වෛර නොකරමු යන තේමාව යටතේ තම සමාගම ප‍්‍රසිද්ධ කළ බැනරයට වතිකානුවෙන් මෙතරම් අප‍්‍රසාදයක් එල්ල වෙතියි අපේක්‍ෂා නොකළ බව සමාගමේ සභාපති ඇලෙක්සැන්ඩර් බෙනටන් පවසයි. පසුව බැනරය ඉවත් කැරිණි. වෛර නොකරමු යන තේමාව යටතේ මෙයට ප‍්‍රථම එම සමාගම විසින් ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා, චීනයේ ජනාධිපති හූ ජින් තා ඕ සමගත්, වැනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් සමගත් එවැනි ආකාරයට සිප වැළඳගත් බැනර යුරෝපය පුරා ප‍්‍රදර්ශනය කැර ඇත.



