Ads 468x60px

.

කඩුගන්නාවේ පොඩි කොල්ලා කරන අනතුරු හැඟවීම


ඊයේ මුල් පුවතට පාදක වී තිබුණේ ජනාධිපති වෙබ් අඩවිය අවුල් කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ පුවතයි. මේ අත්අඩංගුවට ගත් පුද්ගලයා අවුරුදු 17 ක පාසල් සිසුවෙකි. පදිංචිය කඩුගන්නාවේය. 

මේ තරම් ලාබාල වියෙහි පසුවන සිසුවෙකු මේ ආකාරයේ "පරිගණක අපරාධයකට" යොමුවී යෑයි කීමම බොහෝ දෙනෙකුගේ පුදුමයට හේතුවී තිබෙන බව පෙනේ. එහෙත් වෙබ් අඩවිවලට පිවිස දත්ත, රහස්‌

කාට කාටත් දෙයියන්ගේම පිහිට පතනවා හැරෙන්නට වෙන කළ හැකි දෙයක්‌ නැති බව...


මහ පාරේ ගමන් කරන කාගේත් අවධානයට ලක්‌ විය යුතු ප්‍රවෘත්ති දෙකක්‌ ඊයේ (24 දා) සියලුම පුවත්පත්වල පළ වී තිබිණි. පළමු ප්‍රවෘත්තිය වන්නේ අධික ලෙස බීමත්ව, මගීන් රැගත් පෞද්ගලික බස්‌ රථයක්‌ ධාවනය කරමින් සිටි රියෑදුරෙකු අත්අඩංගුවට ගැනීම ය. 

එම බස්‌ රථය කොට්‌ටාව - පිටකොටුව ධාවනය වන්නකි. දෙවැන්න මඟීන් සමඟ කොළඹ සිට කතරගම බලා ධාවනය වූ බස්‌ රථයක රියෑදුරු ද හොඳ හැටි බීමත්ව සිටි ප්‍රවෘත්තියයි. බීමත්ව සිටියා මදිවාට මේ අමන

අන්තිමේදී වී ගොවියා පමණක්‌ නොව පාරිභෝගිකයාද හාල් නිසා දුකට පත් වන බව...


යල කන්නයේ වී අස්‌වැන්න මේ වනවිට වෙළෙඳපොළට පැමිණෙමින් තිබේ. එහි අතුරු කතාව වන්නේ හැමදාකම මෙන් මෙවරද තම අස්‌වැන්නට නිසි මිලක්‌ ලබාගත නොහැකි වීමේ අර්බුදයට වී ගොවියාට මුහුණ දෙන්නට සිදුවන බවය.

අපේ රටේ වාර්ෂිකව වී මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ 65 ක්‌ නිෂ්පාදනය කෙරේ. ඒ යල කන්නයට මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ තිහක්‌ හා මහ කන්නයට

ජංජාලවලට පැටළුණු දරුවන්ට සාධාරණය ඉටුවිය යුතු බව....


සෑම වසරකම ශිෂ්‍යත්ව හපනුන් රැසක්‌ රටට බිහිවන මුත් ශිෂ්‍යත්ව "ජංජාල" වලින් නම් අඩුවක්‌ වූයේ නැත. ඊයේ (22 දා) පුවත්පත් ප්‍රධාන සිරස්‌තලය වූයේද එවැනි "ශිෂ්‍යත්ව ජංජාලය"ක්‌ ගැනය. 

එක ජංජාලයක්‌ නොව බොහෝ ජංජාලය. මහියංගනය විල්ගමුව විභාග මධ්‍යස්‌ථානයේ දරුවන්ට ආරම්භක සංඥව නොදී බොහෝ වේලාවකට

"සහයෝගය" යනු කුමක්‌ද?


පසුගිය දිනෙක මාතරදී පැවැති උත්සවයකදී පොලිස්‌පතිවරයා වැදගත් ප්‍රකාශයක්‌ කර තිබිණි. එය සංක්‍ෂිප්තව මෙසේය.

"අද වන විට පොලිසිය පෙරට වඩා රාජකාරිය අකුරටම ඉටු කරන්නේය. එමෙන්ම පොලිසිය සාර්ථක වීමට නම් මහජන සහාය අත්‍යවශ්‍ය කරුණක්‌ය." එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබිණි.

