Ads 468x60px

.

ලොව විශාලතම උකූළ හිමි තැනැත්තිය - මිකෙල්

තම අවශ්‍යතා සදහා විශාල ට‍්‍රක් රථයක්... 

මම කොහේ ගියත් මිනිසුන්ගේ අවධානය දිනා ගන්නවා...

මිකෙල් රුෆිනෙල්ලිගේ වසය අවුරුදු 38 කි. දරුවන් සිව් දෙනෙකුගේ දයාබර මවක් වන මිකෙල් ලොව පුරා ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලොව විශාලතම උකූළ හිමි තැනැත්තිය (World's Biggest Hips) වශයෙනි.

වාර්තා වන ආකාරයට මිකෙල්ගේ උකුළේ වටප‍්‍රමාණය අඩි 8 ටත් වඩා වැඩිය. මේ නිසා ඇයට සාමාන්‍ය දොරකින් ඇතුල් විය නොහැකිය.

ගුවන් යානයක යන්නේ නම් ආසන 2 ක් වෙන්කර ගත යුතුය. මෝටර් රථයකට ඇතුළු වීමටවත් නොහැකි මිකොල් විශාල ට‍්‍රක් රථයක් තම අවශ්‍යතා සදහා යොදා ගනි.

මෙවැනි කරදර රැසකට මුහුණ දුන්නද මිකෙල් තම අසාමන්‍ය උකුළ ගැන ආඩම්බර වෙයි. එය අඩුකර ගැනීමට අවශ්‍ය නොවන බව පවසයි.

මම කොහේ ගියත් මිනිසුන්ගේ අවධානය දිනා ගන්නවා. සමහර වෙලාවට මම පාර දිගේ ඇවිදගෙන යනකොට මට පිටුපසින් ඇසෙනවා කැමරා කි‍්‍රයාකරන ශබ්දය. ඒ වගේම මිනිසුන් සිනාසෙන හඩ. කොහොම වුනත් හොද හෝ නරක දෙආකාරයෙන්ම මම ඔවුන්ගේ අවධානය දිනා ගන්නවා යනුවෙන් මිකෙල් රුෆිනෙල්ලි සිනාසෙමින් පවසයි.









 
Related Posts with Thumbnails