැරෑරුම් කාර්යයක්‌ බවද මේ වන විට සනාථ වී තිබේ. 

මෙවර කුඩු කිලෝ එකසිය දහයක ප්‍රමාණයක්‌ හසුවී තිබුණේ දකුණේ මුහුදේදීය. කුඩු නැව අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කර තිබුණේ දීර්ඝ විමර්ශනයකින් පසුව නම් නොවේ.

කවුරු හෝ පුද්ගලයකු විසින් නවගමුව පොලිසියේ පොලිස්‌ පරීක්‍ෂක වරයාට දෙනු ලැබ තිබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබිණි. එය එසේ නොවන්නට ස්‌ථිර වශයෙන්ම මේ වන විටත් කුඩු

සී.සී.ටී.වී. දඩ කොළේ ෂේප් කිරීමට පෙරම අතුරුදන් නොවිය යුතු බව...


පසුගිය වසරේ එනම් 2015 වර්ෂයේ අගභාගයේ මෙන්ම මෙම වර්ෂයේ (2016) මුල් භාගයේදී රිය අනතුරු බහුල වශයෙන් වාර්තා විණි. වර්ත මානය වන විටත් දිනකට එකක්‌ දෙකක්‌ හෝ මාරක රිය අනතුරක්‌ පිළිබඳ වාර්තා වේ.

පැහැදිලිවම කිවයුතු කාරණයක්‌ තිබේ. එනම් මෙවැනි මාරක රිය අනතුරු වලට ප්‍රධානතම හේතුව වන්නේ රියෑදුරන්ගේ සේම පදිකයන්

ආණ්‌ඩුවේ වචන ලස්‌සන වුණාට ක්‍රියාව ලස්‌සන නැති බව...


වර්තමාන ආණ්‌ඩුවේ ඇමැති සංයුතිය ව්‍යවස්‌ථාවට පටහැනි නිසා තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව කියමින් ශේ්‍රෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කර ඇති බව පසුගිය සතිය අවසන් වන විට වාර්තා විය. 

ඒ අනුව වත්මන් ආණ්‌ඩුවේ කැබිනට්‌ ඇමැතිවරුන් නියෝජ්‍ය ඇමැති වරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ පත්වීම් බල ශුන්‍ය කරන ලෙසද එමගින් ඉල්ලා තිබිණි.

ඇත්ත වශයෙන්ම එම පෙත්සම කවරෙකු විසින් ඉදිරිපත් කර ලැබ තිබුණද එය ටිකක්‌ කල් ගිය, හොඳ වැඩක්‌ ලෙස අපි දකිමු. මෙය

අවසාන 6 පාර 4 ද ඇතුලත් විස්සයි විස්ස ෆයිනල් හයිලට්ස් වීඩියෝව



අද ඉන්දියාවේ කල්කටාවේ ඊඩ්න්ගාඩ්න් පිටියේ පැවති විස්සයි 20 ලෝක කුසලාන අවසන් තරගයේදී එංගලන්තය පරදා කුසලානය අත්කරගන්නට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් වුණා.

කාසියේ වාසිය දිනා පන්දු යැවීම තෝරාගත් බටහිර ඉන්දීය කොදෙව් පිල එංගලන්ත ඉනිම 155 කට කඩුළු 9 ක් ලෙස සීමා කරන්නට සමත්වූ

කරන්ට්‌ වදින විදුලි බිලක්‌ අතැතිව සිටින ජනතාවට තවත් බරක්‌...


විදුලිබල මණ්‌ඩලය ගැන මේ වන විට වැඩිපුරම නිවේදන නිකුත් කරන්නේ, ප්‍රකාශයන් නිකුත් කරන්නේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයාය. ඇමැතිවරුන්,

අවදානමට පෙර සූදානම කෝකටත් හොඳ බව...


කලකට පසුව 2009 වර්ෂයට පෙර යුගය සිහිපත් කරවන ප්‍රවෘත්තියක්‌ ඊයේ හැම පුවත්පතකම පළවී තිබිණ. ඒ, මරාගෙන මැරෙන ඇඳුම් සමඟ හිටපු කොටියකු (එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදියකු) කොටුවූ පුවතය. 

මරාගෙන මැරෙන්නට පමණක්‌ නොව බොහෝ දෙනෙක්‌ වනසා දමන්නට තරම් බඩු එහි තිබූ බවද වාර්තාවේ. ඒ අනුව මරාගෙන මැරෙන ඇඳුම් කට්‌ටලයට අමතරව ක්‌ලේමෝ බෝම්බ හතරක්‌, ටී. එන්. ටී. වර්ගයට අයත් බව කියන පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් අටක්‌, ටී

ඉන්දියාව පරදා බටහිර කොදෙව්වන් අවසන් සටනට..

ඉන්දියාව හා බටහිර කොදෙව්වන් අතර තරගයේ හයිලයිට්ස් (වීඩියෝ)

පරාජයෙන් පසු ඉන්දියාවේ දෙල් වුණු මූණු..

දැන් රිටායර් වෙන් නැද්දැයි ඇසූ මාධ්‍ය වේදියා දෝනි ලගට කැඳවයි..

අද ඉන්දියාවේ වැන්කඩේ හිදී පැවති ලෝක කුසලාන අවසන් පූර්ව තරග යෙන් ඉන්දියාව පරදා ජය ගන්නට බටහිර කොදෙව්වන් සමත් වුණා. 

කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීම තෝරාගත් බටහිර කොදෙව්වන්ට එරෙහිව ඉන්දියාව කඩුළු 2 ක් පමණක් දැවී ඕවර 20කදී ලකුණු 192 ක්