Ads 468x60px

.

පානදුර ගිලුණු නෞකාවේ තෙල් මේ වනවිට මීගමුව දෙහිවල, රත්මලාන, වැල්ලවත්ත වෙරළට...

ගෝල්ෆේස් වෙරල තීරයට පැමිණ රැල්ල පෑගීම අවදානම්.....ආපදා කලමණාකරන මධ්‍යස්ථානය ජනතාව දැනුවත් කරයි...

යකඩ කොටස් කිහිපයක් ඊයේ බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල වෙරළට. ඒවා දැක ගැනීමට පිරිස් රොක් වෙයි.

පානදුරේ මුහුදේ නැංගූරම්ලා තිබියදී මුහුදු බත් වු නෞකාවෙන් සිදුවන ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඒ අනුව ගල්කිස්සේ සිට මීගමුව දක්වා වෙරළ තීරයට බලපැවැත්විය හැකි එවැනි තෙල් කාන්දුවක් පිළිබඳ තොරතුරු වාර්තා වුවහොත් දුරකතන අංක

0718407395 යන අංකයට දැනුම් දෙන ලෙස එම දෙපාර්ත‍ම්න්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


පානදුර වෙරලේ අවුරුදු 3ක් පමණ නැංගුරම් දා තිබූ "තර්මෝපිලී සියෙරා" නෞකාව පෙරේදා ගිලී යන අවස්ථාවෙ එහි තෙල් ටොන් 70ක් පමණ ඉතිරිව තිබුණා.තෙල් පැතිරීම වැලැක්වීමට දිය මත පාවෙන සමුද්‍රීය ආරක්ෂක වැටවල් නැව වටා සවිකරන බව වාර්තා වුවද ගිලුණු නැවේ එම තෙල් මේ වනවිට මීගමුව දක්වා පැතිරෙමින් පවතින අතර අද උදෑසන වනවිට දෙහිවල, රත්මලාන, වැල්ලවත්ත වෙරළට ගොඩ ගසා තිබෙන බව බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවා.

ඊයේ දහවල් වනවිට ආපදා කලමණාකරන මධ්‍යස්ථානය ජනතාව දැනුවත් කළේ ගෝල්ෆේස් වෙරල තීරයට පැමිණ රැල්ල පෑගීම අවදානම් සහිත බවයි.

මෙම විනාශයේ වගකීම බාරගැනීමට කිසිවෙක් නැති අතර තෙල් හම්බන්තොට දක්වාද පැතිරීමට තිබෙන බව නිවේදනය කර ඇත. ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් 80%ක් පමණ පිරිසක් නවාතැන් ගැනීමට වෙරළ තීරය තෝරාගන්නා නිසා එය සංචාරක කර්මාන්තයටද බලවත් පහරකි

තෙල් කාන්දුව ගැඹුරු මුහුද දෙසට පැතිර යන බව වාර්තා වුවද මේ වනවිට වෙරළ තීරයටද පැමිණෙමින් තිබෙන නිසා දැඩි පාරිසරික හානියක්‌ සිදුවිය හැකිය. ඉන් සිදුවන ස්වභාවික විනාශට සුළු පටු නොවන අතර එමඟින් බොහෝ මුහුදු ජීවීන් හා මුහුදු ශාකද මියයාම සිදුවිය හැක.

නෞකාවෙන් වෙන් වූ බවට සැක කෙරෙන යකඩ කොටස් කිහිපයක් ඊයේ බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල වෙරළට පාවී පැමිණ තිබෙන අතර ඒවා දැක ගැනීමට පිරිස්ද රොක් වී සිටියා.අප වෙත ලැබුණු එම කොටස් වල ජායාරූප කිහිපයක් පහතින්.






 

වසර ගනනාවක් මුහුදේ දිරාපත්වෙමින් පැවතුන යකඩ කොටස් කිහිපයක් පහතින්. නැව මුහුදු බත් වූයේ මෙම යකඩද සමඟය






 
Related Posts with Thumbnails