Ads 468x60px

.

පෙම්වතුන් යුවළ අයියා , නගෝ බව දැන දුම්රියට දිවි පුදයි...

මෙම පෙම්වතුන් යුවළගේ මව එකම අම්මා කෙනක්‌ - පියවරුන් දෙදෙනෙක්‌...

ගාල්ල මිනුවන්ගොඩ බිංගෙයිකන්ද අසලදී පෙරේදා (7 දා) රාත්‍රි දුම්රියට පැන දිවිහානි කරගෙන ඇති තරුණ පෙම්වතුන් යුවළ අයියා, නගෝ බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.


මෙම පෙම්වතුන් යුවළගේ මව එකම අම්මා කෙනකු වන අතර පියවරුන් දෙදෙනෙකි. මෙසේ දිවි හානි කරගෙන ඇත්තේ මහනුවර කුඩාගම්මන කුරුඳුගහ මඩමේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයකු හා තරුණියකි. තරුණිය කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

තරුණයා කුඩා කල සිට හැදී වැඩී ඇත්තේ මහනුවර කුඩාගම්මන ප්‍රදේශයේ තම පුංචි අම්මාගේ නිවසේය. ඒ තම පියා මවගෙන් වෙන්වීමෙන් පසුය. ඉන්පසු ඔහුගේ මව තවත් විවාහයක්‌ කරගෙන ඇති අතර ඇයට ඉන් දියණියන් දෙදෙනකු ලැබී ඇත. 


තරුණියගේ නැගණියගේ වැඩිවියට පත්වීමේ උළෙලට තරුණයා පැමිණ ඇති අතර එහිදී මොහු ඇය සමග ප්‍රේම සම්බන්ධතාවක්‌ ඇතිකරගෙන ඇත. ඉකුත් 3 වැනි දින මේ දෙදෙනා නිවසින් පැමිණ තිබේ. පසුව මොවුන් තරුණියගේ නිවසට දුරකථන ඇමතුමක්‌ ලබාගෙන ඇති අතර එහිදී ඇයගේ පියා තරුණයාට බැණ වැදී ඇත.

මොවුන් දෙදෙනා අයියා නගෝ බව දැනගෙන ඇත්තේ ඉන්පසුවය. මොවුන් දෙදෙනාට සමාජයට මුහුණ දීමට නොහැකි නිසා දුම්රියට පැන දිවි හානි කරගෙන ඇති බවද අනාවරණය වී ඇත.

දිවි හානිකරගෙන ඇති තරුණයා ළඟ තිබී තවත් තරුණියකගේ ජාතික හැඳුනුම්පතක්‌ද හමුවී ඇත. එම තරුණිය සමඟද මොහු අනියම් සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති බව හෙළිවී තිබේ.

මෙම අනියම් සම්බන්ධතාව එම තරුණියගේ පෙම්වතාට හසුවීම නිසා මීට මාස තුනකට පමණ ඉහතදී යුද හමුදා සෙබළකු වන ඔහු මෙම තරුණිය හා පවුලේ අය ඝාතනය කොට ඔහුද දිවිහානි කරගෙන තිබිණි. ඒ මහනුවර කලුගම්මන ප්‍රදේශයේදීය.

දිවි හානිකරගත් මෙම යුවළගේ මෘත දේහ කටුගොඩ දුම්රිය ස්‌ථානයේ සිට ගාල්ල වරාය පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති පී. ජී. අනුර මහතාගේ මෙහෙයවීම යටතේ කරාපිටිය රෝහලට රැගෙනවිත් තිබිණි. මෙම යුවළ දිවි හානිකරගත් ස්‌ථානයේ වස බෝතලයක්‌ හා වේදනා නාශක පෙති අඩංගු කාඩ්පතක්‌ද තිබී හමුවී ඇත.
 
Related Posts with Thumbnails