Ads 468x60px

.

අපරාධ වින්දිතයෙකු බවට පත් වූ දුමින්ද සිල්වා

ඉදිරි දිනයක අදාළ සියලූ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට සුදානමක්...

භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන නඩුවේ ප‍්‍රධාන සැකකරු කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා මහතා ‘අපරාධ වින්දිතයෙකු’ බවට පත් කිරීමේ සූදානමක් පවතින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වෙත අනාවරණය වේ. 


දුමින්ද සිල්වා හට යමක් කියවන විට අවබෝධ කර ගැනීමට හා එයට පිළිතුරුදීමට නොහැකි බවත්, ඔහුගේ මතකයේ ඇති යමක් පිළිබඳව කිසිදු මතකයක් නොමැති ලෙසත් ඔහු දැඩි මානසික ආතතියකින් පෙළෙමින් අසන දේ තේරුම් ගැනීමට නොහැකිව ජීවිතාන්තය දක්වා දැඩි මානසික ආබාධයකට ලක්ව ඇති බව මීළඟ නඩු දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ගොනු කිරීමට යන වැඩිදුර වාර්තාවේ සඳහන්ව තිබේ.

මොහුගෙන් සිද්ධියක් පිළිබඳව ප‍්‍රශ්න කොට ප‍්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි නිසා තවදුරටත් මොහු පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමට නොහැකි වන හෙයින්ද ඉදිරිපත් වී ඇති සාක්‍ෂි අනුව එක එල්ලේම දුමින්ද සිල්වා සැකකරුවෙක් වශයෙන් පෙනී නොයන නිසාත්, ඉදිරි දිනයක අදාළ සියලූ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමටත්, මෙම ඝාතන නඩුවේ ආර්. දුමින්ද සිල්වා මහතාද ‘අපරාධ වින්දිතයෙකු’ වශයෙන් සලකා කි‍්‍රයා කරන ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලා සිටීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අතර මෙම නඩුව සම්බන්ධයෙන් මනා එකඟතාවයක් මේ වන විට ගොඩනැඟී ඇති අතර, අධිකරණයේ නිසි අවසරයකින් තොරව නීතිපති දෙපාර්තමේන්තුව සතුව තිබෙන ලිපි ලේඛණවල සියලූම ඡායා පිටපත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාට ලබාදී තිබේ.

පසුගියදා මෙම නඩුව කැඳවූ අවස්ථාවකදී මෙම ඝාතන විමර්ශන භාරව කටයුතු කරන පොලිස් පරීක්‍ෂක මෙරිල් රන්ජන් ළමාහේවාට මහේස්ත‍්‍රාත්වරයා විසින් ඔහු අධිකරණයේ නොමැතිවීම නිසා වරෙන්තුවක් නිකුත් කරන ලද අතර, පොලිස් පරීක්‍ෂකවරයා ඒ අවස්ථාවේදී ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා සමග නීතීඥවරුන්ගේ ආපන ශාලාවේ තේ පානය කරමින් සිට ඇත. පසුව මහේස්ත‍්‍රාත්වරයාට ජනාධිපති නීතීඥවරයා විසින් නිල මැදිරියේදී කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව වරෙන්තුව නැවත කැඳවා තිබේ.
 
Related Posts with Thumbnails