Ads 468x60px

.

සරත් ෆොන්සේකා මහතාට වසර තුනක බරපතල වැඩ සහිත සිර දඬුවම්

සුදු කොඩි සිද්ධියට අදාළ නඩුවේ වරදකරු බවට පත්කරමින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට වසර තුනක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 5,000 ක දඩ මුදලක් කොළඹ මහාධිකරණ ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මීට සුළු මොහොතකට පෙර නියම කළහ. රුපියල් 5,000 දඩ මුදල නොගෙවන්නේ නම් ඊට තවත් මාස 6ක සිර දඬුවම් කාලයක් ද ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළහ.මෙම තීන්දුව ප‍්‍රකාශයට පත්වූයේ ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ලේ දිපාලි විජේසුන්දර (සභාපති විනිසුරු), ඉසෙඞ්. රෂින් යන මහත්ම මහත්මීන්ගේ ඒකමතික තීරණය මත වන අතර ඩබ්ලිව්. ටී. එම්.පී.බී. වරාවැව මහතා ෆොන්සේකා මහතා චෝදනාවලින් නිදොස් කොට යුතු බව පෙන්වා දුන්නේය.
මෙම නඩුව වසරකට ආසන්න කාලයක් මහාධිකරණයේ විභාගයට ගැනිණි.මෙහි වග උත්තරකරුවා ලෙස හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නම්කර තිබිනි.මෙම නඩුවෙන් රජය වෙනුවෙන් නීතිපතිවරයා චෝදනා ගොනු කරමින් පවසා තිබුණේ ශ‍්‍රී ලංකා හමුදාවට යටත් වීමට පැමිණෙන එල්.ටී.ටී.ඊ සාමාජිකයන් හට වෙඩි තබන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හට නියෝග දුන් බව සරත් ෆොන්සේකා මහතා සන්ෙඬ් ලීඩර් පුවත්පතට පවසා ඇති බවයි.එම පුවත සංස්කරණය කර ඇත්තේ සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ෆෙඩ්රිකා ජෑන්ස් විසිනි.
 
Related Posts with Thumbnails