Ads 468x60px

.

වැලිකඩ ගැටුම මෙහෙයවුයේ අනූශා සොනාලිගේ සැමියා සහ තවත් 4 දෙනෙක්ලු...

වැලිකඩ ගැටුමෙන්  මියගිය ගණන 27 තෙක් නගී... 

(විඩියෝ සහ ඡායාරූප)

සේනාධිනායකට වෙඩි තබා තිබෙන්නේ මාලන්...
 
බන්ධනාගාරයේ ආයුධ ගබඩාවෙන් ටී 56 අවි 68ක් පැහැරගෙන තිබෙන අතර ඉන් ඉතා සුලු ප්‍රමාණයක් හැරුනුකොට අනෙක් සියල්ල තවමත් සොයාගෙන නැති බව වාර්තා
වෙනවා.

මාලන් ඇතුලු පිරිසක් ප්‍රහාරය මෙහෙයවලා
(මාලන් යනු අනූශා සොනාලිගේ කලින් සැමියාය) 

වැලිකඩ බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි මාලන්,මහරගම කලු තුශාර තොටලග පොන්න කපිල ඇතුළු මත්කුඩු ජාවාරම්කරුවන් විසින් ප්‍රහාරය මෙහෙයවා ඇතැයි මූලික විමර්ශණ මගින් අනාවරණය වී තිබෙනවා. 

“මාලන්”නැමැත්තා කලකට පෙර ජනප්‍රිය සිනමා නිළියක වූ අනූශා සොනාලිගේ කලින් සැමියා  බවට පොලිසිය පවසනවා.

සේනාධිනායකට වෙඩි තබා තිබෙන්නේ මාලන්
ඊයේ(10)රාත්‍රී මාලන් තවත් පුල්ගලයින් කීප දෙනෙක් සමග පැහැරගත් ටී56 ගිනි අවි අතැතිව බන්ධනාගාරයෙන් එළියට බැස අසල වූ ත්‍රීවිලරයකට නැගී සතර අතට වෙඩි තබමින් පලා යන්නට උත්සාහ කොට තිබෙනවා.



විශේෂ කාර්ය බලකායේ සේනාධිනායක රණවන මහතාට,හා සෙසු හමුදා,පොලිස් මෙන්ම සිවිල් වැසියන්ට තුවාල සිදුව තිබෙන්නේ මාලන් ඇතුලු පිරිස එල්ල කළ ප්‍රහාර මගින් බව වාර්තා වෙනවා.

ඒ මොහොතේ ආරක්ෂක අංශ මගින් එල්ල කළ ප්‍රති ප්‍රහාරයෙන් මාලන් ඇතුලු 7දෙනෙක් ත්‍රීවීල් රථයේම මරණයට පත්ව තිබෙනවා.

මියගිය ‍බොහොමයක් මත්කුඩු ජාවාරම් කරුවන්

කළු තුෂාර, පොන්න කපිල, කොණ්ඩ අමිල, මාලන් ඉවරයි!

ඊයේ දිනයේ සිදුවූ වැලිකඩ බන්ධනාගාර රැඳවියන් සහ ආරක්‍ෂක අංශ අතර ගැටුමෙන් මිය ගිය රැදවියන් අතර බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ ප‍්‍රභල පාතාල සාමාජිකයින් සිටින බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි.

මිය ගිය රැදවියන් අතර කළු තුෂාර, පොන්න කපිල, කොණ්ඩ අමිල, මාලන් සහ සශී යන පාතාල සාමාජිකයින් සිටින බව තහවුරු නොකල ආරංචා මාර්ග කියයි.මේ අතර ඇතිවූ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇතැයිද දැනගන්නට ඇති බව වාර්තාවේ.




වැලිකඩ කැරැල්ලේ මිය ගිය රැදවියන් සංඛ්‍යාව 27 තෙක් ඉහලට... 
2012 නොවැම්බර් මස 10 11:01:16
ඊයේ දිනයේ සිදුවූ වැලිකඩ බන්ධනාගාර රැඳවියන් සහ ආරක්‍ෂක අංශ අතර ගැටුමෙන් මිය ගිය රැදවියන් අතර බන්ධනා ගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ ප‍්‍රභල පාතාල සාමාජිකයින් සිටින බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසනවා.

මේ වන විට මිය ගිය රැදවියන් අතර කළු තුෂාර, පොන්න කපිල, කොණ්ඩ අමිල, මාලන් සහ සශී යන පාතාල සාමාජිකයින් සිටින බව තහවුරු නොකල ආරංචි මාර්ග කියනවා.