"පොලිස්‌ නිලධාරීන් ඔබගේ පවුලේ අය, ඥතීන්, හිතවතුන්, සහෝදර, සහෝදරියන්, දූ දරුවන් ලෙස සලකා අවශ්‍ය කරන සහයෝගය

සාලාව තවමත් පුපුරා යමින් තිබේ....!


කොස්‌ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරුණේ ජුනි 05 වැනි ඉරිදා ය. මේ වන විට එම සිදුවීමට දෙමසකට වැඩි කාලයක්‌ ගත වී තිබේ. 

කොස්‌ගම සාලාවේ සිදුවීමෙන් එතරම් කාලයක්‌ ගතවීත් ආපදාවට ලක්‌වූ ප්‍රදේශවාසීන්ට සාමාන්‍ය ජීවිතයට එළැඹීමට අවශ්‍ය වටපිටාව සකස්‌ වී

ගල් පාරක්‌ වැදී ඔළු කට්‌ට පුපුරා යන්නට පෙර...


උතුරු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ කේ. ඒ. පුෂ්පකුමාර මහතා දුම්රියෙන් අනුරාධපුරය බලා යමින් සිටියදී දුම්රිය මග දෙපස සිටින මොළේ කොලොප්පන් වූ එකෙකු විසින් ගසනු ලැබූ ගල් පහරක්‌ වැදී ජීවිතක්‍ෂයට පත්වූ පුවත වාර්තා වුණේ පසුගිය සතියේය. 

කෙසේ හෝ එම සතිය අවසාන වන විට තවත් එවැනි සිදුවීම් දෙකක්‌ම වාර්තා විය. වාසනාවට කිසිවෙකුටත් හානි සිදුවී තිබුණේ නැත. මේ

මඩේ ලැග පුරුදු තාරාවන් නාවා පිරිසුදු කර පලක් නැත.


දූෂිත රාජ්‍ය ආයතන අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හිමිවන්නේ මුල් තැනකි. එහි මුල් පුටුව හොබවන්නන්ටද බොහෝ විට හිමිවන්නේ නරක නාමයකි. වර්තමානයේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ධුරය දරන්නාටද බරපතළ දූෂණ චෝදනා එල්ල වී ඇතැයි ඊයේ අනාවරණය කර තිබිණි.

දෙපාර්තමේන්තුවේ සෑම අංශයකින්ම සතිපතා මුදල් එකතු කරමින් ජනරාල්වරයා මසකට ලක්ෂ 50ක් පමණ පෞද්ගලිකව උපයාගන්නා බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී ඇත. 


ඒ අනුව පොදු දේපොළ පනත ප්‍රකාරව හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව යම් වරදක් කර ඇද්ද යන්න පිළිබඳව

අපට නොතේරෙන හතර බීරී කතාව...


ලොකු වැඩවලට අතගසන ඕනෑම ආණ්‌aඩුවකට පොඩි වැඩ ගැන ඇති අවධානය ගිලිහේ. ඊට හොඳම උදාහරණය ගනේවත්ත - වේරගල ප්‍රදේශයේ අනාරක්‌ෂිත දුම්රිය හරස්‌ මාර්ගයකදී පෙරේදා (03 දා) මවක සහ දියණියන් දෙදෙනකු දුම්රියට බිලිවීමේ සිදුවීමයි. 

කාගෙත් හදවත කම්පාවට පත් කරන මේ සිදුවීමට හේතුවූයේ අනාරක්‌ෂිත දුම්රිය හරස්‌ මාර්ගවල සේවයේ නියුතු ගේට්‌ටුකරුවන්

ජනතාව ගොනාට අන්දන වැඩපිළිවෙළ අනුමත කළ නොහැකි බව...


කෘෂිකර්ම ඇමැතිවරයා ඉතා විශාල මුදලක්‌ ගෙවා තම අමාත්‍යාංශය සඳහා ගොඩනැඟිල්ලක්‌ මිලදී ගත් කතාව මාස හතරක්‌ පහක්‌ පරණ කතාවකි. කෘෂිකර්ම ඇමැතිවරයා ගිය මගම අනුගමනය කරමින් තවත් ඇමැතිවරුද ඒ ආකාරයට ගොඩනැඟිලි මිලදී ගත් කතාවද පරණය. 

එවැනි බොහෝ ඇමැතිවරු සිය අමාත්‍යාංශ එම ගොඩනැඟිලිවල ආරම්භ කළ කතාවද, එම ගොඩනැඟිලි සඳහා මිල අධික බඩු බාහිරාදිය ගැනීමේ