Ads 468x60px

.

මෛත‍්‍රිපාලට එස්.බී දිසානායක ප‍්‍රසිද්ධියේ ‘පොන්නයා’ කියලා (වීඩියෝ)


උසස් අධ්‍යාපනය වැනි භාරධූර විෂයකට තමන්ගේ ඇති සුදුසුකම් තව තවත් ප‍්‍රදර්ශනය කරමින් අපරටේ උසස් අධ්‍යාපන ඇමතිවරයා අද (24) දිනයේ මාධ්‍ය හමුවේ තමන්ගේ ජුගුප්සාජනක වචන භාවිතය නැවතත් දිග හැර තිබෙනවා. 

ඒ අනුව අද පැවති සන්ධාන මාධ්‍ය හමුවේදී උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක ජනාධිපති අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ප‍්‍රසිද්ධියේ ‘පොන්නයා‘ ලෙස දෝෂාරෝපණය කර තිබෙනවා.

“ෆොන්සේකා කොහොමද ආවෙ? මමයි යුද්ධෙ දිනුවෙ මහින්ද නෙවෙයි. මට ඡන්දෙ දෙන්න, එහෙමයි ෆොන්සේකා ආවෙ. රනිල් ආවෙ කොහොමද? මම අධ්‍යාපන පනත ගෙනාවා, මම අධ්‍යාපන පරිපාලන
සේවා හදුන්වලා දුන්නා, මම මේවා කලා, මම මේවා කලා. පේ‍්‍රමදාස ආවෙ කොහොමද? මම මේ රටේ මිනිස්සුන්ට ගෙවල් හැදුවා.

මේ රටේ මට අරකත් බැරි උනා. මේකත් බැරි උනා, උනා. මේකත් බැරි උනා, උනා. මේකත් බැරි උනා, මට ඡන්දෙ දෙන්න කියලා රාජ්‍ය නායකයෙක් ඡන්දෙ ඉල්ලන්න ආපු එකෙක් ඉන්නවයැ, මෙන්න මේ පොන්න හාදයා ඇරෙන්න…”

එහි වීඩියෝ දර්ශන පහතින් බලන්න…



මීට පෙර සතියේද එස්.බී. දිසානායක නම් අප රටේ උසස් අධ්‍යාපන ඇමතිවරයා හිටපු ජනාධිපතිනියක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියව රෙදි ගලවා, නිරිවත් කොට පිස්සු හැදෙන තුරු පාරේ ඇදගෙන යා යුතු බව කියා සිටියා. 

එම පුවත පහතින්,

 
Related Posts with Thumbnails