Ads 468x60px

.

‘‘අබිලින්‘‘ දිවි රඟමඩලින් සමුගනී...


ප්‍රවීණ රංගන ශිල්පී චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතා අද උදෑසන අභාව ප්‍රාප්ත වී තිබෙනවා. ‘‘අබිලින්‘‘ නමින් ප්‍රසිද්ධ වුණු ඔහු මෙරට ලොකු කුඩා කා අතරත් ඉතා ජනප්‍රිය චරිතයක් වුණා.

වේදිකා, චිත්‍රපට හා ටෙලි නිර්මාණ රැසකට රංගනයෙන් දායක වූ ඔහු දිවි රඟමඩලින් සමු ගන්නා විට 67 වන වියේ පසුවුණා. පසුගියදා හදිසියේ රෝගාතුර වූ චන්ද්‍රසිරි මහතා පසුගියදා ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබුණා.


වැඩි කරදරයක්‌ නැතිව රියෑදුරු බලපත්‍රය ලබාගැනීමේ ක්‍රමය..

'ලර්නර්ස්‌' (රියෑදුරු පුහුණු පාසලක හිමිකරුවකු) කාරයකු දෙකයි පනහේ වැඩක්‌ කර තිබේ. 

ඒ රියෑදුරු බලපත්‍රය ලබාගැනීමේ පරීක්‍ෂණයෙන් සමත්කරදීමට මෝටර් වාහන පරීක්‍ෂකවරයාට දීමට යෑයි කියමින් රුපියල් 5000 ක අල්ලසක්‌ ලබාගැනීමය. 

එක්‌ අතකින් මේ නසරානියා කර ඇත්තේ තමන් මෙන්ම පගා ගහන අපතයන්ට අපහාස වන අන්දමේ වැඩකි. රටට හොඳ රියෑදුරන් බිහිකරන ප්‍රායෝගික පරීක්‍ෂණය හොරට පාස්‌ කරදීමට අවම වශයෙන් රුපියල් පනස්‌දහසේ සිට ලක්‍ෂය දක්‌වා වූ පගාවක්‌ අය කරනවා වෙනුවට පන්දාහක්‌ අයකිරීම මොන හිඟන වැඩක්‌ද? 

සමහරවිට මේ පුද්ගලයා පන්දාහේ කෑලි හය හතකින් ගොඩයැමට සිතා සිටියා වන්නටද පුළුවන. අනෙක්‌ අතට මේ හාදයා කර ඇත්තේ ජාතික

බස්‌ රථවල රූපවාහිනියේ පෙන්වන ඕල්මොරොන්දන් දර්ශන...


කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ දුර ගමන් සේවා බස්‌ රථවල පෙන්වන අසභ්‍ය වීඩියෝ දර්ශන සහ රංගන හේතුවෙන් බස්‌ මගීහු අසීරුතාවට පත්වෙති.

දුර ගමන් සේවා බස්‌රථ බොහොමයක ඉදිරිපස වීඩියෝ පටි තැටි නැරඹිය හැකි රූපවාහිනි සවිකර ඇත. මගීන්ට නැරඹිය හැකි වීඩියෝපට තීරණය කරන්නේ රියෑදුරු හෝ සහායකයාය. 


පාසල් දරු දැරියන් පෞද්ගලික පන්ති (ටියුෂන්) වැඩි වශයෙන් යන සති අන්ත බස්‌රථවල ඇසෙන්නේ සහ දකින්නේ ප්‍රේමයෙන් විලාප නගන මරලතෝනි දෙන තුට්‌ටු දෙකේ ලඳ බොළඳ ප්‍රේම අදෝනාවන් බව දැරු දැරියෝ පවසති. ප්‍රේමයෙන් උමතුව පෙම්වතියන්ට හිරිහැර කරන වස