Ads 468x60px

.

ලේක්හවුස් සභාපති ඊ නිව්ස් ආයතනයෙන් මිලියන දාහක් වන්දි ඉල්ලයි

අසත්‍ය පුවත් මඟින් කීර්තියට හානි කළා
 අසත්‍ය සහ ද්වේෂසහගත තොරතුරු ප්‍රචාරය කිරීමෙන් සිදුවූ කීර්තිහානියට වන්දි ලෙස රුපියල් මිලියන දාහක් දින 14 ක් ඇතුළත ගෙවන්නැයි ඉල්ලා ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ලංකා ඊ නිවුස් ආයතනයට පෙරේදා (28) එන්තරවාසි දෙකක් යැවීය.


රාජගිරිය, රාජගිරිය පාරේ අංක 11/1 ස්ථානයේ පිහිටි ඊ නිවුස් කාර්යාලයට එහි අධිපති ප්‍රධාන කර්තෘ ඩී. පී. සඳරුවන් සේනාධීර මහතාට සහ ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ මහතාට මේ එන්තරවාසි යවා ඇත. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට පුවත්පත් කලාවට සේවයක් කරන බන්දුල පද්මකුමාර මහතා ගේ නම සඳහන් කරමින් පසුගිය ජුනි 24 සහ ජූලි 08 දෙදින ප්‍රසිද්ධ කළ ප්‍රවෘත්ති මුළුමනින්ම අසත්‍ය හා ද්වේෂ සහගත ප්‍රචාරයක් බවත් ඊට රුපියල් මිලියන පන්සීය බැගින් වන්දි ගෙවන ලෙසත් සඳහන් කරමින් නීතීඥ කේ. එම්. කුමුදු ගුණවර්ධන මහත්මිය මේ එන්තරවාසි යවා තිබේ.

සිය සේවාදායක බන්දුල පද්මකුමාර මහතාට කර ඇති අගතිය වෙනුවෙන් දින 14 ක් ඇතුළත වන්දි නොගෙවන්නේ නම් අධිකරණය ඉදිරියේ නඩු පවරන බවටද එම එන්තරවාසි දෙකෙහි සඳහන් වේ.

මේ අතර ලේක්හවුස් ආයතනය විසින් ලංකා ඊ නිවුස් ආයතනයට එරෙහිව පවරා ඇති අපහාස නඩුවක් ද අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතී. මේ නඩුවේ පැමිණිල්ලේ නීතිඥ වරයා ලෙස කටයුතු කරන්නේ නීතිඥ චන්දන ලියනපටබැඳි මහතා ය. විත්තිකරු වෙනුවෙන් නීතිඥ ඉන්ද්‍රා ලද්දුවහෙට්ටි මහතා පෙනී සිටියි.
කෝටි දහයක අලාභයක් ගෙවන ලෙස ඉල්ලා ඇති නඩුව දෙසැම්බර් 12 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
 
Related Posts with Thumbnails