මේ අතර ඇතිවූ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇතැයිද දැනගන්නට ලැබෙනවා.



බන්ධනාගාර කැරැල්ලෙන් 16 ක් මියගිහින් - කමාන්ඩෝ සෙබළු හිර ගෙදර පාලනය අතට ගනි.
2012 නොවැම්බර් මස 10 07:08:14

තුවාල ලැබූවන් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ 13 ක්...
 
බන්ධනාගාර කැරැල්ලෙන් 16 දෙනකු මියගොස් ඇතැයි ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. 

තුවාල ලැබූ 59 දෙනකු ජාතික රෝහලට ඇතුලත් කැර ඇති අතර තුවාල ලැබූවන් 43 දෙනකු මේ වනවිට ප්‍රතිකාර ලබනවා. තුවාල ලැබූවන් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ 13 ක්, බන්ධනාගාර නියාමකයෙක් හා සිවිල් වැසියෙක් ද සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අතර යුද හමුදා කමාන්ඩෝ බලකාය අද අලුයම වැලිකඩ සම්පූර්ණ පාලනය සියතට ගත්තේය.සිරකරු මරණ සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගියේය.තුවාල ලැබූ සිරකරුවන් ගණන 13ක් පමණ වෙති.

වැලිකඩ කැරැල්ලේ ගිනි නිමෙයි - 11 දෙනකු මියගිහින් හය දෙනකුගේ තත්ත්වය බරපතලයි...
2012 නොවැම්බර් මස 09 22:22:13

කඳුළු ගෑස් ගැසීමේ තත්ත්වයට පත්ව ඉන්පසු වෙඩි හුව මාරුවකින් අවසන් වූ වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ල පැය 6කට වැඩි කාලයක් පැවතියේය


තත්ත්වය දැන් සන්සුන් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.


බන්ධනාගාර ආරංචි මාර්ග කියනුයේ මරණීය දණ්ඩනය නියමු වූ පිරිස් මාංචු දමා එළියට ගෙන සෝදිසිය ආරම්භ කරද්දී ඊට එරෙහිව සිරකරුවන් නැගී සිටි බවයි. ඉන් පසු තත්ත්වය ක්‍රමයෙන් උග්‍ර විය.
 

බන්ධනාගාර කැරැල්ලෙන් 11 ක් මරුට...
2012 නොවැම්බර් මස 09 22:12:33

බන්ධනාගාරයේ සිට කොළඹ ජාතික රෝහලට 40 දෙනකු ගෙන ආ බවත් රෝහලට ගෙන එන විටත් ඉන් 11 දෙනකු මියගොස් ඇති බවත් හය දෙනකුගේ තත්ත්වය බරපතල බවත් ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. බන්ධනාගාරය අසළ රැඳී සිටින මාධ්‍යවේදීන් පවසන්නේ තවමත් ඉදහිට පිපිරීම් ශබ්ද ඇසෙන බවයි.

බන්ධනාගාර ගැටුමෙන් සිරකරුවන් 10 දෙනෙකු මිය ගිහින්...
2012 නොවැම්බර් මස 09 21:12:33
වැලිකඩට බන්ධනාගාරයේ කලබලයක්...

හිරකරුවෝ 9ක් මිය යති...

වැලිකඩට යුද ටැංකිත් ගෙන එයි... 

සිරකරුවන් පිරිසක් තාප්පය කඩාගෙන පැනලා?

විශේෂ කාර්ය බලකාය යොදවා වැලිකඩ බන්ධනාගාරයේ අද සවස සිදු කළ මෙහෙයුමකින්  පසු රැඳවියන් පිරිසක් කළබලකාරී ලෙස හැසිරීම නිසා එම තත්ත්වය පාලනය කිරීමට අමතර පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි පොලිසිය කියයි.

එයට සිරකරුවන් එයට විරෝධය පල කර තිබෙන අතර එහිදී ගැටුමක් ඇතිවී තිබෙන්නේ චැපල් වාට්ටුව පරීක්ෂා කිරීමට සැරසෙන අවස්ථාවේදීය.


ආරක්ෂක හමුදා විසින් රබර් උන්ඩ යොදාගන සිරකරුවන්ට වෙඩි තබා තිබෙන අතර සිරකරුවන් බන්ධනාගාර අවි ගබඩාව කඩා අවි රැගෙන වහලට නැග විශේෂ කාර්ය බලකාය සෙබළුන් වෙත වෙඩි තබා තිබෙනවා.

