Ads 468x60px

.

අපට නොතේරෙන හතර බීරී කතාව...


ලොකු වැඩවලට අතගසන ඕනෑම ආණ්‌aඩුවකට පොඩි වැඩ ගැන ඇති අවධානය ගිලිහේ. ඊට හොඳම උදාහරණය ගනේවත්ත - වේරගල ප්‍රදේශයේ අනාරක්‌ෂිත දුම්රිය හරස්‌ මාර්ගයකදී පෙරේදා (03 දා) මවක සහ දියණියන් දෙදෙනකු දුම්රියට බිලිවීමේ සිදුවීමයි. 

කාගෙත් හදවත කම්පාවට පත් කරන මේ සිදුවීමට හේතුවූයේ අනාරක්‌ෂිත දුම්රිය හරස්‌ මාර්ගවල සේවයේ නියුතු ගේට්‌ටුකරුවන්
පිරිසක්‌ ඉල්ලීම් කිහිපයක්‌ මුල්කරගෙන විරෝධතාවක නිරතවීමය.

මියගිය කාන්තාව හා දියණියන් අනාරක්‌ෂිත දුම්රිය ගේට්‌ටුව හරහා පැමිණ ඇත්තේ යතුරු පැදියකිනි. දුම්රිය ගේට්‌ටුකරුවන්ගේ විරෝධතාව ගැන ඒ අහිංසක කාන්තාව දැනසිටියේ නැති බව පැහැදිලිය. 


පෞද්ගලික බස්‌රථ සංගම්, වෛද්‍යවරුන්, හෙදියන් වැඩ වර්ජනය කරන්නේ මාධ්‍ය හමුවක්‌ පවත්වා රට දැනුවත් කරමිණි. දුම්රිය ගේට්‌ටුකරුවන්ට මාධ්‍ය හමුවක්‌ පවත්වනවා තබා ලොක්‌කෙකු හමුවී තම ගැටලුවක්‌ ඉදිරිපත් කිරීමද තරමක්‌ අසීරු කාරණයකි. 

මව හා දියණියන් දෙදෙනා දුම්රියට බිලිවූ දුම්රිය හරස්‌ මාර්ගයෙහි තිබී ඇත්තේ උණ බම්බු ගේට්‌ටුය. උණ බම්බු ගේට්‌ටු නොව විදුලි සංඥ එළි ක්‍රියාත්මක කරන්නටද ගේට්‌ටුකරුවකු සිටිය යුතුය.

වගකිව යුත්තන් මේ කාරණයට හරි හැටි අවධානය යොමු නොකරන බවක්‌ පෙනේ. දුම්රිය ගේට්‌ටුකරුවන් වැඩ වර්ජන ආරම්භ කිරීමෙන් පසු සිදුව ඇති තුන්වැනි මාරක අනතුර මෙය බව කියෑවේ. 


මේ වන විට අනාරක්‌ෂිත ගේට්‌ටු 688 ක මුරකරුවන් 2064 දෙනකු සේවයේ නිරත වුවද ඒ අයට සාධාරණ වැටුපක්‌ හෝ ස්‌ථිර පත්වීමක්‌ නැත. ඇත්ත වශයෙන්ම මේ අනාරක්‌ෂිත ගේට්‌ටු යනු ප්‍රධාන මාර්ග හා සම්බන්ධ නොවූ කුඩා අතු පාරවල් ආදියෙන් දුම්රිය මාර්ගයට සම්බන්ධ වන ඒවාය. 

පසුගිය ආණ්‌ඩුව සමයේ මෙම පිරිස සේවයට බඳවාගෙන ඇත්තේ දිනකට රුපියල් 250 ක්‌වූ වැටුපකටය. ඒ අනුව මුළු මසක්‌ රෑ නිදිවරා මහන්සි වී සේවය කළ ගේට්‌ටුකරුවකුගේ මාසික වැටුප රුපියල් 7500 කි. 

මේ පිරිස කියන්නේ තවත් රුපියල් 5000 ක දීමනාවක්‌ එකතුකර තමන් දුම්රිය සේවයේ ස්‌ථිර කරන ලෙසයි. මෙම ගැටලුව අතිශය සංකීර්ණය. මෙම පිරිස බඳවාගෙන ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට නොවේ. 

ඔවුනට වැටුප් ගෙවන්නේ ආරක්‌ෂක අමාත්‍යාංශයෙනි. වඩාත් පැහැදිලිව කිවහොත් පොලිස්‌ දෙපාර්තමේන්තුවෙනි. එවිට අප තේරුම්ගත යුත්තේ "ගේට්‌ටු" අයිති වන්නේ පොලිස්‌ දෙපාර්තමේන්තුවට බවය. දැන් මේ වන විට පොලිස්‌ දෙපාර්තමේන්තුව, ආරක්‌ෂක අමාත්‍යාංශය යටතේ නැත. 

එය අයත් වන්නේ නීතිය හා සාමය අමාත්‍යාංශයටය. මෙය හතර බීරි කතාවකි. තමන් අයත් වන ආයතනය ගැන පවා නොදන්නා දුම්රිය ගේට්‌ටුකරුවෝ වැඩි පඩිත්, සේවය ස්‌ථිර කරන ලෙසත් ඉල්ලා උද්ඝෝෂණයේ යෙදෙති. 

දුම්රිය ගේට්‌ටු හරහා යනෙන ජනතාව දුම්රියට බිලිවෙති. මෙවැනි බරපතළ අර්බුදයකදී පවා මේ ප්‍රශ්නයට "විසඳුමක්‌ හැකි ඉක්‌මනින්" සොයන්නට අදාළ බලධාරීන්ට හැකියාවක්‌ නැති වීම කෙතරම් €දජනකද ? 

අනාරක්‌ෂිත ගේට්‌ටු ඇතැයි කියන දුම්රිය ගේට්‌ටු ගණන 688 කි. මුරකරුවන් 2064 දෙනෙකි. අපට නිතර ඇසෙන රැකියා දශලක්‌ෂයේ වැඩපිළිවෙළට මේ පිරිස අයත් නැද්ද ? ගේට්‌ටුව අතහැර රුපියල් 1500 ක දිනක වැටුපකට තමන්ට යා හැකි බව විරෝධතාවයට එක්‌ව සිටින ගේට්‌ටුකරුවෝ පවසති. 

එසේ වුවහොත් තත්ත්වය කොහොම හිටීවිද ? ප්‍රවාහන ඇමැතිවරයාට මේ කාරණය කොහෙත්ම අදාළ නැති වුණත්, මේ පිරිසට සාධාරණයක්‌ කරන්නට කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ඇත. 

තීරුබදු රහිත කාර්, වැඩි පඩි ගැන අසීමිත බලාපොරොත්තු ඇතිකරගෙන සිටින කැබිනෙට්‌ටුවේ උදවිය මේ ගැන ටිකක්‌ හිතුවොත් නරකද ?
 
Related Posts with Thumbnails