Ads 468x60px

.

කොළඹ ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් නිල ඇඳුමින් පොල්ගහවෙල පාසලක කාන්තා වැසිකිළියක

පොල්ගහවෙල ප්‍රසිද්ධ පාසලක කාන්තා වැසිකිළියක් තුළ සිටියදී අල්ලා ගනු ලැබූ බව කියන කොළඹ ජනප්‍රිය විද්‍යාලයක ඉගෙනුම ලබන උසස් පෙළ සිසුවකු පෙරේදා (24දා) පොල්ගහවෙල පොලිසියට භාර දී තිබෙනවා.

මීට පෙර අවස්ථාවකදී පොල්ගහ වෙල පාසලේ කාන්තා වැසිකිළියක් තුළ සිටි නිරුවත් පුද්ගලයකු සිසු වියන් බියගන්වා පලාගිය බවටත්, තවත් අවස්ථාවකදී එම පාසලේ කාන්තා නේවාසිකාගාරය අසල නිරුවත් පුද්ගලයකු සැරි සරමින් සිටි බවටත් වාර්තා වීම නිසා වඩාත් විමසිලිමත්වී ඇති එම විද්‍යාලයේ ගුරුවරුන්ට පෙරේදා උදෑසන පාසල් නිල ඇඳුමෙන් සැරසී කාන්තා වැසිකිළිය තුළ සැඟවී සිටි මෙම සිසුවා අල්ලාගැනීමට හැකි වී
තිබෙනවා.

අල්ලාගත් සිසුවාගෙන් පාසල් විදුහල්පතිවරයා සහ ගුරුවරුන් කළ ප්‍රශ්න කිරීම්වලදී මීට පෙර සිදුවීම්වලදීත් පැන දිව්වේ තමා බවට පාපෝච්චාරණය කර ඇතැයිද අප වෙත වාර්තා වෙනවා.

සිසුවාගෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලදී තමා කොළඹ ජනප්‍රිය විද්‍යාලයක වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන සිසුවකු බවත්, 12 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටින බවත් ප්‍රකාශ කර
තිබෙනවා

සිය මවුපියන් පෞද්ගලික අංශයේ ඉහළ රැකියාවල නියුතු වූවන් බවත්, පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වී සිටින බවත්, පාසල් එන බව අඟවා නිවෙසින් පිටත් වී දුම්රියෙන් පොල්ගහවෙලට පැමිණ මෙම පාසලේ කාන්තා වැසිකිළිය තුළ සැඟවී සිටි බවත් ප්‍රකාශ කර තිබෙනවා. මෙම සිසුවා ළඟ තිබී කොළඹ ඔහුගේ පාසලින් නිකුත් කරන ලද සිසු හැඳුනුම්පතක් ද සොයාගෙන තිබෙනවා.

මෙම සිසුවා යම් මානසික ආබාධයකින් පසුවන බව පෙනී ගිය බැවිනුත්, සුදුසු පියවරක් ගැනීම සඳහාත් අල්ලාගත් සිසුවා පොල්ගහවෙල පොලිසියට භාරදීමට අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයා කටයුතු කර
තිබෙනවා.
 
Related Posts with Thumbnails