Ads 468x60px

.

පටන් ගන්නා මුල සොයා එය විනාශ කළ යුතු බව...


අරක්‌කු සිගරට්‌ නොව මත්ද්‍රව්‍ය යෑයි යමක්‌ මේ රටේ ඇති බව දැන ගත් දා සිටම රටේ එදා සහ අද පරම්පරාව ඒවාට භාවිත කරන්නේ 'කුඩු' යනුවෙනි. ඒ බොහෝ දෙනකු දැන සිටි පරිදි එවැනි මත්ද්‍රව්‍ය ඇත්තේ
'කුඩු' වශයෙන් වීම නිසා ය. ඇත්ත වශයෙන් ම මත්ද්‍රව්‍ය මෙරටට නොව කොහාට වුව පැමිණෙන්නේ 'කුඩු' වශයෙන් පමණක්‌ නොවේ. 

පෙති, දියර මේ ආදී වශයෙන් විවිධාකාරව මත්ද්‍රව්‍ය ලොව පුරා බෙදා හැරේ. එහෙත් අපේ හැඟීම මේ 'කුඩු' යන වචනය ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් යොදා ගත යුතු නිවැරැදිම වචනය බව ය. මුල් පරම්පරාව කුඩු යන වචනය භාවිත කරන්නට ඇත්තේ අර්ථ දෙකකින් විය යුතු ය. 

එකක්‌ කුඩු නිසා රටේ තරුණ පරම්පරාව කුඩේ කුඩු වීමය. දෙවැන්න නිහාල් නෙල්සන් ගායකයා බයිලාවකින් කී ලෙසට ''මේ කුඩු ගැසුවොත් අපේ රට කුඩේ කුඩු" වීම ය. දැන් ස්‌ථිර වශයෙන් ම සිදුවෙමින් පවතින්නේ ඒ කාරණ යි. පසුගිය දිනවල මේ රටේ කුඩු ඇල්ලූ ප්‍රමාණය ගැන කියන්නට වචන නාස්‌ති කිරීම ම තේරුමක්‌ නැති වැඩකි. 

රටේ සිහි බුද්ධිය ඇති සියලුම දෙනා ඒ ගැන අවබෝධයෙන් සිටිති. ප්‍රශ්නය වන්නේ තවමත් මේ උවදුර මැඬලීමේ හෝ අවම කිරීමේ ක්‍රමවේදයන් සවිමත් ලෙස ක්‍රියාත්මක නොවීම ය.

ඊයේ පුවත්ප
ත් මුල් පුවත වූයේ "බන්ධනාගාරයේ සිට වෙලේ සුදා මෙහෙයවූ කුඩු ජාවාරම මාට්‌ටු" යන්න ය. 2015 ඔක්‌තෝබර් 15 වැනිදා පුවත්පත් සියල්ලෙහිම ප්‍රධාන ශීර්ෂ පාඨය වූයේ වෙලේ සුදා පෝරකයට නියම වූ පුවතයි. 

ඊට පසු දින පුවත වූයේ ''වෙලේ සුදා පෝරකයට...... කතාව ඉවරද?" යන්න ය. කතාව ඉවර නැති බවට අපි එදා කී දේ සියයට සියයක්‌ම නිවැරැදි බව දැන් ඔප්පු වී තිබේ. අප නිතරම කීවේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බුරුතුපිටින් අත්අඩංගුවට ගන්නා පමණින් ම කතාව අවසන් නො වන බව ය.

'කුඩු රජවරු' ලෙස උත්කර්ෂයට නංවන මෙම ජාවාරම්කරුවන් සියල්ලෝ ම සිපිරි ගෙයි ගාල් කළ ද 'බිස්‌නස්‌' නතර වන්නේ නැති වීම මහා පුදුමයට කාරණයක්‌ නොවේ. 


ඒ නිසාම කන්ටේනර් නැව්, සුපිරි කාර් ආදී කවරක වුවද ගෙන එන කුඩු තොග පිටින් අත්අඩංගුවට ගැනීමත්, ජාවාරම්කරුවන් සිරගත වීමත් තවදුරටත් අපට ප්‍රමෝදයට පත්වීමට තරම් කාරණයක්‌ නොවේ. තවත් වෙලේ සුදාලා සෑහෙන පිරිසක්‌ පිටත සමාජයේ යහමින් මත්කුඩු බෙදාහැරීමේ ජාලය ක්‍රියාත්මක කරති.

වෙලේ සුදා පමණක්‌ නොව සිපිරි ගෙයි ලැග සිටින තවත් බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මේ ජාලය තුළ ස්‌ථානගතව සිටියේ තනි ඒකකයක්‌ වශයෙන් නොවේ. පුරුක්‌ ලෙස ඊට සම්බන්ධ බොහෝ පිරිසකි. 


කෝටි ගණනින් අල්ලස්‌ ලබා ගනිමින් එම ජාවාරමට උදවු දුන් දේශපාලනඥයන්ගේ සිට පොලිස්‌, බන්ධනාගාර, වෙනත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද බොහෝමයකි. 

මෙම ජාවාරම්කරුවන් නිසා යෑපෙන පිරිස ද බොහෝ ය. වෙලේ සුදා හෝ කවරෙකු වේවා පෝරකයට නියම වූ පමණින් මේ ජාලගත ක්‍රියාවලිය නතර නො වන බව අමුතුවෙන් කිව යුතු නැත.

වෙලේ සුදා ජාවාරම මෙහෙයවා ඇත්තේ ජංගම දුරකථනය භාවිත කරමින් බවද 'දිවයින' පුවත්පතේ ප්‍රවෘත්තියෙහි සඳහන් ව තිබිණි. මේ කිසිවක්‌ අලුත් කතා නොවේ. 


කප්පම් ගනිමින්, පුද්ගල ඝාතන, කුඩු ජාවාරම් මේ ආදී සියල්ල බන්ධනාගාරය තුළ සිට මෙහෙයවීම, මිලියන ගණනින් ආදායම් ඉපයූ ඒ මුදලින්ම බොහෝ පිරිසක්‌ නඩත්තු කළ ජාවාරම්කාරයකුට සුළුදෙයකි. 'කුඩු රජවරුන්ගේ පැවැත්ම මෙහෙයවන 'යුවරජවරු' සමාජයේ තවමත් නිරුපද්‍රිතව සිටින බව ද අමුතුවෙන් කිව යුතු නැත.

රට පුරාම 'වෙලේ සුදා' කෙනකු වීමට සූදානමින් සිටින කිසිවකුත් එය අතහැර දමන්නේ ද නැත. ඒ නිසාම හිරේ ලැග සිටින සහ වෙනත් රටවලට පැන ගොස්‌ සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලුත්ම අලුත් 'ඩීලර්' කෙනෙක්‌ සොයා බිස්‌නස්‌ එක පවත්වා ගෙන යැම කොහෙත්ම අමාරු කාරණයක්‌ නොවේ.

රටේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කරන්නට නම්, අත්අඩංගුවට ගැනීමත්, දඬුවම් නියම කිරීමත් ප්‍රමාණවත් නො වන බව අපේ අදහසයි. දඬුවම ක්‍රියාත්මක කළ යුතු ය. අර්බුදය පටන් ගන්නා මුල සොයා එය විනාශ කළ යුතු ය.
 
Related Posts with Thumbnails