Ads 468x60px

.

කාන්තාවකට අතවරකිරීමට යද්දී වරකාපොළ සන්ධාන මන්ත්‍රී පොලිස් අත්අඩංගුවට

බලහත්කාරයෙන් ඇතුල්වී එම කාන්තාවන්ට අතවරයක් කරන්න හදලා...

සන්ධානයට බලය හිමි වරකාපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්. සී. ධනුශ්ක මහතා සහ තවත් දෙදෙනෙක් දැදිගම ප්‍රදේශයේදී කාන්තාවකට අතවර කිරීමට තැත් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.


08 සවස 5ට පමණ මෙම මන්ත්‍රීවරයා සහ අනෙක් දෙදෙනා දැදිගම ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු සිටි නිවසකට බලහත්කාරයෙන් ඇතුල්වී එම කාන්තාවන්ට අතවරයක් කිරීමට තැත්කර ඇත. එහිදී කාන්තාවන් දෙදෙනා මොවුන්ගෙන් බේරීම සඳහා ඔවුන් සමග පොර බැදීමක් සිදුකර ඇත. වයසක මවක් වූ එක් කාන්තාවක් එම පොරබැදීමේදී බිම ඇදවැටී තුවාල ලබා තිබේ. එවිට මන්ත්‍රීවරයා සහ පිරිස නිවසින් පිටවගොස් ඇත.

මව රෝහලක් වෙත රැගෙන යාමට උත්සාහ කළද ඔවුන් මෙම කාන්තාවන් යන මගෙහි රැක සිට ඔවුන්ව හරස් කර ඇත. නැවත ගෙදර පැමිණි කාන්තාවන් දෙදෙනා 119 පොලිස් හදිසි ඇමතුම් අන්ශයට දැනුම්දී තිබේ. පසුව දැදිගම පොලීසියේ පොලිස් ජංගම මුරසේවයේ නියුතු රථයක් එම නිවසට පැමිණ ඇත. 

මෙම සිද්ධියට අදාල පැමිනිල්ලක් කිරීමට පොලීසියට යන ලෙස දැන්වූවත් අතවරයට පැමිණි පිරිස ඊටද බාධාකර ඇත. පසුව පැමිණි පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ගේ නිවසෙහිදීම පැමිණිල්ලද සටහන්කරගෙන තිබේ. පසුව පොලිස් ආරක්ෂාව සහිතව තුවාල ලැබූ මහළු කාන්තාව රෝහල වෙත රැගෙන ගොස් ඇත. ඇය ගෙන යන විට මන්ත්‍රීවරයා ඇතුලු පිරිස පොලීසිටටද හූ කායා ඇත. මේ වන විට ඇය දැදිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

එක් කාන්තාවක් අවුරුදු 65ක් පමණ වන අතර අනෙක් කාන්තාව අවුරුදු 35ක් පමණ වේ.අද දිනයේදීම මෙම මන්ත්‍රීවරයාට විරුද්ධව තවත් පැමිනිල්ලක් ලැබී ඇතැයි දැදිගම පොලීසිය පවසයි. දැදිගම ප්‍රදේශයේ ත්‍රීරෝද රථයකට පාරේ ධාවනය කිරීමට ඉඩ නොදෙන බවට තර්ජනය කිරීම මත මෙම පැමිණිල්ල ත්‍රීරෝද රථයේ අයිතිකරුවිසින් සිදුකර ඇත.
 
Related Posts with Thumbnails