Ads 468x60px

.

මේවා සිදුනොවිය යුතු දේ ය


කොස්‌ගම සාලාව අවි කඳවුර පිපිරී ගියාටත් වඩා වැඩි වේගයකින් සාලාව ජනතා ආවේගය පුපුරා හැලෙමින් තිබේ. එහි රස්‌නය කඳවුර පිපිරී ගිය පසු දැනුණු රස්‌නයටත් වඩා වැඩිය. එහෙත් සාමාන්‍යයෙන් සිදුවන පරිදි මේ ජනතා පුපුරා යැම හෝ එහි රස්‌නය සීත කාමරවල සිට සැලසුම් සකස්‌ කරන දේශපාලනඥයන්ටත්, වගකිවයුත්තන්ටත් දැනෙන්නේ නැත.

බොහෝ සති අන්ත පුවත්පත්වල එය ප්‍රධාන විශේෂාංගයක්‌ බවට පත්ව තිබිණි. එසේ වූයේ අප සඳහන් කරන 'රස්‌නය' තරමක්‌ බරපතළ නිසාය. ආණ්‌ඩුවට පසුගිය කාලයේ වැට්‌ බදු ප්‍රශ්නය, මහ බැංකු අධිපති පත්

කිරීමේ ප්‍රශ්නය වැනි විස¹ගත නොහැකි බරපතළ ප්‍රශ්න ගණනාවක්‌ ම තිබුණු නිසා 'සාලාව' ගැන ටිකක්‌ අමතකව ගොස්‌ ඇති බවක්‌ පෙනේ. 

ශ්‍රී ලංකා යුද හමුදාවට රට තුළ කරන්නට වෙනත් යුද්ධයක්‌ නැති මුත් මානව හිමිකම් දංගෙඩියෙන් සිය නිලධාරීන් බේරා ගැනීමේ යුද්ධයක්‌ තිබේ. ඒ අව් අස්‌සේම ශ්‍රී ලංකා යුද හමුදාව සාලාව ප්‍රදේශයේ ප්‍රශ්නයට මැදිහත් වන ආකාරය අතිශය ප්‍රශංසනීය බව කිව යුතුය. 

එහෙත් ඒ විතරක්‌ හොඳටෝම මදිය. සාලාව ජනතාව කඳවුර පිපිරී ගිය දා පටන් තවමත් දුවමින් සිටිති. එදා දිව්වේ ජීවිතය බේරා ගන්නටය. අද දුවන්නේ ජීවිතය ගොඩ නගා ගන්නටය. පාලකයන් අමතක කර දමන්නේ මේ ෙ€දවාචකය ය. 

කොටින්ම කීවොත් ආණ්‌ඩුවට මේ ප්‍රශ්නයට නිවැරැදි පිළිතුරක්‌, විසඳුමක්‌ ලබා දෙන්නට තවමත් හැකියාව ලැබී නැති බව අපේ විශ්වාසයයි. අටෝරාශියක්‌ සංවිධාන, ආයතන පැමිණ කළ නිරීක්‍ෂණ නිකංම නිකම් 'චාරිකා' බවට පමණක්‌ පත්ව තිබේ.

පොඩිම තැන සිට එම ගැටලු ඉදිරිපත් කළහොත් තවමත් සාලාව ප්‍රදේශයේ බොහෝ දූ දරුවන්ට හරිහැටි ඉගැනුම් කටයුතු කරන්නට ඉඩකඩක්‌ ලැබී නැත. මවුපියන්ට සිය රැකියා කටයුතු, සියලු ආකාරයේ ව්‍යාපාරික කටයුතු කරගෙන යැමට අවශ්‍ය වාතාවරණය සැකසී නැත. 


යටිතල පහසුකම් සම්පූර්ණ වන්නේ ඉතාම උදාසීන ආකාරයෙනි. තමන්ගේ නිවසේ වැසිකිළිය වෙනුවට දුරින් පිහිටි වෙනත් වැසිකිළියකට යැමට සිදුවීමත්, එම වැසිකිළියේ ද ජල පහසුකම් නැති වීමත් වැනි මූලික ප්‍රශ්නයක්‌ ජනතාවට ගෙන දෙන්නේ මොන තරම් පීඩනයක්‌ ද යන්න කවුරු කවුරුත් කල්පනා කළ යුතුය.

මෙම පිපිරීමෙන් පසු ඒ සිදුවූ හානිය සඳහා ජන ජීවිතය යථා තත්ත්වයට පත් වනතුරු රජය ජනතාවට රුපියල් 50,000 ක දීමනාවක්‌ ලබාදීමට පොරොන්දු විය. දේපළ, නිවාස, ව්‍යාපාරික ස්‌ථාන හානි වෙනුවෙන් එම මුදල ලබා දීමට තීරණය කර තිබිණි. 


එහෙත් පසුගිය ජුලි 05 වැනිදා එනම් පිපිරීමෙන් මාසයක්‌ ගත වන විටත් එම මුදල ගෙවා තිබුණේ 428 දෙනකුට පමණි. එය හිමිවිය යුතු තවත් 850 කට ආසන්න පිරිසකට එම මුදල තවමත් ලැබී නැත. හිමිකම් ලැබුණු සමහර අය අදාළ චෙක්‌පත මාරු කර ගැනීමට බැංකු වෙත ගිය විට අදාළ ගිණුම්වල මුදල් නැති බව පවසා තිබිණැයි වාර්තා විය. 

ආණ්‌ඩුව මේ සඳහා වෙන් කළේ යෑයි කියන මුදල් කෝ. රුපියල් 50,000 ක්‌ ලබා දීමට අදාළ සුදුස්‌සන් තේරීම පවා ගැටලු සහගත තත්ත්වයක පවතින බව එම ප්‍රදේශයේ ජනතාව කී බවත් වාර්තා වේ. මේ සුදුස්‌සන් තේරීම සඳහා වූ නිසි මඟ පෙන්වීමක්‌, නිර්ණායකයක්‌ අදාළ නිලධාරීන්ට ලබා දී නැති බව පැහැදිලිය. මේවා සිදුනොවිය යුතු දේ ය.

විපතට පත්, කරදරයට පත් ජනතාවගෙන් බහුතරය එම ප්‍රදේශයේ පාරම්පරික උරුමයන් ඇති පිරිසය. අවුරුදු ගණන් දුක්‌ මහන්සියෙන් හරි හම්බ කරගත් බොහෝ දේ මේ වන විට ඒ අයට අහිමිව ගොස්‌ තිබේ. නිවාස, ව්‍යාපාරික ස්‌ථාන පිළිසකර කිරීමෙන්, ගොඩනැඟීමෙන් පමණක්‌ ඒ ප්‍රශ්නය අහවර නොවන බව ආණ්‌ඩුව තේරුම් ගත යුතුය.
 
Related Posts with Thumbnails