Ads 468x60px

.

පෙම්වතියත් එක්ක ෂොපින් කරද්දී මාලකට පහර දුන්නේ කවුද...?

උඹද මාලක කියන්නේ.... 

ගනුදෙනුවක්‌ තියෙනවා බේරා ගන්න...

වරෙන් යන්න.... 

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා පහරදීමක් හේතුවෙන් නවලෝක රෝහලට ඇතුලත් කර තිබෙනවා. කිසිවෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම නිසා මාලක සිල්වා මහතාගේ මුහුණට හානී සිදුවී ඇති බවත් ඔහු ස්කෑන් පරීක්ෂණයකට යොමු කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

එම පහර දීම නිසා මාලක සිල්වාගේ හිසට තුවාල කිහිපයක් සිදුව ඇතැයිද සඳහන්. කොළඹ නගර ශාලාව ආසන්න ඔඩෙල් රෙදිපිලි වෙළඳ සැලේ රථ ගාලේදී මෙම සිද්ධිය සිදුව ඇති බවද පැවසෙනවා. ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින් පැමිණී කණ්ඩායමක් විසින් මෙම පහර
දීම සිදු කර ඇති බවද දැනගන්නට ලැබී තිබෙනවා.  

මේ අතර ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාට පිහියෙන් ඇන, පහරදුන්නේ ආරක්ෂක අංශ සාමාජිකයෙක් දැයි සැකයක් මතුවී
ඇතැයි වාර්තා වෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ, අදාළ පහර දීම සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

සිද්ධිය වූ 'ඔඩෙල්' සාප්පු සංකීර්ණයේ  දැඩි  පොලිස් මුර යොදා, මාධ්‍යයට එහි ඡායාරූප ගැනීමට ද අවහිර කර තිබෙනවා. ඔහුට පහර දුන් පිරිස  WP - AI 5213  අංකය දරණ ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථයකින් ආ බව ස්ථිර නොවූ වාර්තාවලින් කියැවෙනවා. යුධ හමුදා මේජර්වරයකුට පහරදීම සම්බන්ධයෙන් මාලක සිල්වා මහතා මිට පෙර චෝදනා ලබා සිටියේය.


එහි තවත් විස්තර පහතින්

මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත්‍රයා වන මාලක සිල්වාට ඊයේ (29 වැනිදා) සවස 4.15 ට පමණ කොළඹ පුරහල ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි වෙළෙඳසලකදී එල්ල වූ ප්‍රහාරයක්‌ හේතුවෙන් දැඩි ලෙස තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

ඇඟලුම් ආයතනයේ පිටුපස රථගාලේදී සිදුවූ බහින්බස්‌වීමක්‌ අතරතුර පුද්ගලයන් දසදෙනකුගෙන් සමන්විත පිරිසක්‌ මාලක සිල්වා මහතා වටකර මෙම පහරදීම සිදුකර ඇත.

මාලක සිල්වා ඇඟලුම් ආයතනයෙන් එළියට පැමිණෙන විට උඹද මාලක කියන්නේ.... ගනුදෙනුවක්‌ තියෙනවා බේරා ගන්න... වරෙන් යන්න.... කියා පහරදුන් පිරිස ඔහුව පැහැරගෙන යැමට උත්සාහ කර තිබේ.

එම අවස්‌ථාවේදී මාලක සිල්වා සහ පිරිස අතර බහින්බස්‌වීමක්‌ ඇති වී තිබේ. පසුව ඔහුව පැහැරගන යැමට පැමිණි පිරිස වතුර බෝතල්වලින්, සපත්තුවලින් හිසට හා මුහුණට දැඩි ලෙස පහරදී ඇත.

පහර දීමට පැමිණි පුද්ගලයන් ඩිෙµන්ඩර් රථයකින් පැමිණ තිබෙන අතර, එම රථය ජනාධිපති ආරක්‍ෂක අංශයට අයත් වාහනයක අංකයකට සමානව ව්‍යාජ ලෙස සකසා තිබී ඇතැයි මූලික පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

මෙම පහරදීමෙන් මාලක සිල්වා මහතාගේ මුහුණට සහ හිසට බරපතල තුවාල සිදුව තිබේ. මේ හේතුවෙන් ඊයේ පස්‌වරුවේම ඔහුව විශේෂ ස්‌කෑන් පරීක්‍ෂණයකට භාජන කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දැඩිසත්කාර ඒකකය වෙත යොමු කර තිබිණි.

මෙම පහරදීම සිදුවන අවස්‌ථාවේ එම ඇඟලුම් ආයතනයේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ අදාළ සිදුවීම සටහන්ව ඇති බැවින් ඒ ඔස්‌සේ පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කළ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා පැවසීය.

ජීප් රථයක නැගී පැමිණි දසදෙනකු පමණ එක්‌වී මාලක සිල්වාට මෙලෙස පහර දෙන විට ඔහුගේ පෙම්වතියද ළඟ සිට ඇත. මෙම පහරදීමෙන් ඇයට තුවාල සිදුවී නැතැයි පරීක්‍ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි. පහරදීම සිදු කළ පිරිස පළාගොස්‌ ඇත.

පහරදුන් පිරිස එම මෝටර් රථ අංගනයේ ආරක්‍ෂක නිලධාරියකු සතුව තිබූ බෝතලයක්‌ද ගෙන මාලක සිල්වාට දිගින් දිගටම පහර දී ඇතැයි ද පොලිසියට තොරතුරු ලැබී ඇත. පළාගිය පිරිස කවුරුන්ද යන්න මෙතෙක්‌ සොයාගෙන නොතිබිණි.
 
Related Posts with Thumbnails