දෙපැත්තෙන් එල්ලවන වෙඩි හඬවල් මැද පුද්ගලයන් 35 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් 6 දෙනෙකු තත්ත්වය බරපතල වන අතර රැඳවියන් 9 දෙනෙකු මේ වනවිට මිය ගොස් තිබේ

වෙඩි වැදීමෙන් හා ගල් ප්‍රහාරවලින් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ 8 දෙනෙක් ද, මාධ්‍යවේදියෙක් ද, බන්ධනාගාර නියාමකවරු තිදෙනෙක්ද රෝහල් ගතකර තිබේ.

වෙඩිතැබීම් වන අවස්ථාවේ සිරකරුවන් පිරිසක් පැන යන්නට ඇතැයි විශ්වාස කරන අතර මේ වනවිට විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් වැලිකඩ බන්ධනාගාරය වට කර තිබේ.

බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති හමුදා නිළධාරීන් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්.සී. රණවන මහතා ද වේ. මේ මොහොතේ ඔහු ශල්‍යකර්මයකට භාජනය කරමින් සිටී.



කලුවරේ වෙඩි තබාගන්නා වීඩියෝ පහතින්..

















 
සිරකරුවන් පිරිසක් තාප්පය කඩාගෙන පැනලා?  
2012 නොවැම්බර් මස 09 20:33:24

හිරගෙදර කැරැල්ලට සම්බන්ධ හිරකරුවන් පිරිසක් පිටුපස තාප්පය කඩාගෙන පැන යන්නට ඇතැයි බන්ධනාගාර නිලධාරීන්ට සැකයක් පවතී. සිරකරුවන් වෙඩි තබද්දී තවත් පිරිසක් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන  පැන ගියේ දැයි සැකයක් පවති.



සිරුරු 9ක් ජාතික රෝහලට.  
2012 නොවැම්බර් මස 09 20:50:01

අද රාත්‍රි 8.30 පමණ වන විට සිරකරුවන්ගේ මළ සිරුරු නමයකට වැඩි ප්‍රමාණයක් කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බව ආරක්ෂක අංශ කියයි.
තුවාල ලැබූ 35ක් පමණ රෝහල් ගත කර ඇතැයි ද, ඉන් හය දෙනෙකුට වැඩි පිරිසක් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් බවද, තුවාල ලැබූ හය දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද, නියෝජ්‍ය පොලිස්පති ආර් ඩබ් එම් සී රණවන මහතා හා තවත් කිහිප දෙනෙක් ශල්‍යකර්මවලට භාජනය කළ බව ද කොළඹ ජතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා කියයි.


හිරකරුවෝ 9ක් මිය යති.  
2012 නොවැම්බර් මස 09 20:44:55

බන්ධනාගාර රැඳවියන්ගේ සිරුරු අටක් කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බව රෝහල් ආරංචි කියයි. තුවාල ලැබූ තිස් දෙදෙනෙක් රෝහලට ඇතුලත් කරනු ලැබ සිටිති.

වැලිකඩ යළිත් වෙඩි පත්තුවේ.  
2012 නොවැම්බර් මස 09 20:21:24

මද විරාමයකින් පසුව අද රාත්‍රී 8.15 ට පමණ යළිත් වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි හුවමාරුව ඇරඹුණු බව එහි සිටින මාධ්‍යෙව්දීහු කියති. වෙඩි හුවමාරුව ඇරඹුණේ පැය දෙකහමාරකට පමණ කලිනි. ආරක්ෂක අංශ ඉතා සංයමයෙන් තත්වයට මුහුණදෙන බව දැනගන්නට ඇත.

වැලිකඩට යුද ටැංකිත් ගෙන එයි.   
2012 නොවැම්බර් මස 09 20:33:24

වැලිකඩ කැරැල්ල මැඩ පැවැත්වීමට යුද ටැංකි ද මින් මද වේලාවකට කලින් එහි ළඟා විය. පොලිසියේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ හා යුද හමුදාවේ සන්නද්ධ භටයෝ 2000ක් පමණ හිරගෙදර අවට රඳවනු ලැබ සිටිති.  බන්ධනාගාරය ඇතුළේ තුවාලකරුවන් හෝ බරපතල තුවාල ලබූවන් සිටිය හැකි බව වාර්තා වෙයි.

වැලිකඩට යුද හමුදාව කැඳවයි.  
2012 නොවැම්බර් මස 09 19:35:06

බන්ධනාගාර කැරැල්ල මැඩීමට මින් මද වේලාවකට කලින් යුද හමුදාව කැඳ වීය. බන්ධනාගාරයේ කොටසක පාලනය සිරකරුවන් විසින් අල්ලා ගන්නා ලදැයි වාර්තා වෙයි.

