Ads 468x60px

.

හවුස්‌මේඩ් රස්‌සාවට රට යෑවීම ගැන අවධානය යොමු කළ යුතු බව...


මැලේසියාවේ ගෘහ සේවයට ගොස්‌ ඇඳිවත පිටින් පැමිණි පුත්තලමේ පදිංචි කාන්තාවක ගැන ඊයේ පුවත්පත් වාර්තා කර තිබිණි. 

අප හැමදාමත් කියන පරිදි රට ගිය ඇත්තියන් පිළිබඳව මෙවැනි තොරතුරක්‌ මසකට අවම වශයෙන් එකක්‌ හෝ වාර්තා වේ. කවර වගකිවයුතු ආයතනයකට හෝ මෙම තත්ත්වය නිවැරදි කර ගැනීමේ හැකියාවක්‌ තවමත් ලැබී නැති බව මේ සිදුවීම් තවදුරටත් තහවුරු කරයි. 

මේ තත්ත්වය සියයට සියයක්‌ම නිවැරදි කිරීමේ හැකියාවක්‌ නැති බව අපිදු විශ්වාස කරමු. පැනනැගෙන බොහෝ ප්‍රායෝගික කාරණා

සැබෑ සංහිඳියාව කියන්නේ මෙයටය...


ජාතික සංහිඳියාවක්‌ ගැන කතා කරන, ආගමික සංහිඳියාවක්‌ ගැන කතා කරන බොහෝ දෙනෙක්‌ ඊට ඉඳුරාම පටහැනි ආකාරයෙන් කටයුතු කරන බව වර්තමානයේ සිදු වන බොහෝ දේ ප්‍රවේශමින් නිරීක්‍ෂණය කරන විට පෙනෙන කාරණයකි.

එහෙත් පසුගිය දවසක කොළඹ සම්බෝධි විහාරයේ පැවැති බෞද්ධ වැඩකටයුත්තකට සැපත්ව සිටි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමෝ ඉතා වටිනා කතාවක්‌ කියා තිබුණේ ඉහත කී පිරිසගේ ඇස්‌ ඇරෙන්නටය. 


මේ කතාව මේ රටේ කවර ජාතියක වුව කවර ආගමක වුව බොහෝ දෙනෙක්‌ට බොහෝ දේ සිතන්නට ඉඩකඩ විවර කර දී ඇති බව අපේ

මිල පාවෙනවද, මිල පාලනයද..?


වැට්‌ ප්‍රශ්නය නිසා රටේ ජනතාවගෙත්, ව්‍යාපාරිකයන්ගෙත් රතු කට්‌ට පනින ලදි. ආණ්‌ඩුවට මේ ප්‍රශ්නය හිසරදයක්‌ වන තරමටම තත්ත්වය උග්‍රවිය. රටපුරාම වීදි බැස්‌සේ පාරිභෝගිකයා නොව වෙළෙන්දෝය. 

ප්‍රශ්නයේ බරපතළකම එයින්ම අවබෝධ කරගත හැකිය. ඒ ප්‍රශ්නයට පළමුවැනි විසඳුම දුන්නේ අධිකරණයයි. ඒ "වැට්‌" බදු පැනවීම නීත්‍යනුකූල නොවන බව කියමින් වැට්‌ අත්හිටුවීමය. එහෙත් රටේ

නීතිය ක්‍රියාත්මක කිරීමත් අනිවාර්යයෙන් ම සිදුවිය යුත්තකි..


ඊයේ (22 දා) හැම පුවත්පතකම අවධානයට ලක්‌ විය යුතු ප්‍රවාත්ති දෙකක්‌ පළ වී තිබිණි. ඉන් පළමුවැන්න හැම පුවත්පතකම ශීර්ෂ පාඨය වූ පෑලියගොඩ බහාලුම් අංගණයකින් මතු වූ කෝටි 411 ක කොකේන්

ජනවාරි 08 ජනවරමට පිටුපා යන එකක්‌ නොවිය යුතු බව...


වැට්‌ බදු සංශෝධන කෙටුම්පත ඊයේ (20 දා) විවාදයට ගැනීමට නියමිතව තිබුණද එසේ වූයේ නැත. පසුගිය මැයි 02 වැනිදා සිට අයකර ගැනීමට

ඩෙංගු මදුරුවා ශ්‍රී ලංකාවේ ගිනස්‌ වාර්තා පිහිටුවීමට පෙර...


බස්‌නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය පසුගිය දිනෙක අපූරු කතාවක්‌ කියා තිබිණි. කතාවේ සංක්‌ෂිප්තය මෙසේය. "පසුගිය ආණ්‌ඩුවේදී ගෝඨාභය රාජපක්‌ෂ හමුදාව එවන විට එයට බියවී ජනතාව ඩෙංගු මර්දනයට පියවර ගත්තා. ඒත් දැන් එසේ සිදුවන්නේ නෑ. 

දැන් නගර සභාවේ නිලධාරීන් ආවාම මිනිස්‌සු බයවෙන්නේ නෑ". මේ කතාව අපට කාරණා කිහිපයක්‌ පැහැදිලි කර දේ. ඒ ගැන කතා කරන්නට පෙර මහ ඇමැතිවරයා කියන "ඩෙංගු" කතාව ගැන කෙටි

වරද ඇත්තේ බැණ බැණ ම පෞද්ගලික බස්‌ රථවලට ගොඩ වන අප අතේය...


