දස හැවිරිදි සාමණේර හිමිනමක් අපයෝජනයට ලක්කළ බව කියන හතලිස් තුන්වියැති හිමිනමක් වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බුද්ධි ශ‍්‍රී රාගල මහතා වෙත
ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23
වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
සාමණේර හිමිනම දානයකට වැඩම කළ අවස්ථාවක දී සිය
විහාරස්ථානයට කැඳවාගෙන ගොස් සැකකාර හිමිනම විසින් විටින්විට මේ අපරාධය සිදු කර ඇතැයි පොලිස් මූලික පරීක්‍ෂණ වලින් හෙළිවී තිබේ.
මෙම අපරාධය හේතුවෙන් සාමණේර හිමියන්ට තුවාලවලද සිදුවී ඇති අතර සැකකාර හිමිනම සාමණේර හිමිට ප‍්‍රතිකාර කර ඇතැයි ද පැවසේ.අපයෝජනයට ලක්වූ සාමණේර හිමිනම කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන බව පැවසේ.