එස්.ටී.එෆ්. අණ දෙන නිලධාරියාටත් වෙඩි වදි.  
2012 නොවැම්බර් මස 09 19:30:2

පැයකට ආසන්න කාලයක් බන්ධනාගාර සැකකරුවන් හා ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරු වන බවත් පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්.සී. රණවන හා ප්‍රධාන පොලිස් පරික්ෂක දිමුතු සමරනායක  මහත්වරුන් මින් මද වේලාවකට පෙර වෙඩි වැදි තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 

ඒ සිද්ධියෙන් පසුව ද වෙඩි ප්‍රහාර නතර වී නැත. සිරකරුවන් බේස්ලයින් පාර දෙසට අඩුම ගණනේ  වෙඩි ප්‍රහාර 200ක තබන්නට ඇතැයි ආරක්ෂක අංශ කියයි. අවිගබඩාව කඩා  වහලට ගෙන ගිය අවි වලින් වැඩිහරියක් වෙඩි තැබීමට නොහැකි ඒවා බව ද දැනගන්නට ඇත.

බන්ධනාගාර වෙඩි හුවමාරුවෙන් 13 රෝහලේ.  
2012 නොවැම්බර් මස 09 18:57:27

වෙඩි වැදීමෙන් හා ගල් ප්‍රහාරවලින් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ හය දෙනෙක් ද, සිරකරුවන් දෙදෙනෙක්ද, මාධ්‍යවේදියෙක් ද, බන්ධනාගාර නියාමකවරු තිදෙනෙක් ද කොළඹ ජාතික රෝහලට අතුළත් කරනු ලැබ සිටිති.

බන්ධනාගාරය දෙසින් වෙඩි වර්ෂාවක්.  
2012 නොවැම්බර් මස 09 18:25:25

බන්ධනාගාරය දෙසින් මේ වන විට වෙඩි වර්ෂාවක් එල්ලවන බව අප වාර්තා කරුවෝ කියති.

රැඳවියෝ බන්ධනාගාර අවි ගබඩාව කඩති?  
2012 නොවැම්බර් මස 09 17:56:01

වැලිකඩ බන්ධනාගාරයේ චැපල් හා එල් වාට්ටවල සෝදියේදී කලහකාරී ලෙස හැසිරිණු රැඳවියන් බන්ධනාගාරයේ අවි ගබඩාව කඩා ගිනි අවි රැගෙන අවි අමෝරා ගෙන සිටිතියි  බන්ධනාගාරය කියයි.

රැඳවියෝ පොලිසියට ගල් මුල් ගසති.   
2012 නොවැම්බර් මස 09 17:45:58

චැපල් වාට්ටුවේ සිටි රැඳවියන් බුද්ධි අංශ හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට ගල්මුල් ප්‍රහාර එල්ල කරන බවත් තුවාල ලැබූ රැඳවියකු රෝහල් ගත කළ බවත් බන්ධනාගාර ආරංචි කියයි.

බන්ධනාගාර වාට්ටුවකට කඳුළු ගෑස්.   
2012 නොවැම්බර් මස 09 17:35:42

දුරකතන ඇතුලු තහනම් ද්‍රව්‍ය සෙවීම සඳහා බන්ධනාගාර බුද්ධි අංශ සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඇරඹූ සෝදිසියේ දී චැපල් වාට්ටුවේ රැඳවියන් කලබල කිරීම නිසා ඔවුන් මර්දනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. එල් වාට්ටුව ද සෝදිසි ඉලක්කයක් විය. මත්ද්‍රව්‍ය ද ජංගම දුරකතන ද එහිදී සොයා ගත හැකි විය. මේ සිද්ධියත් සමග බොරැල්ල ප්‍රදේශයේ අධික වාහන තදබදයක් ඇති විය.

වැලකඩ බන්ධනාගාරයේ කලබලයක්?    
2012 නොවැම්බර් මස 09 17:21:08

විශේෂ කාර්ය බලකාය යොදවා වැලිකඩ බන්ධනාගාරයේ අද සවස සිදු කළ මෙහෙයුමකින්  පසු රැඳවියන් පිරිසක් කළබලකාරී ලෙස හැසිරීම නිසා එම තත්ත්වය පාලනය කිරීමට අමතර පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි පොලිසිය කියයි.


















 
Related Posts with Thumbnails