පෞද්ගලික බස්‌ ගාස්‌තුව ලබන මස (අගෝස්‌තු) 01 දා සිට සියයට හයකින් ඉහළ දැමීමට පෙරේදා (12 වැනිදා) රැස්‌ වූ කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කරන ලද බව ඊයේ වාර්තා වී තිබිණි. 

ඒ අනුව මෙතෙක්‌ රුපියල් අටක්‌ව තිබූ අවම බස්‌ ගාස්‌තුව රුපියල් නවය දක්‌වා ඉහළ දැමේ. වඩාත් නිවැරැදිව කිව්වොත් නැගලා බැස්‌සත් රුපියල්

මේවා සිදුනොවිය යුතු දේ ය


කොස්‌ගම සාලාව අවි කඳවුර පිපිරී ගියාටත් වඩා වැඩි වේගයකින් සාලාව ජනතා ආවේගය පුපුරා හැලෙමින් තිබේ. එහි රස්‌නය කඳවුර පිපිරී ගිය පසු දැනුණු රස්‌නයටත් වඩා වැඩිය. එහෙත් සාමාන්‍යයෙන් සිදුවන පරිදි මේ ජනතා පුපුරා යැම හෝ එහි රස්‌නය සීත කාමරවල සිට සැලසුම් සකස්‌ කරන දේශපාලනඥයන්ටත්, වගකිවයුත්තන්ටත් දැනෙන්නේ නැත.

බොහෝ සති අන්ත පුවත්පත්වල එය ප්‍රධාන විශේෂාංගයක්‌ බවට පත්ව තිබිණි. එසේ වූයේ අප සඳහන් කරන 'රස්‌නය' තරමක්‌ බරපතළ නිසාය. ආණ්‌ඩුවට පසුගිය කාලයේ වැට්‌ බදු ප්‍රශ්නය, මහ බැංකු අධිපති පත්

ඉක්‌මනින්ම පියවරක්‌ ගත යුතුය. නැතිනම් රට අනතුරේය..


මරාගෙන මැරෙන බෝම්බකරුවකු සෞදි අරාබියේ මෙදීනා නගරයේ "මුහම්මද්" පල්ලිය ආසන්නයේදී පෙරේදා රාත්‍රියේ බෝම්බයක්‌ පුපුරුවා හැරීමෙන් එම බෝම්බකරුවා ද ඇතුළත්ව පස්‌ දෙනෙක්‌ ජීවිතක්‍ෂයට පත්වූ බව ඊයේ සියලු පුවත්පත් වාර්තා කර තිබිණි. 

බොහෝ පිරිසක්‌ තුවාල ලබා සිටින බවද වාර්තා වේ. මේ ප්‍රහාරය ආසන්නතම දිනවල සිදුවූ දෙවැන්නයි. බංග්ලාදේශයේ ඩකා අගනුවර

මෙය අපම විසඳුම් සොයා ගත යුතු කාරණයකි...


සමහර කාරණා අපට එක්‌වරක්‌ නොව දෙතුන්වරක්‌ කතා කරන්නට සිදුව තිබේ. 'ඩෙංගු' එවැනි කතාවකි. ඕනෑම අවුරුද්දක ඩෙංගු ගැන කතා කරන මාසය හෝ මාස කිහිපයක්‌ තිබේ. ස්‌ථිර වශයෙන්ම මැයි - ජුනි මාසවලදී අපි ඒ ගැන කතා කරන්නෙමු. 

ඒ මෝසම් වැසි කාලය ආරම්භ වීම නිසා ය. එහෙත් මෙවර තත්ත්වය වෙනත් වර්ෂයන්ට වඩා සුවිශේෂී එකක්‌ බව අපි මීට පෙර ද පෙන්වා දී

තහනම හොඳයි හැබැයි ඉක්‌මනින්...!


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ග්ලයිෆොසෙට්‌ අඩංගු කෘෂි රසායනයන් ආනයනය කිරීම හා අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම තහනම් කරන බව 2015 මැයි 22 වැනිදා කීවේය. 

ජනාධිපතිවරයා එය ප්‍රකාශ කර දින කිහිපයකට පසු එනම් 2015 මැයි 28 වැනිදා කැබිනට්‌ මණ්‌ඩලය එම තහනමට අනුමැතිය ලබාදුන්නේය. ජුනි

මේ අධික බදු බර ජනතාව පිට පැටවීම සාධාරණ නැති බව..


පසුගිය වර්ෂයේ (2015) අවසානය වන විට 2016 වර්ෂයට නියමිත අයවැය වත්මන් ආණ්‌ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබීය. ඊට පසු කිහිපවතාවක්‌ම ඊට සංශෝධන ද එකතු කරන ලදී. 

එම සංශෝධනවලදී ඉදිරිපත් කරන ලද බදු වැඩි කිරීම් බදු එකතු කිරීම් ආදිය රටේ ජනතාව කිසිවිටෙකත් මේ ආණ්‌ඩුවෙන් බලාපොරොත්තු වූ ඒවා නොවීය. අර්බුදය උග්‍ර වන විට ජනතා විශ්වාසය දිනා ගැනීම